වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
ඡත්ත මානවක රිකීෆ්ලික්ස් හරහා

ක්රිෂාන්ත වීරමන් අධ්යක්ෂණය කළ කුමරු ඡත්ත මානවක සිනමාපටය ඊයේ එනම් පෙබරවාරි 04වැනිදා සිට රිකීෆ්ලික්ස් ඇප් එක සහ එනමින් ඇති වෙබ් අඩවිය හරහා මුදා හරිනු ලැබීය. ඒ අනුව රිකීෆ්ලික්ස්හි ප්රදර්ශනය ආරම්භ වන දෙවැනි සිනමාපටය වන්නේ කුමරු ඡත්ත මානවකයි. මීට ප්රථම චන්ද්රරත්න මාපිටිගම අධ්යක්ෂණය කළ ප්රීති ඇන්ඩ් ජෝයි සිනමාපටය එහිදී මුදා හරිනු ලැබිණි. කුමරු ඡත්ත මානවක සිනමාපටය රිකීෆිල්ස් මුදා හැරීමෙන් අනතුරුව මෙරට සිනමාශාලාවන්හි තිරගතවීමට නියමිතය. අමරසිරි කලංසූරිය, ශිරාණි නුගේරා, සුමිත් මුදන්නායක, හෂාන් රත්නායක, සමන් සුජීව, ප්රියන්ක ගුණසේකර, ලාල් හපුආරච්චි, ගායනා ප්රියාෂ්වරී, ප්රියන්ත වීරසිංහ, ගවේෂ් හසරංග, ගුවනි අභිමංසා, සුනෙර සහන් නිල්මිත, දෙවිඳු බිම්සර, නිහාරා සත්සරණී, නෙතුලි සෙහන්සා සහ අරූෂා සේනානායක මෙහි චරිත රඟති. කැමරා අධ්යක්ෂණය සුජිත් නිශාන්තගෙනි. සමන් සුජීව කලා අධ්යක්ෂවරයාය, ශාන් අල්විස්ගේ සංස්කරණයකි, දර්ශනී පෙරේරා සහාය අධ්යක්ෂණයෙන් දායක විය. සමීර සුබසිංහ සංගීත අධ්යක්ෂවරයාය, විධායක නිෂ්පාදනයෙන් ප්රියංක ගුණසේකර එකතු විය, කෝරලගේ උපතිස්ස නිෂ්පාදන සහායකවරයාය. කුමරු ඡත්ත මානවක සත්සර ෆිල්ම්ස් නිෂ්පාදනයකි.