වොල්ගා චෝදනා හෙළා දකී

පෙබරවාරි 20, 2020

 

ජනප්‍රිය නිළි වොල්ගා කල්පනි ගැන විවිධ ආරංචි ඉකුත් දිනවලදී පැතිරිණ. එකක් ඇය නාට්‍යවලට පොලු තියනවාය කියන කාරණය. ‘වොල්ගා කියපු දිනවලට ෂූටිං එන්නෙ නැහැ. ෆෝන් ආන්ස්වර් කරන්නෙ නැහැ’ කියා ඇතැම්හු චෝදනා නැඟුහ. වොල්ගා තවත් තරුණයකු සමඟ සිටිනා වීඩියෝවක් ලීක් වී ඇති වගට අන්තර්ජාලයේ දක්නට ලැබිණි. මේ සියලු කාරණාවලට ඇය මෙසේ පිළිතුරු සැපයුවා.

වොල්ගා, ඔබ නාට්‍යවලට පොලු තියනවලු. මොකක්ද මේ කතාව?

ඔහොම කතාවක් ලැව් ගින්නක් වගේ ක්ෂේත්‍රය පුරා පැතිර ගියා. මට කෝල්ස් දිගට හරහට ආවා. ඒක එක්තරා නාට්‍යයක ඇති වූ ප්‍රශ්නයක් නිසා හැදුණ කතාවක්.

නාට්‍යයේ නම කියන්න පුළුවන්ද?

පුළුවන්. නාට්‍යයේ නම අපේ ආදරේ. ඔය නාට්‍යයට ආවා සහාය අධ්‍යක්ෂවරයෙක්. මං දන්නේ නැහැ එයාට මොන වගේ අත්දැකීම් ටිකක් තියෙනවද කියලා. හැමදාම රෑ දොළහ වෙනකම් ෂූටිං. ආයෙ පාන්දර පහට ලොකේෂන් එන්න ඕනෑ. මේ සිටුවේෂන් එක ගැන අමිල අබේසේකර අයියා කතා කළා. අපි හැමෝම වෙනුවෙන් එහෙම කළේ. ඔහු දවස් තුනක් විතර ආවේ නැහැ. කොහොම එන්නද හරක්ගෙන් වගේ වැඩ ගන්න කොට. ඔන්න දවසක් මේ සහාය අධ්‍යක්ෂවරයාම පාන්දර තුන විතර වෙනකම් ෂූටිං ෂෙඩුල් කරලා. එදා ෂූටිං ඉවර වෙලා මෙන්න කියපි ආයෙ පාන්දර පහමාරට අපිට ලැහැස්ති වෙලා ඉන්නලු. අයියෙ ටිකක් හිතන්න බලන්න එහෙම වැඩ කරන්න අපි කවුරු කියලද හිතාගෙන ඉන්නේ. එච්චර කට්ටක් කන්න ඕනෑද රඟපාන්න. පොඩ්ඩක් හිතන්න ඕනනෙ අපිත් මනුස්සයෝ කියලා. මොන විකාරයක් ද මේ කියලා හිතලා මං ගියේ නැහැ ෂූටිං. එයාලම කතාවක් පැතිරුවා මං ෂූටිං එන්නෙ නැහැ පොලු තියනවා කියලා.

ඔබ තවත් තරුණයකු සමඟ සිටින වීඩියෝවක් ලීක් වෙලා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණා. කවුද ඒ තැනැත්තා?

එයා බිනෝෂ් පීරිස් ඩිවෝක්. ඔහු නව පරපුරේ ගායකයෙක්.

ඔබේ ජීවිතයටත් ඔහු සම්බන්ධයිද?

බිනෝෂ් තමයි මගේ පෙම්වතා.

මොකක්ද ඔය වීඩියෝ ක්ලිප් එක?

බිනෝෂ්ගේ අලුත් සිංදුව තමයි අවලංගු කාසියක්. ඒක දැන් රිලීස් වෙලත් ඉවරයි. ඒක ෂූට් කරපු දවසේ අපි ඔය සිහිවටන විදිහට ෆොටෝ එහෙම ගන්නේ ඒ වගේ මමයි බිනෝෂුයි ඉඳලා වීඩියෝ එකක් ගත්තා. ඕක ගත්තා කියලා දන්නේ මමයි බිනෝෂුයි, අවලංගු කාසියක් එකේ වීඩියෝ එක කරපු ඩිරෙක්ටර් විතරයි. මගේ ෆේස්බුක් මැසෙන්ජර් එක හැක් කරලා ඔය වීඩියෝව හොරකම් කරලා.

කවුරු කළා කියලද වොල්ගා හිතන්නේ?

කවුරු වුණත් මාව හොඳටම දන්න කෙනෙක්නෙ. එහෙම කෙනෙක් හෝ පිරිසක් එකතු වෙලා තමයි ඔය වීඩියෝව අරගෙන සමාජ ජාලවල දාලා තියෙන්නේ. මං ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නවා. මගේ ෆේස්බුක් එකවුන්ට් එකත් ඩිඇක්ටිවේට් කරලයි දැන් තියෙන්නේ ඔය ප්‍රශ්නෙ මත.

වෙල්ගා ආයේ පෙම්වතියක් වුණා එහෙනම්?

ඇයි මට පෙම්වතියක් වෙන්න බැරිද, තවම අවුරුදු තිහයිනෙ. කලින් කසාදෙන් අයින් වුනා. නීතිමය ප්‍රශ්න සියල්ල ඉවරයි. බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා.

Add new comment