වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 28

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව
 

පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ


ජයලත් මනෝරත්න

ආචාර්ය ජයලත් මනෝරත්න අද සිංහල වේදිකාවේ සිටින විශිෂ්ටතම චරිතාංග නළුවාය යන්න විවාදයෙන් තොර පිළිගැනීමකි. තාත්වික, ශෛලිගත මෙන්ම වෙනත් ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක් යටතේ වුව ඒ ඒ රිතීන්ගේ රිද්ම රටා හඳුනාගෙන ඊට ගැළපෙන අයුරින් රංගනය පවත්වාගෙන යෑම ඔහුගේ සුවිශේෂ දක්ෂතාවයයි. වේදිකාව මත ස්වතන්ත්‍ර නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු වශයෙන් ද මනෝරත්නගේ කාර්යසාධනය උත්කෘෂ්ටය.

මනෝරත්න ඉපදී හැදී වැඩුණු සමාජ හා සංස්කෘතික පසුබිම නාට්‍ය කලාවට අනුබල දෙන්නක් වූයේය. නුවරඑළිය දිස්ත්‍රික්කය්ට අයත් දෙහිපේ ග්‍රාමය සොකරි නාටක, සඳකිඳුරු නැටුම්වලට ප්‍රකට ප්‍රදේශයකි.

මනෝරත්න නාට්‍ය කලාවට අවතීර්ණ වන්නේ පාසල් නාට්‍ය නළුවකු ලෙසිනි. 1966 වසරේ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයට පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉදිරිපත් කෙරුණු ‘අස්පගුඩුං’ (නිෂ්පාදනය සුනිල් ශ්‍රියානන්ද) මනෝ රඟපාන අතර තරඟයේදී ඔහු හොඳම රංගන කුසලතා සම්මානය හිමිකර ගත්තේය.

මනෝරත්න පේරාදෙණි විශ්ව විද්‍යාලයට ඇතුළුවීම ඔහුගේ නාට්‍ය හා රංග කලා ජීවිතයට විශාල පිටිවහලක් වූයේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හඳුනාගන්ට ලැබීම ඔහුගේ නාට්‍යවලට දායක වන්ට ලැබීම පරම භාග්‍යයක් වූයේය. මුලින්ම ‘මනමේ, ‘සිංහබාහු’ වැනි නාටකවල සුළු චරිත රඟපෑ මනෝ ‘පෙමතො ජායති සොකො’ නාට්‍යයේ ප්‍රධාන චරිතය (උද්දාල බමුණා) නිරූපණය කළේය.

නුවරඑළිය කච්චේරියට රැකියාවක් ලැබ එහි යන මනෝරත්න ඒ අවදියේදී මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘රත්තරන්’ සහ ‘එලොව ගිහිං මෙලොව ආවා’ යන නාට්‍ය (සරච්චන්ද්‍රයන්ගේ අවසර පිට) පුනර් නිෂ්පාදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නාට්‍යකරුවන් පස්දෙනාගේම නාට්‍යවල හෙතෙම රඟපා ඇත. එය කෙනෙකු ලබන විරල ජයග්‍රහණයකි. මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්්පත්ති (මහහෙනේ රීරි යකා නට්‍යයේ) හෙන්රි ජයසේන එම නාට්‍යකරුවන් පස්දෙනාය.

ඒ හැරුණු කොට ‘වෙස්සන්තර’ ‘නෝදර නෝල’, ‘සොක්‍රටීස්’, ‘රයිනෝසිරස්’, ‘රතු හැට්ටකාරී’, ‘නරියා සහ කේජු’, ‘ද්විත්ව‘ වැනි නාට්‍යවල ද මනෝ කල රංගනය අද්විතීයය. මෙවන් එකිනෙකට වෙනස් චරිත රඟපෑ නළුවකු සිංහල වේදිකවේ තවත් දැකිය හැකිද?

මහගිරි දඹ (1980) මනෝරත්න රචනා කොට නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යය වෙයි. ගැමි පහළ මැද පන්තික නාට්‍යකරුවකුගේ ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මෙයින් ඉදිරිපත් කෙරේ. මෙය පසු කාලෙක මනෝරත්න වර්ධනය කරගන්නා දේශීය කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා දැක්වෙන නාට්‍ය මාලාවක පළමුවැන්න ලෙස හැඳින්විය හැකිය.

‘පුත්‍ර සමාගම’ (1985) මනෝරත්නගේ එකම පරිවර්තන නාට්‍යයයි. මෙහි පරිවර්තනය ප්‍රසන්න විතානගේ ගෙනි. කලක් මනෝ හා ප්‍රසන්න මහවැලි අධිකාරියේ සේවය කළහ. දෙදෙනාගේ මිත්‍රත්වය මේ නිර්මාණාත්මක කාර්යයට උපස්තම්භක වී යැයි සිතමි.

‘පුත්‍ර සමාගම‘ සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සැන්ඩර් වැම්පිලෝව්ගේ ‘ද එල්ඩර් සන්’ නමැති නාට්‍යයේ පරිවර්තනයකි. මෙහි එන සරාෆ්නොව් ද එක්තරා ප්‍රමාණයකට කලාකාරයෙකි. ‘සියලු මිනිස්සු සහෝදරයෝ’ යන ආකල්පය ප්‍රකට කරන ‘පුත්‍ර සමාගම‘ සමාජවාදී සමාජයක වුවත් සාක්ෂාත් කරගත යුතු යථාර්ථයක් පෙන්වා දෙයි.

‘තලමල පිපීලා’ (1988) රංබරණා ගුරුන්නාන්සේ නියෝජනය කරන වැඩවසම් කලාව බිඳ වැටී නූතන ධනේශ්වර කලාව නැඟී සිටින ආකරය විශද කරයි. උඩරට විහාර ගමක් මෙයට පසුබිම් වෙයි. උඩරැටියකු බැවින් මනෝරත්නට මේ අරබයා නොයෙක් අත්දැකීම් තිබිණි. මේ සංස්කෘතික විපරිණාමයත් සමඟම සම්මත පවුල් සංස්ථා බිඳ වැටීම්, සාරධර්ම විනාශවීම්, සම්ප්‍රදාය හා නවීනත්වය අතර ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැක්කකි. එයද මෙහිලා නිරූපිතය.

‘තලමල’ නාට්‍යය අලළා හොඳම විග්‍රහය කළේ තවත් උඩරැටියකු වන ආචාර්ය ධර්මසේන පතිරාජය. එය මෙම නාට්‍යයේ සාරාර්ථය අපට විචක්ෂණ ලෙස පහදා දෙන මතවාදී දැක්මකි.

‘අන්දරේලා’ (1993) කාලකරුවන්ගේ ජීවිතවල තවත් පැතිකඩක් අනාවරණය කරන්නකි. ඉතාම උත්ප්‍රාසවත් දෙබස් මෙහි අඩංගුය.ඊට එක් උදාහරණයකි මේ.

රජතුමා- ‘උඹ කවටයෙක් නෙවි අන්දරේ මට උඹ රජෙක්’

අන්දර් ‘ඔබ වහන්සේ රජෙක් නෙවි, නියම කවටයෙක්’

වර්තමාන සමාජයේ ද රජවරුන් පිනවා බඩ වඩා ගන්න අන්දරේලා සිටින බව මේ නාට්‍යයෙන් මනෝ ගම්‍ය කරවයි.

‘අන්දරේලා’ මනෝගේ ප්‍රථම වාර්තා රංගනයයි. මෙය කලකට ඉහත දයානන්ද ගුණවර්ධන විසින් මෙරටට හඳුන්වා දෙන ලද නාටය සංකල්පයකි. දයානන්දගේ නාට්‍යවල රඟපෑමෙන් ලත් අත්දැකීම් මතින් මේ නාට්‍ය සංකල්පය හඳුනා ගත්තේය.

අත්‍යවශයෙන්ම ගැමි රඟමඬලක ආකෘතිය ඉල්ලා සිටි මෙම නාට්‍යයේ පෙළ විසින් ගම්බද තොවිල්පලක, ශාන්ති කර්මයක, ගැමි නාටකයක, කමතක, විහාර මළුවක හෝ හෙල්මැලි ලියැදි සහිත කුඹුරු පාමුලක ඉදිවිය හැකි නාට්‍ය රීතියක් මතුකර දී ඇති බව මනෝරත්න කියයි.

‘ගුරු තරුව‘ (1996) අරමුණු දෙකක් පෙරදැරි කරගෙන විරචිත නාට්‍යයකි. පළමුවැන්න පාසල් පන්ති කාමරයෙන් අනුක්‍රමයෙන් ඈත් වී යන සාහිත්‍ය ගුරුවරයාගේ කතාව ඉදිරිපත් කිරීමයි. දෙවැන්න පැරණි සිගාල සම්භාව්‍ය පද්‍යයේ එන ගීකාව්‍ය සිවුපද සිලෝ යන ආදිය ගායන ආකාරයෙන් ප්‍රසංග කොට සෞන්දර්යාත්මක සාහිත්‍ය ප්‍රවාහයක් කෙරෙහි රසික සිත පුබුදුවාලීමය.

‘සඳගිර’ (1998) සිංහල නාට්‍යයේ වංශ කතාව වාර්තා රංගනයක් සේ හකුළුවා ලීමකි. ශාන්ති කර්මවල සිට නූතන යුගයේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය දක්වා මේ පුවත දිග හැරේ.

‘කනේරු මල්’ (2000) ගොවියන් දිවිනසා ගැනීම් සමාජ ගැටලුව විනිවිද යන නාට්‍යයක් වන්නේය. කලා අධ්‍යක්ෂවරයකු හා නළුවකු ලෙස ප්‍රකට කේ. ඒ. මිල්ටන් පෙරේරා මෙම නාට්‍යයේ අපර රංගයට අපූර්ව ගීතයක් ලිවේය. එහි ආරම්භක කොටස මෙසේය.

‘ගලේ වැනුව මල්කාලා නොවේ
කුරුලු පැටිය මළේ
පමා වෙලා වැටුණු වැස්සේ
මල් පිපුණා ගලේ
උඹේ අතේ වරද නැතේ කොබෙයි ලියේ
නොහඬා ඉඳින් දුක් බෝමයි සංසාරේ’

‘ලෝකය තනියායක්’ (2005) මහගමසේකරගේ කාව්‍ය සංග්‍රහ කීපයකම එන චරිත පාදක කරගෙන විරචිත නාට්‍යයකි. රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත කාව්‍ය කෘතියේ ඒ නමින්ම පෙනී සිටින චරිත. ‘බෝඩිම‘ කාව්‍ය නිර්මාණ එකතුවේ එන සොයිසා, මංගලිකා, මිත්‍රසේන, ගීතසාර, සිරිමාන්න වැනි චරිත ‘නොමියෙමි’හි එන අයි. ඕ. යව්දිස් සිල්වා, රමණි, ‘ප්‍රබුද්ධ‘ හි එන ප්‍රබුද්ධ වැනි චරිත මෙයට නිදර්ශනය. සේකරගේ ඉහත සඳහන් කවිවල අපූර්ව නාට්‍යමය අවස්ථා දක්නා ලැබේ. මනෝ කර ඇත්තේ ඒවා තවතවත් උද්දීප්තියට පත්කර සමාජයේ පැතිකඩක් විවරණය කිරීමයි.

මනෙරත්නයෝ හෙන්රි ජයසේනගේ පිටපත යොදාගෙන 2007 දී ‘මකරා’ නාට්‍ය නිෂ්පාදනය කළේය. මනෝ මුලින්ම කොළඹ පැමිණි විට මුලින්ම රඟපා ඇත්තේ ද ‘මකරා’ නාට්‍යයේය.

‘සුදු රෙදි හොරු’ (2008) පැරණි සන්දේශ කාව්‍ය ආකෘතිය අනුගමනය කරමින් ලියැවුණු නාට්‍යයකි. රත්න ශී‍්‍ර විජේසිංහ මෙහි අලුත් සන්දේශ රචනා කර ඇත. මේ ඔස්සේ නූතන විද්්‍යුත් මාධ්‍ය සංස්කෘතිය උග්‍ර විවේචනයකට ලක් කිරීමක් සිදු වෙයි.

‘බුරුවා මහත්තයා’ (2012) උර්දු ලේඛක ක්‍රිෂන් චන්දර්ගේ කෙටි කතාවක් ඇසුරෙන් සම්පාදිතය. ‘අ ඔටෝබයෝග්‍රැෆි ඔෆ් අ ඩොන්කි’ නම් වූ මෙම කෙටිකතාව සද්ගුණවත් බූරුවා මහත්තයාගේ ස්වයං ලිඛිත චරිතාපදානය නමින් මෙය ගුණතිලක මැටියගනේ පරිවර්තනය කර ඇත. (ක්‍රිෂන් චන්දර් වේදිකා නාට්‍ය රචනා කර නැත).

‘සෙල්ලම් නිරිඳු’ (2013) සිංහලයේ අවසාන රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යුගය පසුබිම් කරගෙන එම චරිතයත් ඔහුගේ බිසව වන සුමිත්‍රාගේ චරිතයත් දස්කොන් නමින් ප්‍රකට වූ ගැස්කොයින් යන චරිතයත් අතර ඇතිවන යම් යම් සබඳතා ඔස්සේ කතාව දිග හැරේ.

‘හඬ නිහඬ’ (2016) මනෝරත්න දැනට අවසානයට රචනා කර නිෂ්පාදනය කළ නාට්‍යය වෙයි. නූතන ඉතිහාසය පුරා එන ගායක පරම්පරාවල ඛේදාන්තය මෙයින් නිරූපිතය.

මේ හැම නාට්‍යයකම ප්‍රධාන චරිතය මනෝ විසින් රඟපානු ලැබීම විශේෂත්වයකි.

එසේම මොහුගේ නාට්‍යවල කිසියම් ඒකමිතියක් ද දැක්ක හැකිය. එකක් දෙකක් හැරුණු කොට අන් නාට්‍ය සියල්ලම ස්වතන්ත්‍ර කෘතිවීම, වාර්තා රංග ශෛලිය භාවිත කිරීම (අන්දරේලාගෙන් පසුව) ප්‍රාසංගික ලක්ෂණ පූර්ව රංගයක් හා ඇතැම් විට අපර රංගයක් ද ඇතුළත් වීම හාස්‍ය හා උත්ප්‍රාසය මුසු වූ සංවාද රචනය මේ ඒකමිතියට හේතු වෙයි.

කුමන සමාජ අර්බුද මැද්දේ වුව ද වේදිකාව අත නොහරිමින් අඛණ්ඩව 1980 සිට 2016 දක්වා වූ 26 වසරක කාලය තුළ හෙතෙම නාට්‍ය 15 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීම ඇත්තටම ප්‍රශංසා කටයුත්තකි.