වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
කීර්තිගෙන් සද්කාර්යයක්

ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවල් මෙවර තම උපන්දිනය සමරනු ලැබූවේ මහරගම අපේක්ෂා රෝහලේ මෙතෙක් අඩුවක්ව පැවති ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය ජනතා අයිතියට පත්කරමිනි.
වමේ සිට නීතීඥ නිරංගා, නෙලුම් ජයවීර, වෛද්‍ය වසන්ත, කීර්ති
ඔහුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද හෙල්ප් සර්කල් ආයතනය මගින් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත.මේ අවස්ථාව සඳහා අපේක්ෂා රෝහල අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක, හෙල්ප් සර්කල් ආයතනයේ අධ්යක්ෂවරුන් වන නීතිඥ නිරංගා නානයක්කාර, නෙලුම් ජයවීර සහ වෛද්‍ය අරුන්දතී කුරුකුලසූරිය, ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ, විශේෂඥ වෛද්‍ය සුසිල් අටලේ, මර්ටාෂා ටාජ්බෝයි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.