ගුරු සිත නොරිදවා

නොවැම්බර් 8, 2018

අපේ රංගන ක්ෂේත්‍රයේ ගුරුවරයෙකුයි ගෝලයකුයි ගැන අපූරු කතාවක් සරසවියට වාර්තා වුණා. මේ දෙන්නා කරට කර රඟපාන දෙන්නෙක්. මහේන්ද්‍ර පෙරේරා තමයි මේ කතාවේ ගුරා. ගෝලයා දසුන් පතිරණ. කෙටි කාලයක් තුළ වාර ගණනාවක් දසුන් හොඳම නළුවා හැටියට සම්මාන හිමිකර ගත්තා. ඇතැම් අවස්ථාවලදී ඔහු හොඳම නළුවා සඳහා තරග වැදුණේ මහේන්ද්‍ර එක්කයි. සරසවිය සම්මාන උලෙළදිත් වුණේ ඒකම තමයි. ඉකුත් දින හිරු ගෝල්ඩන් සිනමා උලෙළේදී නැවතත් දසුන් හොඳම නළුවා වුණා. එදා වුණෙත් පෙර සේම ගුරාව පරද්දපු එක. එහෙත් මෙවර දසුන්ට හිතේ ගැස්මක් ඇති වුණා. ඒ ගුරාව පැරැද්දුව නිසා. අවසනදි වේදිකාව මතට මහේන්ද්‍රව ගෙන්නලා දනක් බිම තබාගෙන දසුන් මහේන්ද්‍රට තමන්ගේ හොඳම නළුවා සම්මානය ලබා දුන්නා. ගුරුවරයාට දැක් විය යුතු ඉහළම ගෞරවයත් එදා දසුන් මහේන්ද්‍රට ගෙනහැර පෑවා.

Add new comment