වසංගත කාලේ වසංගත ගැන චිත‍්‍රපට

අප්‍රේල් 23, 2020

මේ වන විට කොරෝනා වයිරසය නිල වශයෙන් ලෝක වාසීන්ගෙන් බොහොමයක් ‍නිරෝධායනයට ලක් කර ඇත. සමාජීය වශයෙන් දුරස්ථව තම තමන්ගේ නිවෙස්වල සැප පහසුකම් වලට පමණක් සීමා වී සිටින මේ වැනි කාලයක සිනමාවට ලැදී වූවන් නිවෙසේ ඇති පහසුකම් අනුව සිනමාපට නැරඹීමට යොමු වී තිබේ. කෙසේ වෙතත් වර්තමානයේදී ප‍්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ වෛරස වසංගතයයි. ඒ නිසා හොලිවුඞ් සිනමාවේ වසංගත තත්ත්වයන් ගෙන ආ සිනමා නිර්මාණ කිහිපයක තතු මේ ඔස්සේ දිග හැරේ.

මෙහිදී බොහොමයක් වසංගත සිනමා නිර්මාණ සොම්බි නිධාන කතාව ලෙස ගෙන ඇති බව පෙනේ. සොම්බි හෙවත් ඇවිදින මළ මිනි මිනිසුන්ගේ ප‍්‍රහාරයට ලක්වන සාමාන්‍ය පුද්ගලයන් ද සොම්බින් බවට පත් වන අතර ඔවුන් මර්දනය කිරීම අසීරු කටයුත්තක් වේ. බොහොමයක් වසංගත තත්ත්වයන් ගෙන එන සිනමා නිර්මාණ මෙලෙස සොම්බි නිධාන කතාව වන අතර සිදුවීම් අතින් එකිනෙකට වෙනස්වන ලෙස නිර්මාණය කර ඇත.

28 Days Later (2002)

වෛරසයක් පැතිර ගොස් දින 28ට පසු සිදුවීම් පෙළක් මේ ඔස්සේ දිග හැරේ.

 

It Comes at Night (2017)

වෛරස් වසංගත තත්ත්වයක් හේතුවෙන් නිවසක හුදකලා වන පවුලකි. මේ අතර අසරණ වූ තවත් පවුලක් මෙම නිවස තුළට පැමිණේ. මෙම පවුල් දෙක අතර ඇති වන සිදුවීම් පෙළක් මෙම චිත‍්‍රපටයන් දිග හැරේ.

Contagion (2011)

 

මිනිසුන් ලොවෙන් තුරන් කිරීමට දරුණු වෛරසයක් පැතිර යන අයුරු ගෙන එන මෙම චිත‍්‍රපටයේ කේටි වින්ස්ලට්, ජූඞ් ලෝ, මැට් ඩෙමොන් ඇතුළු පිරිසක් චරිත මවති.

Quarantine (2002)

මෙය යම් සිදුවීමට මුහුණ දුන් පිරිසක් විසින් රූගත කළ ආකාරයේ සිනමා නිර්මාණයකි. වෛරස් ආසාදනයක් හේතුවෙන් වසා දැමෙන ගොඩනැගිල්ලක සිරවන රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සහ කැමරා ශිල්පියකු වටා මෙහි කතාව ගෙතී ඇත. වෛරසයෙන් මෙන්ම වෛරසය ආසාදනය වී මෙන් සොම්බින් බවට පුද්ගලයන්ගෙන් බේරි දිවි ගලවා ගැනීමට ඔවුන් දරන්නා වු පරිශ‍්‍රමය මෙම චිත‍්‍රපටයේ සටහන් වී තිබේ.

The Andromeda Strain (1971)

හැත්තෑව දශකයේ නිර්මාණය වූ වෛරස් වසංගත තත්ත්වයක් ගැන කියවෙන මෙම චිත‍්‍රපටය 1969 වසරේදි මයිකල් ක‍්‍රික්ටන්ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇත. කුඩා නගරයකු මිනිසුන් මරණයට පත්වීමට හේතු වූ වෛරසයක් සොයා පර්යේෂණ කරන කතාපුවතක් මෙයින් දිගහැරේ.

Outbreak (1995)

කුඩා නගරයක් වෛරසයක් පැතිර යාමෙන් වළකා ගැනීමේ මෙහෙයුමක් මෙහි ඇතුළත් වී ඇත. වාතය ඔස්සේ පැතර යන වෛරසය මර්දනය කිරීමට නගරය වසා දමා කරන්නා වූ සටන ගෙන එන්නේ ඩස්ටින් හොෆ්මන්, රිනේ රූසෝ, මෝගන් ෆ‍්‍රීමන්, බොනල්ඞ් සදර්ලන්ඞ් ඇතුළු පිරිසකගේ රංගන දායකත්වයෙනි.

Warm Bodies (2013)

වෛරසයක් ආසාදනය වීමෙන් මිනිසුන් සොම්බි බවට පත්වීමේ කතා පුවතක් මෙහි ගෙන එයි. නමුත් අනෙකුත් සොම්බි කතාපුවත්වලින් මෙය වෙනස් වන්නේ තරුණයකු සොම්බියකු බවට පත් වුවද ඔහුගේ සිත පෙර පරිදිම ක‍්‍රියාත්මක වීමයි. ඔහු විසින් තරුණියක බේරා ගැනීමෙන් පසු ඔහු තුළ ඇය කෙරෙහි ආදරයක් ඇති වීමේ කතා පුවතක් මෙහි ඇතුළත් වේ. නිකලස් හෝල්ට් සහ තෙරේසා ප්ලමර් මෙහි ප‍්‍රධාන චරිත නිරූපණය කරති.

 

World War Z (2013)

බ‍්‍රැඩි පිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු ලෙසින් චරිත නිරූපිත මෙහි ගෝලීය වසංගත තත්ත්වයට ගෙන ආ වෛරසයට එරෙහි ඖෂධයක් සොයා ගැනීමේ මෙහෙයුමක් ගෙන එයි. මෙම චිත‍්‍රපටයේදී ද වෛරසය ආසාදනය වූවන් සොම්බින් බවට පත් වේ.

I Am Legend(2007)

 

මෙයද සොම්බි කතාපුවතක් ගෙන එන සිනමාපටයකි. විද්‍යාඥයන් පිරිසක් විසින් පිළිකාවක් වෙනුවෙන් නිර්මාණය කළ ඖෂධයක් එන්නත් කිරීමෙන් පසු සොම්බින් බවට පත් වීමත් ජීවතුන් අතර සිටින ඉතිරි මිනිසුන් බේරා ගැනීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපද හමුදාවේ වෛරස් විද්‍යාඥයකු ගන්නා උත්සාහය මෙම චිත‍්‍රපටයෙන් ගෙනහැර දැක්වේ. මෙහි වෛරස් විද්‍යාඥයා ලෙසින් චරිත නිරූපණය කරන්නේ විල් ස්මිත්. එසේම මෙම චරිතය ඔහු නිරූපිත චරිත අතරින් ඉහළ ජනප‍්‍රියත්වයක් ලද චරිතයක් ද වේ.

28 Weeks Later (2007)

 

28 Weeks Later (2007)  චිත‍්‍රපටයේ දෙවැනි කොටස ලෙස වෛරසය පැතිර යාමෙන් මාස හයකට පසුව තත්ත්වය මෙයින් දැක්වේ. රොබට් කාලයිල්, ජෙරමි රේනර්, ඉඩ‍්‍රිස් ඇල්බා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

The Happening (2008)

සියදිවි නසා ගැනීමට පොළඹවන වෛරසයක් ආසාදනය වීමෙන් බේරි සිටීමට විද්‍යා ගුරුවරයකු සහ ඔහුගේ බිරිය උත්සාහ ගන්නා අයුරු මෙම චිත‍්‍රපටයෙන් දිග හැරේ. මෙය තිරරචනය කර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ එම්. නයිට් ශ්‍යාමලන් විසිනි. මාර්ක් වෝල්බර්ග් සහ සෝයි ඩෙචැනල් මෙහි ප‍්‍රධාන චරිත නිරූපණය කරති.

Add new comment