වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 12 වැනිදා අඟහරුවාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට

අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට

හඳ එළියට වෙඩි තියන්න ගැන ටනුජ් කියන කතාව

“70 දශකයේ පැවැත්වුණු ඒ වේදිකා නාට්‍ය උලෙළේ දී මම සඳ කිඳුරිගේ චරිතය එකදිගට ම දින හතක් ම රඟපෑවා. ඊට පස්සේ සිනමාවට පැමිණීමත් සමඟ ම මට වේදිකාව මඟ හැරුණා.

“මට තවම මුණ ගැසී නෑ
මුළු රාත්‍රිය ම
මගේ යැයි කිවහැකි රැයක්
ආදරයක සුවඳ සොයා
ජීවිතය ම දුරක ගියා....//
ආපසු හැරුණම මටම කියා කිසිවෙක්
මට තවම මුණ ගැසී නෑ
මුළු ජීවිතය ම මගේ යැයි කිවහැකි කෙනෙක්

සිහින උනන සඳ එළියක
පාර සොයන ආදරයක...//
පිනි බිඳුවක සිහිලක්වත් ගෙනෙනා
මටම කියා කිසිවෙක්
තවම මුණ ගැසී නෑ
මට දුකම මිස සතුටක්
ගෙන ආ කෙනෙක්

ආදරයක රස තවරා
ජීවිතයට දුක එබුණා...//
මටම මා ඉතිරිව ගිය මොහොතක
තවම මුණ ගැසී නෑ
මගේ ජීවිතය මට එපා
කළහැකි කෙනෙක්.....”

වේදිකාව එක් පසෙකට වී කවුදෝ ගැයුවා. ඒ ගැයුම සැබෑ මිනිසකුගේ ආත්මය හෙළි කරන කැඩපතක් වැන්න යැයි මට සිතුණේ ඉබේටම. හදිසියේ ම හමුවුණු ඒ සැබෑ ආත්මය හෙළි කරන මිනිසාව සොයාගෙන මා පිවිසුණේ වේදිකාවට.

“ටනුජ් අනවරත්න”

ඔහු සිටියේ ඔහුගේ ‘හඳ එළියට වෙඩි තියන්න’ නවතම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කරන අතරතුර.

ටනුජ්ගේ ‘හඳ එළියට වෙඩි තියන්න’ අලුත්ම වේදිකා නාට්‍යය මංගල දැක්ම තියෙන්නේ මේ මාසේ 26, 27 යන දිනවල. ඒ රාත්‍රි 6.45ට බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර් එකේ.

වේදිකාවේ හක්කලං කරන ජයනාථ බණ්ඩාර, නදීෂා, ජනක කුඹුකගේ ‘හඳ එළියට වෙඩි තියන්න’ සූදානම්. ඊට අමතරව කාලයකට පස්සේ වේදිකාවට තවත් කෙනෙක් ගොඩ බැසලා. ඒ ඈ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්

“නීටා ප්‍රනාන්දු”

අද ආසියාවේම දක්ෂතම නිළිය වී සිටියත් ඈ රංගන ගමන ආරම්භ කළේ වේදිකාවෙන්. ඒ ‘සඳ කිඳුරි’ගේ චරිතයෙන්.

“70 දශකයේ පැවැත්වුණු ඒ වේදිකා නාට්‍ය උලෙළේ දී මම සඳ කිඳුරිගේ චරිතය එකදිගට ම දින හතක් ම රඟපෑවා. ඊට පස්සේ සිනමාවට පැමිණීමත් සමඟ ම මට වේදිකාව මඟ හැරුණා. වේදිකාවේ රඟපෑමට ආසාවක් සිතේ කොනක හැංගිලා තිබුණත් සිනමාවත් සමඟ කාර්යබහුල බව ඒ සියලු අදහස් වෙනස් කළා. ඒත් ටනුජ් අනවරත්නගේ ආරාධනාවත් එක්ක ඒ යටපත් වී තිබුණු අදහස යළිත් සැබෑවන බවයි පෙනෙන්නේ. ‘හඳ එළියට වෙඩි තියන්න’ වේදිකා නාට්‍යයේ රඟපෑම මගේ රංගන ජීවිතයේ වෙනස් ම පියවරක්. සමාජයේ තිබෙන ප්‍රශ්න ගැන කතා කරන මේ වේදිකා නාට්‍යයේ මා රඟපාන්නේ ජානකීගේ චරිතයයි.”

ආසියාවේ හොඳම නිළිය විදියට ඇගයීමට ලක්වුණු ඈ පැවසුවේ හදවතේ ඉපදුණු සැබෑ ම සතුටත් එක්ක.

“මා සිතාගෙන සිටියේ වේදිකාව උඩදි අධි රංගනයක යෙදිය යුතුයි කියලා. එහෙත් ටනුජ්ගේ අධ්‍යක්ෂණය යටතේ ඒ රඟපෑම සිනමාවේ කැමරාවක් ඉදිරියේ රඟපාන අයුරින්මයි මට දැනුණේ. ගෙත්තමක ආකාරයෙන් විහිද යන මේ නිර්මාණයට මගේ රංගන දායකත්වය උපරිමයෙන් ලබාදීමටයි මා බලාපොරොත්තු වන්නේ.”

ටනුජ් අනවරත්න නීටා ප්‍රනාන්දුගේ රංගනය ගැන මුලින්ම හඳුනා ගැනෙන්නේ ‘නිසලගිර’ චිත්‍රපටයේදී. ‘නිසලගිර’ට පිවිසෙන්නට පෙර ඔහු වේදිකා නාට්‍යකරුවකු විදියටයි සිය කලා ගමන අරඹන්නේ.

“1993 ‘සුබෝධි’ කෙටි නාට්‍ය උලෙළට කෙටි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමිනුයි මා නාට්‍යය ලෝකයට පා නඟන්නේ. මට අද වගේ මතකයි එහි විනිශ්චය මණ්ඩලයේ සිටියේ සුගතපාල ද සිල්වා ඇතුළු ප්‍රවීණ නාට්‍යකරුවන් පිරිසක්. එහිදි හොඳම අධ්‍යක්ෂණය හා හොඳම කෙටි නාට්‍යය බවට පත්වන්නේ මගේ කෙටි නාට්‍යයයි. ඉන්පසුව මා නිර්මාණය කළ ‘පරාජිතයෝ’ කෙටි නාට්‍යයට 94 වසරේ යෞවන සම්මාන උලෙළේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන කිහිපයකුත්, 97 වසරේදී මා නිර්මාණය කළ ‘සදොළු මල’ දිගු නාට්‍යයට යෞවන සමමාන උලෙළේදී හොඳම රචනය ඇතුළු සම්මාන කිහිපයක්මත් ලැබෙනවා. ඒ කළ වේදිකා නිර්මාණවලින් පස්සෙයි මා ‘මංගලම්’ කියන කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒක අහම්බයෙන් නරඹන ප්‍රවීණ රංගන ශිල්පිනියක වන නීටා ප්‍රනාන්දුව මට මුණ ගැසෙන්නේ ඒ නිර්මාණය හරහායි.”

ඒ හමුවීමෙන් පස්සේ නීටා ප්‍රනාන්දුත්, ටනුජ් අනවරත්නත් මුල පුරන්නේ භාරධුර කාර්යයකට. ඒ ‘නිසලගිර’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට. ඒ වගේ ම ඔහු අශෝක හඳගමගේගේ ‘තනි තටුවෙන් පියාඹන්න’, ‘අක්ෂරය’ වැනි චිත්‍රපටවල සහය අධ්‍යක්ෂවරයකු විදියට කටයුතු කරනවා. ඒත් ඊට පස්සේ ටනුජ්ට කලාව මඟ හැරෙනවා කාලයක්. ඒ උපකාරක පන්ති ගුරුවරයෙකු විදියට කටයුතු කිරීම නිසා.

“මේ මා යළිත් කලාවට පිවිසෙන්නේ වසර විස්සකට පස්සේ. එහෙම වීමට ප්‍රධාන හේතුව නම් මගේ අනෙක් කටයුතුත් සමඟ කාලය කළමනාකරණය කර ගැනීමට මට නොහැකි වීමයි. ඒ කටයුතුවල නියැළීමත් සමඟ නොදැනීම කාලය ගතවුණා. එහෙත් මා යළිත් එහි පිවිසීමට සිතුවා. ඒ ‘හඳ එළියට වෙඩි තියන්න’ නාට්‍යයත් සමඟයි. මා මෙහි පිටපත ලියන්නේ 2006 වසරේදී. ඒ කාලයේ ඒ පිටපත ලියලා මා කිහිපදෙනෙකුට ම කියවන්න දෙනවා. ඒ කිහිපදෙනා අතර ජයනාත් බණ්ඩාරත් සිටි බව මට මතකයි. ඒ පිටපත ගැන මට වඩා ඒ අයගේ මතකයේ තිබුණූ බව මට දැනුණේ මේ ළඟදියි. ඒ ජයනාත් කළ ආරාධනයෙනුයි මට ඒ බව හැඟුණේ. කලාවෙන් ඈත් වෙලා සිටියා හොඳටම ඇති වසර එකොළහක් ගියාට පස්සෙවත් අපි මේ නාට්‍යය කරමු කියන යෝජනාව ගෙනාවේ ඔහුයි. ඔහු මෙහි සියලු කටයුතු සංවිධානය කළාට පස්සේ යළිත් මා වේදිකාවට පා තබන්නට තීරණය කළා.”

ඒ කියන්නේ ‘හඳ එළියට වෙඩි තියන්න’ වේදිකාවට පිවිසෙන්නේ වසර එකොළහකින්. ඒ තරම් කාලයක් ගතවුණත් මේ පිටපත වටින්නේ එදාට වඩා අදට. මට එහෙම සිතුණේ පිටපත කියෙව්වාට පස්සේ. ඒ ගැන ටනුජ් කිව්වේ මේ වගේ කතාවක්.

“මේ නාට්‍යයේ චරිත දෙස බලන විට පෙනෙන්නේ අපේ ජීවිතවල තිබෙන කඩා වැටීමයි. ඒ කඩා වැටීමට තරාතිරම බලපාන්නේ නැති වගත් ඉන් කියැවෙනවා. බල තණ්හාව මත වැඩිමහල් කාන්තාවක් විවාහ කරගන්න රොහාන්ගේ ජීවිතය හා දරුවන් නොමැති ජානකීට ඔහු දෙන බලාපොරොත්තුව. ඒ හරහා ඔහු මේ බල අරගලයේ රැඳී සිටින්න දරන තැතයි විග්‍රහ වන්නේ. එවැනි තැනකදි ජානකීගේ චරිතයේ තිබෙන සියුමැලිකම හා පන්ති ස්වභාවය අනුව ඒ සඳහා සුදුසුම රංගන ශිල්පිනිය ලෙස මා දැක්කේ නීටා ප්‍රනාන්දුවයි. ඒ චරිතයට අවශ්‍ය හැසිරීම් රටාව, ශරීර ලක්ෂණ යන සියලු කාරණා හරහා ඇය ගැළපෙන බවයි මට හැඟුණේ. ඒ නිසයි මා මේ චරිතයට නීටා ප්‍රනාන්දුවම තෝරා ගනු ලැබුවේ. චරිතය ගැන විස්තර කළාට පස්සේ ඇයත් ජානකීගේ චරිතය රඟපෑමට කැමැත්ත ප්‍රකාශ කරනවා. ජයනාත, ජනක කුඹුකගේ, නදීෂා යන තිදෙනාට ම වේදිකාවේ දිගු කාලයක පළපුරුද්ද තිබෙන ශිල්පීන්. එහෙත් නීටා අක්කාට වේදිකාව සම්බන්ධයෙන් තිබෙන පළපුරුද්ද, අත්දැකීම් මඳ බව ඈ වටහාගෙනම ඇගේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ බව අමතක කර දමා පුහුණුවීම්වලට සහභාගි වීමම මා දකින්නේ ඈ සතු නිහතමානී බවයි. මේ නාට්‍යයට ප්‍රධාන චරිත හතරම ලබාදෙන සහයෝගය අපමණයි. ඔවුන් සියලුදෙනා ම මගේ සිතේ මැවුණ රූප රාමු වේදිකාවේ ප්‍රතිනිර්මාණය කිරීමට මට සහය වූ බවයි මා සිතන්නේ. එහි සාර්ථක අසාර්ථක බව තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයන් විසින්.”

ජානකී කියන්නේ වයසින් වැඩිමහල් චරිතයක්. රොහාන් කියන වයසින් බාල තරුණයා ඇමති දියණියව විවාහ කර ගන්නේ බලාපොරොත්තු රැසක් ඇතිව. ඒත් ජානකීගේ චරිතයට නීටා ප්‍රනාන්දුව ගැළපේවිද? මගේ සිතට නැඟුණේ ප්‍රශ්නයක්.

“ජානකීගේ චරිතය ගැන සිතන විටම මගේ සිතේ මැවුණේ නීටා අක්කාවයි. අනෙක් කාරණය නම් පුරුෂයා සමඟ වැඩිමහල් ගැහැනියක් හුරතල් වීමට දරන රඟපෑම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. වෙන කෙනෙකු අතින් එය සිදුවුවහොත් විකෘති විය හැකියි. නීටා අක්කාගේ තිබෙන රංගන ආභාසය හා අභ්‍යාසය මත එහෙම වන්නේ නැහැ කියන අදහසේ මා දැඩිව සිටියා. නියම ජානකී ඇගෙන් ප්‍රතිනිර්මාණය වුණා කියලයි මා සිතන්නේ. ඒ නිසා ඇයව අධ්‍යක්ෂණය කිරීම මට පහසු වුණා.”

ජානකී, රොහාන්, සංකේත් හා වෛද්‍ය මිතුරා වටා ගෙතුණු අපේ සමාජය ඇතුළේ තිබෙන එක්තරා ඛේදවාචකයක් ටනුජ් වේදිකාවට අරගෙන ඇවිත්. ‘හඳ එළියට වෙඩි තියන්න’ හරහා මේ චරිත එකිනෙකා පාවිච්චි කරන අයුරු අපූරුයි. ඒ හරහා ඔවුන් වෙළෙන හුදකලාව ඔබටත් දැනේවි. එය දැනගන්න 26, 27 පුංචි තියටර් එකට එන්න. අපත් ඔබට ආරාධනා කරනවා. අවසාන වතාවට මගේ මතකයට නැඟුණේ ජානකීගේ කටින් පිටවන වචන කිහිපයක්.

“ආණ්ඩුව පෙරළුණා. තාත්තා අනෙක් පැත්තට පැන්න. විපක්ෂ නායකතුමා ජනාධිපති වුණා. අපේ තාත්ත සංස්කෘතික ඇමති වුණා. ජීවිතේට පොතක් කියවපු නැති තාත්තා දාඩිය දාගෙන ගම්පෙරළිය, අමාවතුර, සැළලිහිණි සන්දේශය කියවනවා දැක්කාම මට දුක හිතුණා. තාත්තා සාහිත්‍යකාරයන්ගේ නමයි පොතුයි පටලවා ගන්නවා දැක්කම මට තවත් දුක හිතුණා. මොකක් හරි සාහිත්‍යය උත්සවයකට යන්න එයා ගෙයින් එළියට බහින කොට කිසිම කෙනෙක් එයාගෙන් කලාවයි සාහිත්‍යය ගැනයි ප්‍රශ්න නොකරත්වා කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා.”