වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 12 වැනිදා අඟහරුවාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
මනෝ චරිත හතක් ගැන කියයි

මනෝ චරිත හතක් ගැන කියයි

ඉබේ කෙඳීරි ගෑවෙනකොට බඩගින්නේ
උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ

ප්‍රසන්න විතානගේ නිෂ්පාදනය කළ ‘ද්විත්ව’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය වන්නේ දාරියෝ ෆෝ නම් ඉතාලි ජාතික නාට්‍යකරුවාගේ නිර්මාණයක් ඇසුරිනි. බෙරාර්ති හා අනියෙල්ලි යන චරිත ද්විත්වය වටා ගෙතුණු මේ නාට්‍යය රඟපාන්නේද එකම නළුවෙකි. අනෙක් මාධ්‍යවල මෙන් නොව වේදිකාවට මෙය අභියෝගයකි. ශාරීරික වශයෙන් බොහොම මහන්සි වෙමින්, මානසික වශයෙන් ක්ෂණයෙන් අනෙක් චරිතයට මාරු වීමට මට සිදු විය.

මෙහි මා රඟපාන්නේ සමරසේකර නම් ක්‍රීඩා පුහුණු ගුරුවරයකුගේ චරිතයයි. කොළඹ ප්‍රදේශයේ ජාතික මට්ටමේ තක්සලාවක උගැන්වීම් කටයුතුවල නියැළෙමින් සිටින ඔහුට හදිසියේම ලැබෙන්නේ දඬුවම් මාරුවකි. සිය ජීවිතය ම ෆුට්බෝල් සඳහා කැප කළ ඔහුට ඒ බලාපොරොත්තු අතැර දමා දුෂ්කර පළාතකට පිවිසීමට සිදුවන්නේ සුළු සිදුවීමක් නිසා ය. ඒ ප්‍රදේශයේ උන් ළමෝ ෆුට්බෝල් ගැන දැක තබා අසාවත් නැත. එවැනි දුෂ්කර ග්‍රාමයක ළමයින් ඒකරාශී කරමින් සොයාගෙන ගොස් ෆුට්බෝල් ක්‍රීඩාවට යොමු කරමිනි.

ඔහු පුංචි තිරය, රිදී තිරය, වේදිකාව යන ත්‍රිත්ව මාධ්‍යයම ජයගත්තෙකි. රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ලෙස පිටපත් රචකයකු ලෙසත් අප හමුවට පිවිසෙන මේ සොඳුරුතමයා සිය රංගන දක්ෂතාව කලාව සඳහා භාවිත කළේ යහපත් සමාජයක් ගොඩනැඟීමේ බලාපොරොත්තුව පෙරදැරිව ය. ඒ වසර පනහක පමණ බලාපොරොත්තු පෙරදැරි ගමන දෙස ආපසු හැරී බලන විට ඔහුට හැඟෙන්නේ ඒ උතුම් අදහස අතහැරී ඇත්තේ සියයට දශම කිහිපයක් පමණක් බව ය. එය හැරැණු විට අනෙක් සියලු ම චරිත ඔහු රඟපාන ලද්දේ යම් අරමුණක් මූලික කරගෙන ය. නැතිනම් මහත් තෘප්තියෙනි. ඒ නිසා ඔහු රඟපෑ චරිත සියල්ලට ම මෙන් ඔහු බොහෝ සේ ආදරය කළේ ය. ඒ අතරින් චරිත හතක් තෝරා බේරා ගෙන අදහස් දැක්වීමට පෙළ ගැස්වූයේ සරසවිය පුවත්පත උදෙසා අප කළ ආරධනාව සලකා ය. මෙලෙස සිය රංගන ජීවිතයේ තමා රඟපෑ ආදරණීය චරිත හතක් පිළිබඳ අදහස් දක්වන මේ විශේෂාංගයට පළමුව සහභාගි වූයේ ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න ය.

ළඳකගේ ඇස් මිණි පහන් ලෙස
දිලෙන බව නෙක් කවින් කී බස
නොඇදහූයෙමි තතු නොදත්තෙන්
ඔබ දුටු වෙලේ සැබෑ විය එය
වරින්වර ආලෝක වන සැටි
වරින්වර යළි නිවී යන සැටි
පසක් නොකළෙමි මෙතුවාක් කල්
එබ දුටු වේලෙ සැබෑ විය එය...”

‘පෙමතො ජායතී සොකො’ වේදිකා නාට්‍යයේ මේ ගීතය මතකයට නැඟෙන සෑමවිට ම පාසලෙන් පසුව මගේ නාට්‍ය ගුරුතුමා බවට පත් වූ මහඇදුරු මහාචාර්ය සරච්චන්ද්‍රයන් මගේ මතකයට පිවිසෙන්නේ සැනෙනි. ඒ එතුමාගේ නිෂ්පාදනයෙන් යුතුව වේදිකාවට පිවිසි ‘පෙමතො ජායතී සොකො’ හි මා පණ පොවන්නේ උද්දාල බමුණාගේ චරිතය සඳහායි. ඒ චරිතය සඳහා මා තෝරා ගත් විගස එල්ල වුණු අභියෝග රැසකි. ඒ මෙය ගීත නාටකයක් වීම ය. ශ්‍රැතිය හා රිද්මය ආරක්ෂා කර ගනිමින් ප්‍රේක්ෂාගාරයේ අවසන් අසුන දක්වා ම ඇසෙන අයුරින් ගැයීමට සිදු වූ අතර ම රංගනයේ යෙදීම ද සුළු පටු කාර්යයක් නොවිනි. එකල මම දහඅටක් තරම් වයසැති වියේ උන් කොලුගැටයකු වීමි. එවැනි කලෙක රඟපෑමට පිවිසි මුල් අවධියේ ම මෙවැනි චරිතයකට පිවිසීමට ලැබීමත්, මහාචාර්ය සරච්චන්ද්‍රයන් වැනි නාට්‍යකරුවකු යටතේ රගපෑමට ලැබීමත් මගේ ජීවිතයේ ස්මරණීය අවස්ථාවකි. මා ලද භාග්‍යයකි. ඒ බොහෝ දේ ඒ ඇසුරින් උගැන්මට මට හැකි වීම නිසා ය. ගීතය මෙන්ම ජීවිතයේ ඉතා ගැඹුරු අහුමුළු අතපත ගෑමට ලැබුණු ඒ උද්දාලගේ චරිතය මගේ ජීවිතයේ නොමැකෙන මතකයකි. ජීවිතයේ පමණක් නොව රංගනයේත් අත්දැකීම් නොමැතිව සිටි මට සරච්චන්ද්‍රයන්ගේ ඇසුර මහමෙරකි. එමෙන්ම ‘පෙමතො ජායතී සොකො’ හි උද්දාලගේ චරිතය විශේෂිත වීමට අනෙකුත් කාරණයක්ද යෙදිණි. ඒ මා ප්‍රිය බිරිය ජයන්ති මට මුණ ගැසුණේද එහිදී ය. ‘පෙමතො ජායතී සොකො’ හි මා උද්දාල වනවිට ඇය ස්වර්ණතිලකා වූවා ය. උද්දාලගේ අතගත් ස්වර්ණතිලකා මෙන් මගේ අත ගත්තේද ස්වර්ණතිලකාම ය.

මගේ සිත ඊළඟ නතර වන්නේ සරත් ධර්මසිරිගේ ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ ගණිතසාර අසලිනි. ලාංකේය සිනමා ශාලාවල තිරගත නොවූවද මේ වනවිටත් ජාත්‍යන්තර සම්මාන උලෙළවලදී සම්මානයට පාත්‍ර වූ ‘සූවිසි විවිරණ’ චිත්‍රපටයේදී මා කළ රංගනය වෙනුවෙන් ඉන්දියාවේ දිල්ලියේ පැවැති සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි. ගණිතසාර උඩරට පාරම්පරික නර්තන ගුරුවරයෙකි.

මා බෙහෙවින් මේ චරිතයට ඇලුම් කරන්නේ මගේ අක්මුල් ද මේ චරිතයේ ඇතැයි සිතෙන බැවිනි. මගේ ගම්පළාත වන දෙහිපේද තිබෙන්නේද උඩරටම ය. එහි කෙළිදෙළෙන් හැඳී වැඩුණු මට කුඩා කාලයේ පටන් ම නැටුම් ගුරුන්නාන්සේලාගේ ඇසුර අමුත්තක් නොවේ. ඒ චරිතය මට අපේ ජානවලම තිබුණු චරිතයක් යැයි පසුව හැඟෙන්නේ ඒ නිසා ම විය යුතුය. මා නිර්මාණය කළ ‘තලමල පිපිලා’ වේදිකා නාට්‍යයටද මූලික ප්‍රස්තුතය සපයන්නේ උඩරට නැටුම් සම්ප්‍රදාය මුහුණදුන් ඛේදවාචකයයි. එහි උන් රම්බරනා ගුරුන්නාන්සේගේ සමාරෝපය ගණිතසාර නර්තන ගුරුන්නාන්සේටද යම් බලපෑමක් කළ බව සැබෑවකි. නර්තන ගුරුවරයකු වුවද ඔහුද සම් මස් ඇට නහරවලින් සැදුණු මිනිසෙකි. විවාහක පුරුෂයකු ලෙසත් ගෘහ ජීවිතයේ ඔහුට මුහුණ දීමට සිදුවන කටුක අත්දැකීම් හා ගුරුවරයකු ලෙස ගුරු - ශිෂ්‍ය සමාගමය ඇතුළත මුහුණදෙන අත්දැකීම් ඇසුරේ ඇතුළු සමාජයේදී ඔහුට තිබෙනා පිළිගැනීම හරහා දිවෙන සංකීර්ණ චරිත ලක්ෂණ ගණිතසාරගෙන් මොනවාට පිළිබිඹු වෙයි. දෙහිපේ ගමේ සිටි රම්බරනා, සේදර, ගුණමලා වැනි ගුරුන්නාන්සේලාගේ චරිත ලක්ෂණ අඩු නැතිව ගණිතසාරට තිබිණි. සමාජයීය වශයෙන් ඔවුන් මුහුණ දුන් ගැටලු මා නෙත් දෙකෙන් ම දුටු බැවින් ගණිතසාර නිරූපණය කිරීමේදී ඒ ඒ දේ මගේ මනසේ තැන්පත් වී තිබීම මට සැලසුවේ පහසුවකි.

මෙවේලෙහි ප්‍රසන්න ජයකොඩිගේ ‘සඳ අමාවකයි’ ටෙලි සිත්තමේ බස්රථ රියැදුරු පීටර් අයියාගේ චරිතය මට සිහියට නැඟෙයි. රූපවාහිනි සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වන පීටර් අයියාගේ චරිතය අවිහිංසක, ලෝකයටම ආදරය කළ හැකි ගැමියෙකි. හදිසියේම මුහුණ දීමට සිදු වන අනතුර නිසා තරුණ ගුරුවරියකට අත්වන ඉරණමෙන් ශෝකයට පත්වන පීටර් අයියාගේ මනෝභාවය අපූරු ලෙස මෙහිදි රූපයට නැඟෙයි.

“මම නිසා නේද ඈට එහෙම වුණේ?”

යන සිතුවිල්ලෙන් පෙළෙන මනෝභාවයත්, අන්ධ ගුරුවරියට සහය වීම නිසා විවාහකයකු වූ සිය බිරියගේ උදහසට ලක්වීමත්, එල්.ටී.ටී.ඊ. අවදානමේ පසුවූ පීටර් අයියා වසන ග්‍රාමයත්, එහි වසන මිනිස්සුන්ට අසීමිත ලෙස උදවු උපකාර කරන පීටර් අයියාගේ චරිත ස්වභාවයත්, අවසානයේ ඔහු ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වීමත් දක්වා වූ ඔහු සංකීර්ණ චරිත ලක්ෂණ රැසකින් හෙබි ගැමියෙකි. ඒ සංකීර්ණ චරිත ලක්ෂණවලින් අර්ථ ගැන්වුණු මේ චරිතය අපට සිහිපත් කරන්නේ අධ්‍යක්ෂවරයාගේ සූර භාවයයි. වර්තමානයේ පුංචි තිරයට නැඟෙන ටෙලි සිත්තම්වල පැමිණෙන චරිත ස්වභාවයන් විමසීමේදී පීටර් අයියා තරම් එවැනි සංකීර්ණ වූ ගති ස්වභාවයන් සහිත චරිත තිබේදැයි අපගේ සිතට මතුවන්නේ සැකයකි. බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වුණු පීටර් අයියා සිහිපත් වනවිට මගේ මතකයට නැඟෙන්නේ මගේ අප්පච්චී ය. බස්රථ රියැදුරකු වූ ඔහු ද ඒ චරිතයේ සාර්ථකත්වය පසු පස සිටින බව නොරහසකි. ඒ ජානමය ලක්ෂණ සහිත පීටර් අයියාට මම බෙහෙවින් ප්‍රිය කරමි.

ශෛලිය අතින් ස්වාභාවික, තාත්වික සංවාද නාට්‍ය ගණයට වැටෙන රන්ජිත් ධර්මකීර්තිගේ ‘මෝදර මෝල’ වේදිකා නාට්‍යයේ ලියන මහත්තයා මගේ ආදරය දිනූ චරිතයකි. මේ නාට්‍යය මගේ ජීවිතයට විශේෂ වන්නේ එක්තරා යුගයක සමාජයේ හරස් කැපුමක් බඳු වූ නිසා ය. ඒ ‘මෝදර මෝල’ නාට්‍යය වැඩවසම් යුගයෙන් වාණිජවාදී සමාජයට පරිවර්තනය වීම විදහා දැක්වෙයි. කර්මාන්ත ශාලාවක් මූලික කර ගනිමින් පැවැත එන මේ කතාවේ වැඩිහිටි පරම්පරාව එය පවත්වාගෙන ගියේ කෙසේද? යන්න මනාව විදහා දැක්වෙයි. ඔවුන් කම්කරුවන්ට සැලකුවේ බොහොම ආදරණීය ලෙසිනි. මේ නිසා කම්කරුවෝද හාම්පුත්තුන්ට බොහෝ සේ ආදරය කළේ ය. එහෙත් ඔහුගේ පුතුට කම්හලේ පරිපාලනය භාරදුන් පසුව සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ සිදුවීම් මාලාවකි. ඔහුට කම්කරුවන් කම්කරුවන්ම පමණකි. ඒ සිදුවන සමහර සිදුවීම් නිසා මුදලාලි හා ලියන මහතා බෙහෙවින් කම්පනයට පත්වෙති. සංවේදනා සහිත සමාජය නියෝජනය කරන ලියන මහත්තයාට මුදලාලිගෙන් තොර ලෝකයක් නොවෙයි. මුදලාලිගේ පුතු පරිපාලනයට පිවිසි පසුව ලියන මහත්තයාගේ චරිතය

“තමුසෙලාට දැන් වයසයි. වැඩ කරන්න බැහැ.”

යනාදී ලෙස උපහාසයට ලක්වන්නේ ඉබේම ය. ලෝක දෙකක් අතර ඇතිවන ඝට්ටනය මනාලෙස නිරූපණය කරන ‘මෝදර මෝල’ට මා වඩාත් ඇලුම් කරන්නේ ස්වාභාවික නාට්‍ය රීතිය නිසා ය. ස්වාභාවික නාට්‍ය රීතිය පිළිබඳ මනාලෙස අප උගැන්නේ රන්ජිත් ධර්මකීර්ති වැනි කෘතහස්ත නාට්‍යකරුවකු යටතේ ඉඳීමිනි. ඒ පිළිබඳ මනා අවබෝධයක් ඔහුට තිබිණි. ස්ටැනිස්ලවුස්කිගේ ක්‍රමවේදය අනුගමනය කළ ඔහු ඒ ඔස්සේ යමින් නිර්මාණ කළේ ය. ඒ නිර්මාණ ගොන්නට වැටෙන ‘මෝදර මෝල’ නාට්‍යය මගේ රඟපෑම් ජීවිතයේ සංදිස්ථානයකි.

මෙවර මා තෝරා ගන්නේ තවමත් තිරගත වී නොමැති චිත්‍රපටයකි. එය රොහාන් පෙරේරාගේ ‘ගෝල්’ චිත්‍රපටයයි. මෙහි මා රඟපාන්නේ සමරසේකර නම් ක්‍රීඩා පුහුණු ගුරුවරයකුගේ චරිතයයි. කොළඹ ප්‍රදේශයේ ජාතික මට්ටමේ තක්සලාවක උගැන්වීම් කටයුතුවල නියැළෙමින් සිටින ඔහුට හදිසියේම ලැබෙන්නේ දඬුවම් මාරුවකි. සිය ජීවිතය ම ෆුට්බෝල් සඳහා කැප කළ ඔහුට ඒ බලාපොරොත්තු අතැර දමා දුෂ්කර පළාතකට පිවිසීමට සිදුවන්නේ සුළු සිදුවීමක් නිසා ය. ඒ ප්‍රදේශයේ උන් ළමෝ ෆුට්බෝල් ගැන දැක තබා අසාවත් නැත. එවැනි දුෂ්කර ග්‍රාමයක ළමයින් ඒකරාශී කරමින් සොයාගෙන ගොස් ෆුට්බෝල් ක්‍රීඩාවට යොමු කරමිනි. ඔහුගේ චරිතය රඟපාන විට මගේ සිහියට නැගෙන්නේ ‘ගුරු ගීතයේ’ දුයිෂෙන් ය. දුයිෂෙන් වැනි වූ ගුරුවරයකු වූ සමරසේකර නතර වන්නේ සිය අධිෂ්ඨානය මුදුන්පත් කර ගනිමිනි. ඒ කිසි දිනෙක ෆුට්බෝල් යන නමවත් නොඇසූ ග්‍රාමයක පාසලකින් ෆුට්බෝල් කණ්ඩායමක් ජාතික තලයට රැගෙන යමිනි. මගේ ජීවිතයට හාත්පසින්ම වෙන්ස වූ ක්‍රීඩා පුහුණු ගුරුවරයාගේ මේ චරිත නිරූපණය බෙහෙවින් සුන්දර යැයි මට හැඟේ. කාෂ්ටක පරිසරයත් එහි වෙසෙන මිනිස්සුන් හා ළමයින්ගේ ජීවිත වටා ගෙතී ඇති ගෝල් හි සමරසේකර මගේ රංගන ජීවිතයට අනාගතයේදී ආලෝකයක් වනු ඇතැයි මම සිතමි.

දුක වුණත් විඳීන විට එක දිගටෝම
උඹ වුණත් යන්නට යයි මට නොකියාම
ගොවිතැනක් බතක් කර සිටියොත් මෙහෙම
හොඳ කලක් ලබන්නේ කවදද කොහොම.......
ඉබේ කෙඳීරි ගෑවෙනකොට බඩගින්නේ
උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ
ලැබේනම් අණක් මහ රජ්ජුරුවන්නේ
තඹේකට නොසලකා කොහොමද ඉන්නේ ”

මා රචනා කළ හා නිෂ්පාදනය කළ ‘අන්දරේලා’ වේදිකා නාට්‍යයේ අන්දරේ ගයන මේ ගීතවලට ප්‍රේක්ෂකයා බෙහෙවින් ප්‍රිය බව මම දනිමි. මා නිෂ්පාදනය කළ නිර්මාණ අතරින් මගේ සිත අන්දරේගේ චරිතය අසල නතර වීමට මේ ප්‍රේක්ෂක ආදරයද යම් හේතුවක් වන බව නොසඟවා පැවසිය යුත්තකි. අන්දරේගේ නම ඇසෙන විටම ප්‍රේක්ෂකයාට සිහිපත් වන්නේ රජ වාසල කවටයාගේ චරිතයයි. ඒ පිළිබඳ තොරතුරු සොයන විට බොහෝ තොරතුරු නොලැබුණද මා එය මේ නාට්‍යයේදී චරිතයක් බවට පත් කරන්නේ වෙනස් අදහස් ඇතිවම ය. මොහුව අපේ සමාජයේ ස්ථාපිත වන්නේ රජ වාසලේ රජ්ජුරුවන්ට කවටකම් කළ පුද්ගලයකු වශයෙනි. මා ඒ සත්‍ය එලෙසින් ම තබා ගනිමින් ගමේ සිටි සියල්ලන්ම රසවත් කළ ගොවියකු ලෙසින් අන්දරේව රැගෙන එන්නට උත්සාහයක යෙදුණෙමි. මා මේ නිර්මාණය කරන්නේ 19 වැනි සියවසේ අග භාගයේයි. එහෙත් බලය පිළිබඳ, කුමන්තුණ පිළිබඳ, රාජ්‍ය පාලනය පිළිබඳ, පාලක - පාලිත සම්බන්ධතා පිළිබඳ සබඳතා දිවෙන්නේ එක ම අයුරෙනි. එය ඉතිහාසයට පමණක් නොව පසු කාලයටද අපූරු ලෙස මනාව ගැළපෙන්නකි. මේ ඉතිහාසය මෙන්ම මේ නිර්මාණය බිහිවීමට හේතුපාදක වන අනෙක් මූලය වන්නේ දක්ෂ නළුවකු වන නිහාල් සිල්වාගේ ඛේදනීය අවසානයයි. ඒ සියලු කාරණා අතරින් බිහිවන අන්දරේගේ චරිතය සැබෑ අන්දරේ කෙනෙකි. යථාර්ථවාදී මිනිසෙකි. සැබෑ මිනිසෙකි. මේ මිනිසාට මා බෙහෙවින් ගෞරව කරමි.

ප්‍රසන්න විතානගේ නිෂ්පාදනය කළ ‘ද්විත්ව’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය වන්නේ දාරියෝ ෆෝ නම් ඉතාලි ජාතික නාට්‍යකරුවාගේ නිර්මාණයක් ඇසුරිනි. බෙරාර්ති හා අනියෙල්ලි යන චරිත ද්විත්වය වටා ගෙතුණු මේ නාට්‍යය රඟපාන්නේද එකම නළුවෙකි. අනෙක් මාධ්‍යවල මෙන් නොව වේදිකාවට මෙය අභියෝගයකි. ශාරීරික වශයෙන් බොහොම මහන්සි වෙමින්, මානසික වශයෙන් ක්ෂණයෙන් අනෙක් චරිතයට මාරු වීමට මට සිදු විය. වේදිකාවේ දකුණු පසින් අනියෙල්ලි ඉවත් වනවිට ම වේදිකාවේ වම් පසින් බෙරාර්ති පැමිණෙයි. ඒ යන කාලයේ ඇතුළත ඇඳුම් මාරු වන අතර ම දෙබස් ද කියැවෙයි. එවැනි අන්තරාකාරී, අවදානම් සහිත චරිත නිරූපණයක යෙදුණු මා සම්පූර්ණයෙන්ම ශරීරය හා මනස අවධානයෙන් තබාගත යුතු චරිතයකි. අහස පොළොව තරම් හාත්පසින්ම වෙනස් චරිත ලක්ෂණ සහිත මේ චරිත වේදිකාවේ මැවූ සුන්දරත්වය මගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් ලෙස මම දකිමි. ප්‍රසන්න විතානගේ වැනි අධ්‍යක්ෂවරයකු යටතේ එවැනි චරිත රඟපෑමට ලැබීම ගැනද මම සතුටට පත්වෙමි. එය මා රංගන ජීවිතයේදී ලැබූ සුන්දරම අත්දැකීමකි.