ඔය රෝස දෙතොල් සමඟ එන මර්වින් ක්‍රිස්ටි

පෙබරවාරි 4, 2021

ගායකයෙකු ලෙස කටයුතු කරන ඔහුගේ නම මර්වින් ක්‍රිස්ටි.

 

ඔබ ක්ෂේත්‍රයට ආ විදිහ ගැන කතා කළොත්?

පාසල් යන කාලෙ ඉඳල ගායනයට මම බෙහෙවින්ම ආසයි. අධ්‍යාපනයෙන් අනතුරුව බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. එකේ නම රෙමේඩියන්ස්. මගෙ ගම රාගම, කුරුකුලාව. ගමේ හිටපු ලක්ෂ්මන් කන්නංගර ඇතුළු යාළුවො සෙට් එකක් තමයි බෑන්ඩ් එක හදා හදාගත්තෙ. ලක්ෂ්මන් කන්නන්ගර කියන්නේ අද ලංකාවේ ඉන්න දක්ෂතම ලීඩ් ගිටාර් වාදකයෙක්. ඊට පසුව මම කණ්ඩායම් කිහිපයකම නිත්‍ය ගායකයා විදිහට කටයුතු කළා. ඒ වගේම අප ප්‍රදේශයේ ජීවත්වන ජනප්‍රිය ගායක ලක්ෂ්මන් හිල්මි මහත්මයගේ සංගීත කණ්ඩායමෙන් මම හිටියා.

 

ඔබ ඔබේම ගීතයක් ගයන්නෙ කොයි කාලෙද?

මම ක්ෂේත්‍රයට ආව මුල් යුගයේම වගේ මගේම කියලා ගීත අටක් නිර්මාණය කළා. අභාග්‍යයකට ඒ ගීත සියල්ලම විනාශ වුණා. ගීත පටිගත කළ ස්ටූඩියෝ එක ගංවතුරකට අහුවුණා. ඊට පසුව මම යළිත් ඒ ගීත සියල්ල එකතු කරලා ගීත ඇල්බම් එකක් නිකුත් කළා.

 

මොකක්ද ඒකේ නම?

ඔය රෝස දෙතොල්

 

ඒ සඳහා ඔබට ගීත ලියලා දුන්නු සහ සංගීතවත් කරපු පිරිස මතක් කළොත්?

බන්දුල ජයසිංහ, සෝමසිරි ජයසිංහ, මැණික් ජයසිංහ, සිත්සිළු රුචිර වික්‍රමසිංහ, ලක්ෂ්මන් රදාවාන, ලක්ෂ්මන් හිල්මි යන අය තමයි ගීත ලිව්වේ. හිල්මි, ලස්සන ජයසේකර, ලක්ෂ්මන් කන්නංගර සංගීතවත් කළා. ජයනන්ද මියුසික් සෙන්ටර් තමයි සීඩී එක බෙදාහැරියෙ.

 

ඔබ රූපරචනාවකුත් නිකුත් කළා නේද?

ඔව්. අප්පච්චියේ කියන ගීතයට තමයි විෂුවල් එක කළේ.

 

මේතාක් පැමිණි ගමනට තුති පුදන්න ඕනේ කාටද?

බන්දුල ජයසිංහ, ලක්ෂ්මන් කන්නංගර, ලක්ෂ්මන් හිල්මි, ලස්සන ජයසේකර, මාලන් ප්‍රනාන්දු ඇතුළු මට උදව් කළ සියල්ලන්ට.