සිනමා සිලෝන් ඇරැඹෙයි

පෙබරවාරි 4, 2021

මෙරට සිනමාපට ලොව පුරා විසිර සිටින ප්‍රේක්ෂකයින්ට නිවසේ සිට නැරැඹීමට අවස්ථාව උදා කිරීමේ අරමුණ ඇති ව ආරම්භ කළ සිනමා සිලෝන් අඩවියේ සමාරම්භය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. තුසිත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙම කර්තව්‍යය ඔස්සේ නවතම සිනමාපට නැරැඹීම මෙන්ම නවක සිනමාකරුවන්ට සිය සිනමා නිර්මාණ නිෂ්පාදනයටද අවස්ථාව උදා කර දෙනු ඇත. මෙහි ආරම්භය සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පැල්පොල විපස්සි හිමියෝ හෙළ සිනමා කිවිඳීය සුමිත්‍රා පිරිස් සහභාගී වූ අතර මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රමුඛ ඇය සමඟින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් ද මේ සඳහා එක් වූහ.

ඡායාරූප සුදම් ගුණසිංහ