කොරෝනා දුරලීමේ ගෝලීය අරගලයට ලොවම එක් වූ දැවැන්ත ප‍්‍රසංගයක්

අප්‍රේල් 23, 2020

One World(Together at Home නම් වූ එය සංවිධානය කරන ලද්දේ දුගීබව තුරන් කිරීම වෙනුවෙන් වූ ග්ලෝබල් සිටිසන් සංවිධානය සහ අමෙරිකානු ගායිකා ලේඩි ගාගා විසිනි. කොරෝනා වසංගතය තුරන් කිරීමේ ගෝලීය අරගලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුග‍්‍රහය දැක්වීම අරමුණු කොටගෙන මෙම ප‍්‍රසංගය පසුගිය 18 වැනිදා පැවැත්විණි. ජනතාව ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවකයන්ට සහ පවතින තත්ත්වය මත තම ජීවිත අවදානමට ලක්කර වෙහෙසෙන සියලූ‍ දෙනාහට කෘතවේදීත්වය පළ කිරීම මෙන්ම සමාජ දුරස්ථ බව පිළිබඳ දැනුවත් කිරීමද අරමුණු විය.

ජිමී කිම්ල්, ජිමී ෆැලන් සහ ස්ටීවන් කොල්බට් විසින් මෙහෙයවන ලද මෙම ප‍්‍රසංගයට ලොව රටවල් රැුසක සිට සුප‍්‍රකට ගායක ගායිකාවන්, නළු නිළියන් මෙන්ම සංගීත කණ්ඩායම් ද සහභාගි විය. ඔවුන් සියලූ‍ දෙනා මෙම අවස්ථාවට එක් වූයේ අන්තර්ජාලය ඔස්සේ තම නිවෙස්වල සිට වීමත් විශේෂත්වයක්. ඒ අනුව ලොව රටවල් රැුසක විසිරි සිටින ජනප‍්‍රිය තරු One World(Together at Home ප‍්‍රසංගය වෙනුවෙන් අන්තර්ජාලයෙන් නිම වූ එක වේදිකාවකට ගොඩ වූහ. රටවල් 50ට අධික සංඛ්‍යාවක රූපවාහිනි නාළිකා රැුසක මෙම ප‍්‍රසංගය විකාශය කෙරුණු අතර රූපවාහිනී ගෝලීය විකාශනයට පූර්ව ප‍්‍රසංගයක් අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරුණි.

ලේඩි ගාගා තම නිවෙසේ සිය කීබෝඞ් වාදනයේ යෙදෙමින් චාලි චැප්ලින් විසින් ගැයු "Smile˜‍‍ ගීතය ගායනා කළාය. ජෝන් ලෙජන්ඞ් සහ සෑම් ස්මිත් තැන් දෙකක සිටියද අන්තර්ජාලයෙන් එක්ව "Stand by Me"‍‍ ගීතය ගැයුවෝය. මේ අවස්ථාවේදී ජෝන් ලෙජන්ඞ් අමෙරිකා එක්සත් ජනපදයේ ද සැම් ස්මිත් බි‍්‍රතාන්‍යයේද සිටි බවත් සඳහන් කළ යුතුය. තවද ලේඩි ගගා (අමෙරිකා එක්සත් ජනපදය*, සෙලීන් ඩියොන් (කැනඩාව*, ජෝන් ලෙජන්ඞ් (අමෙරිකා එක්සත් ජනපදය*, ඇන්ඩ‍්‍රියා බොසෙල් (ඉතාලිය*, ලැන්ග් ලැන්ග් එක්ව " The Prayer˜‍ ගීතය ගැයූහ. ජෙනිෆර් ලෝපේස් මෙම ප‍්‍රසංගයට ආලෝකයක් ගෙන ආවේ තම නිවෙසේ විදුලි බුබුළුවලින් ආලෝකවත් කළ ගසක් යට වාඞී වී ගී ගයමිනි. එල්ටන් ජෝන් බි‍්‍රතාන්‍යයේ තම නිවෙසේ ගෙමිදුලෙහි සිට පියානෝව වාදනය කරමින් ගී ගායනයෙන් එක් විය. ටේලර් ස්විෆ්ට්, තම මව පිළිකා රෝගය සමඟ සටන් කළ අයුරු කියවෙන " Soon Youzll Get Better˜‍‍‍‍ ගීතය ගායනා කළාය.

අමෙරිකානු ගායිකා බියොන්සේ අදහස් දක්වමින් පවසා සිටියේ බහුතරයක් කළු අමෙරිකානුවන්ට අත්‍යාවශ්‍ය සේවාවන්හි යෙදී සිටීමට සිදුවීම ලොකු බලපෑමක් වූ බවයි. මේ වෙනුවෙන් එක් වූ ප‍්‍රියංකා චොප්රා පවසා පිටියේ, සරණාගත කඳවුරු සිටින්නන්ගේ සමාජ දුරස්ථ බව රැුකීම මෙන්ම ඔවුනගේ මූලික සෞඛ්‍ය පහසුකම් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. ශාරුක් ඛාන් සඳහන් කළේ, භාරත මාතාව මුහුණ දෙන දැඩි අභියෝගාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවත් මෙහි බරපතල තත්ත්වය මැඩලීමට උපරිම උත්සාහ දැරිය යුතු බවයි.

හිටපු අමෙරිකා එක්සත් ජනපද ආර්යාවන් වූ ලෝරා බුෂ්, මිචෙල් ඔබාමා ද ගෝලීය රූපවාහිනි විකාශය සමඟ සම්බන්ධ වූහ. වික්ටෝරියා බෙකම්, ඉඩ‍්‍රිස් ඇල්බා, කේටි වින්ස්ලට් (බි‍්‍රතාන්‍ය*, ලූ‍පිටා න්‍යුන්ගෝ මෙක්සිකෝව*, සැමුවෙල් එල්. ජැක්සන්, ලොරන්ස් ෆිෂ්බර්න්, මැට් ඩෙමෝන් (අමෙරිකා එක්සත් ජනපදය* ඇතුළු පිරිසක්ද ඒ වෙනුවෙන් ඉදිරිපත් වූහ.

රූපවාහිනී ගෝලීය විකාශනයට පෙර පැය 6ක පූර්ව ප‍්‍රසංගයක් අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරුණු අතර නළු නිළියන් සහ ගායක ගායිකාවන් විසින් එය මෙහෙයවනු ලැබිණි. ජමීලා ජමී, මැතිව් මැක්කොනේ, ඩනායි ගියුරිරා, බෙකී ජී, ලවෙරෙන් කොක්ස් සහ ඩොන් චෙඞ්ල් එය මෙහෙයවීමට දායක වූහ. ජෙනිෆර් හඞ්සන් (අමෙරිකා එක්සත් ජනපදය*, රීටා ඕරා(බි‍්‍රතාන්‍ය*, විශාල් මිශ‍්‍රා (ඉන්දියාව*, බ්ලැක් කොෆි (දකුණු අමෙරිකාව*, මිල්කි චාන්ස් (ජර්මනිය*, ජැකී චෙයුන්ග් (හොංකොං*, සෙබස්තියන් යාත‍්‍රා (කොලොම්බියාව*, ඒන්ජල් (බෙල්ජියම* ඇතුළුව තවත් රටවල් රැුසක් නියෝජනය කරමින් ජනප‍්‍රිය තරු එයට දායක විය. දේශපාලනඥයන්, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, මෙක්සිකෝ, ලන්ඩන් සහ නිව්යෝර්ක් නගරවල නගරාධිපතිවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්ද මේ වෙනුවෙන් සම්බන්ධ වුහ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ලොව බොහොමයක් කටයුතු අඩාල වී තිබේ. සෑම රටකම පාහේ කලා කටයුතු අවලංගු කර හෝ දැනුම් දෙන තුරු කල් දමා තිබුණ ද රූපවාහිනි මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන දැවැන්ත ප‍්‍රසංගයක තොරතුරු පසුගිය කාලයේ ප‍්‍රසිද්ධියට පත් විය.

Add new comment