ටවුමේ ඉස්කෝලේ දෙසැම්බරයේ විවෘත වෙයි

නොවැම්බර් 30, 2018

ද රේන්බෝ සිනමාපටයේ තිරකතා රචකයා වූ සුනිල් ප්‍රේමරත්නගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ටවුමෙ ඉස්කෝලේ එළඹෙන දෙසැම්බර් මස තිරයට පැමිණීමට නියමිතය. එය ළමා සිනමාපටයකි. ධම්මික අතපත්තු ටවුමෙ ඉස්කොලේ සිනමාපටයේ නිෂ්පාදකවරයාය. එහි විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණ. ගමේ පාසලකින් පැමිණ නගරයේ පාසලකට ඇතුළත් වන ශිෂ්‍යයකු මුහුණ දෙන නොසිතූ විරූ අත්දැකීම් පෙළක් ඇසුරෙන් අධ්‍යක්ෂවරයා විසින් ටවුමෙ ඉස්කෝලේ චිත්‍රපටයේ තිර නාටකය සකසා තිබේ. බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අසංක දේවමිත්‍ර පෙරේරා, කීර්ති රංජිත්, ප්‍රභාෂි පල්ලියගේ. මෙලීෂා සෙනුලි, යොහානි හංසිකා, දිනුර නාගසිංහ ඇතුළු නළු නිළියන් රැසක් ටවුමෙ ඉස්කෝලේ රංගනයෙන් හැඩ කරති.

බුද්ධික මංගල කැමරා අධ්‍යක්ෂවරයාය. තරංග රුක්මල්වල අංග රචනයෙන් දායක විය. සනත් ජානකගේ කලා අධ්‍යක්ෂණයකි. මාධ්‍ය සම්බන්ධිකරණය සහ නිශ්චල ඡායාරූප උපුල් නිශාන්තගෙනි.

Comments

Jankisa (තහවුරු වී නොමැත)
buy accutane online legit Cialis Can I Buy Prozac Online Cialis Costo Del Cialis
සිකු, 03/27/2020 - 08:57

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.