සංසාරාරණ්‍යය අසබඩ

ජනවාරි 23, 2020

ගම උඩු යටකුරු වන්නට ගත වන්නේ දින කිහිපයකි. එතෙක් නිසොල්මනේ පැවති පරිසරය අද වන විට හාත්පසින්ම වෙනස් වී තිබේ. ගමට පැමිණ ආගන්තුකයෙකි ගඟ දිගේ පැමිණි ඔහුට නිශ්චිත අරමුණක් නැත. ගම උඩු යටිකුරු වූයේ මේ ආගන්තුකයාගේ පැමිණීමත් සමඟිනි. මහ නිලමේ වලව්ව පිරිහෙන්නට පටන් ගනියි.

පුංචි නිලමේගේ ජීවිතයට අපල උපද්‍රව ඇති වේ. ගමේ වෙසෙන බණ්ඩප්පුට දේව වරමක් ලැබෙන්නේ ඔය අතරේදීය. මෙතැන් පටන් මේ ගමේ ඉරණම කෙලෙස විසඳේවිද. සයිමන් නවගත්තේගම සූරීන් විසින් රචිත ඔහුගේ මනසේ මැවුණු ඒ අපූරු කතාවේ පටන් ගැන්මයි මේ. සංසාරාරණ්‍යය අසබඩ යනුවෙන් නම තබා සංජය නිර්මාල් විසින් එකී කතාව ටෙලි නිර්මාණයකට නඟා තිබේ. එය සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 9 ට ස්වාධීන රූපවාහිනි නාළිකාවෙන් විකාශය වේ.

සංසාරාරණ්‍යය අසබඩ පිරිවර

වසන්ත කොටුවැල්ල, උදාරි වර්ණකුලසූරිය, අජිත් වීරසිංහ, සරත් කොතලාවල, දිනෙත් ද සිල්වා, උමාලි තිලකරත්න, චරිත් අබේසිංහ, ලාල් කුලරත්න, නයනා හෙට්ටිආරච්චි, සුබුද්ධි ලක්මාලි, තුසිත ලක්නාත්, මහේෂ් උයන්වත්ත

 සංසාරාරණ්‍යය අසබඩ නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය - උපුල් ප්‍රජාත්

අංග රචනය - බුවනෙක රණවක

සංස්කරණය - විරංග කැටපේආරච්චි

සංගීතය - නදීක ගුරුගේ

සහාය අධ්‍යක්ෂණය - මහේෂ් උයන්හේවා

නිෂ්පාදන කළමනාකරණය - සම්පත් තුෂාර

නිෂ්පාදනය - ඈන් ඩන්ස්ෆෝර්ඩ්

 

Add new comment