වර්ෂ 2017 ක්වූ ජනවාරි 20 වැනිදා සිකුරාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
කලා ලොවේ උණුසුම් පුවත්

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 18

බන්දුල විතානගේ වේදිකා නාට්‍ය පරිවර්තකයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු ලෙස කීර්තියක් දැරුවේය. ඔහු ස්වකීය නාට්‍ය ජීවිතය ආරම්භ කළේ පාසල් අවදියේ සිටමය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේදී ඉදිරිපත් කෙරුණු එක්තරා නාට්‍යයක ඔහු ගැහැනු චරිතයක් රඟපෑවේය. ඒ පාසල් මිතුරු ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා) විසින් නිපදවන ලද්දා වූ නාට්‍යයකය. එසේම බන්දුල එකල ජේ එම්. මෝර්ටන්ගේ 'බොක්ස් ඇන්ඩ් කොක්ස්' නාට්‍යය සිංහලට අනුවර්තනය කළේය. 'ගිල්බට්, විල්බට් සහ ඇනට්' නමින් බන්දුල මෙම නාට්‍යය පසුකලෙක පොතක් වශයෙන් පළ කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයට එක් වු බන්දුල එහිදී වේදිකා නාට්‍ය කීපයකට රංගනයෙන් දායකවූයේය. 'ශංඛනාද', 'රත්නාවලී' ඔහු සරසවි සමයේ රඟපෑ නාට්‍ය දෙකකි. ඉනික්බිතිව 'අපේ කට්ටිය' සමග සබඳතා ගොඩනඟා ගත් බන්දුල එහි නිෂ්පාදන වූ 'දුන්න දුනු ගමුවේ', 'හරිම බඩු හයක්' නව නිෂ්පාදනවල හා 'දෑවැද්දෝ'', 'තුරඟ සන්නිය' වැනි නාට්‍යවල රඟපෑවේය..
 

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඉතිහාසය අර්ථකථනය කළ සයිමන් නවගත්තේගම

හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්‍යකරුවන් තිදෙනෙක් 'ඇස් තුනේ කණ්ඩායම' යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය. සයිමන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය හා සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ කට්ටියේ' ස්වභාවික සංවාද යන නාට්‍ය කලා සම්ප්‍රදායන් දෙකෙන්ම එකසේ පෝෂණය වූවෙකි. සරච්චන්ද්‍රයන් 'සිංහබාහු' නිෂ්පාදනය කළ අවධියේ සයිමන් සිටියේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේය. ඔහු එම නාට්‍යය මුල සිට අග දක්වාම විචාර පූර්වකව දැකබලා ගත්තේය. ඉන්පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට එක් වූ පසු 'අපේ කට්ටියේ' නාට්‍යවල නිෂ්පාදන අත්හදා බැලීම් හැදෑරීමට ද අවස්ථාවක් ලද්දේය. සයිමන් මුලින් නළුවකි. ධර්මසිරි වික්‍රමරත්නගේ 'සහන් එළිය ඔහු එකල රඟපෑ නාට්‍යයකි. පසු කලෙක සයිමන් තමාගේම 'සුබ සහ යස' නාට්‍යයේ යසලාලක තිස්ස රජුගේ චරිතය රඟපෑවේය. එය සිංහල වේදිකාවේ අප දුටු අති විශිෂ්ට චරිතාංග නිරූපණ අතරින් එකකි.
 

....සම්පූර්ණයෙන් කියවන්න