ජීවන් මුල්වරට ජීවා තනයි

ආර්යන්ගේ තිර රචනයක්
අගෝස්තු 22, 2019

 

සරසවිය ජනප්‍රිය තරුවක් වූ ජීවන් කුමාරතුංග නැවතත් වීරයාගේ චරිතයට පණ පොවමින් තැනෙන චිත්‍රපටයක පුවතක් සරසවියට වාර්තා විය. එහි ඇති විශේෂත්වය වනුයේ එමඟින් ඔහු පළමු වතාවට සිනමා අධ්‍යක්ෂවරයකු බවට ද පත්වීමය. එලෙස ජීවන් නිර්මාණය කරන චිත්‍රපටය නම් කොට ඇත්තේ ද ජීවා යනුවෙනි. එළඹෙන සැප්තැම්බර් මස මුල් සතියේදී පැවැත්වෙන මුහුරත් උලෙළෙන් අනතුරුව එම සිනමාපටයේ රූපගත කිරීම් ආරම්භවීමට නියමිතය. ගමක වෙසෙන අසාධාරණයට විරුද්ධව කටයුතු කරන ජීවා නැමැති චරිතයකට ජීවන් මෙහිදී පණ පොවනු ලබයි. නව පරපුරේ සිනමා රංගන ශිල්පී ආර්යන් කුලරත්න ජීවා චිත්‍රපටයේ තිර නාටක රචකයාය. තිකෝ චිත්‍රපට ආයතනයේ නිෂ්පාදනයක් ලෙසින් කලඑළියට එන මෙහි සහාය නිෂ්පාදනයෙන් සුනිල් ටී. ප්‍රනාන්දු එක් වී සිටියි. තිසූල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂවරයාය. හිත හොඳ චණ්ඩියා, මා ඔබේ හිතවතා, රන්දෙණිගල සිංහයා, ඇසළ සඳ ඇතුළු චිත්‍රපට රැසක් ජීවන්ගේ නිෂ්පාදනයෙන් දොරට වැඩියේය.

Add new comment