ජීවන්ගේ ජීවා රූපගත කිරීම් නිමයි

පෙබරවාරි 4, 2021

ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංගගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ජීවා සිනමාපටයේ සියලු රූගත කිරීම් පසුගියදා නිමාවිය. ජීවන් කුමාරතුංග විසින්ම ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආර්යන්, මීනා කුමාරි, කුමාර රණපුර, සරත් දික්කුඹුර, ගයාන් මාපලගම, ආනන්ද අතුකෝරාල, රෝහිත ඩයස්, සුදත් විජේසේකර ඇතුළු නළු නිළියෝ රැසක් චරිත රංගනයේ යෙදෙති. කැමරා අධ්‍යක්ෂණය තිසුල දීප තඹවිටගෙනි. චන්දන එදිරිසිංහ සහාය අධ්‍යක්ෂවරයාය. ධනුෂ්ක හුලංගමුව අංග රචනයෙන් දායක විය.

සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන්ද වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන්ද නිෂ්පාදන කළමනාකරණයෙන් සුසන්ත කැලුම්ප්‍රිය සමගින් චාමර උපේක්ෂිතද ජීවා සඳහා දායක වී තිබේ. සුනිල් ධර්මසේනගේ සංගීත අධ්‍යක්ෂණයකි. රොඩ්නි විදානපතිරණ, උපාලි බණ්ඩාර වීරසේකර සහ පූජිත ගුණතිලක ගීත රචකයෝය. චින්තා සන්දීපනී, චාමර උපේක්ෂිත, යූ. ජී.එරංග සමගින් රෙසංජනී තමෝද්‍යා එදිරිසිංහ ගායනයෙන් දායක වූහ. කැලුම් ආර්යන්ගේ තිරරචනයකි. තිකෝ ෆිල්ම් වෙනුවෙන් තිළිනි ප්‍රියමාලි සහ ඉසුරු ධම්මික බණ්ඩාර ජීවා නිෂ්පාදනය කොට ඇත. ටෙරාන් නානයක්කාර සහ ශාන් වින්‍ රූ නිශ්චල ඡායාරූප ශිල්පියෝය.