වර්ෂ 2018 ක්වූ සැප්තැම්බර් 19 වැනිදා බදාදා




මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා

රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා

රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මාන 10 ක් හිමිකර ගත් චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යයට වසර තුනක් සපිරෙයි. වේදිකා නාට්‍ය කලාවේ ජනප්‍රිය දහරාවේ වේදිකා නාට්‍යවලට පමණක් ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිර යන බව පැවසෙන යුගයක ‘රජා මං වහලා‘ වැනි වේදිකා නාට්‍යය වසර තුනක් අඛණ්ඩව ගමනක යෙදීම සැබවින් ම විශේෂිත සිදුවීමකි. ඒ ගෙවුණු අතීතය හා වසර තුනක කාලයක් නාට්‍යයක් වේදිකා ගත කිරීමේදී විඳීන්නට වුණු දෑ ද, වසර තුන සපිරීම මූලික කර ගනිමින් කිරීමට යන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳ ව ද එහි අධ්‍යක්ෂ චාමික හත්ලහවත්ත සමඟ ‘සරසවිය‘ කළ සංවාදයකි.

‘රජා මං වහලා‘ තෙවර්ෂ පූර්ණය සපිරෙද්දී එදිනට සිදුවන්නේ වේදිකා නාට්‍යය රඟ දැක්වීම පමණක් ද?

‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යයට ජූලි මාසේ 02 වැනිදාටයි වසර තුනක් සපිරෙන්නේ. එදිනට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී සවස 4.00ට සහ 7.00 ට ‘රජා මං වහලා‘ වේදිකා ගතවීමට නියමිතයි. සවස 4.00 ට වේදිකා ගත වන දර්ශනය විශේෂ දර්ශනයක්. එය පාසල්වල ළමයි ඉලක්කකර ගනිමිනුයි වේදිකා ගතවෙන්නේ.

පාසල් ළමයින් වෙනුවෙන් වේදිකා නාට්‍යය රඟ දැක්වීමට අමතර ව සිදුවන වෙනත් විශේෂ වැඩපිළිවෙළ කුමක් ද?

ඒ විශේෂ වැඩපිළිවෙළ ආරම්භ වන්නේ එදින 2.30 ටයි. එය අවසන් වන්නේ 4.00 ටයි. ඒ කාලය ඇතුළත අප කරන්නේ අ.පො.ස. සා.පෙළ ළමයින්ගේ නාට්‍ය හා රංග කලා විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමයි. ඒ ප්‍රායෝගික කටයුතු සාකච්ඡා කිරීම සිදුවන්නේ නිදර්ශන සහිතවයි.

ඒ නිසා නාට්‍ය නරඹන ළමයින්ට ඒ වැඩමුළුවටත් සහභාගි විය හැකියි. මොකද මෙවර පළමු වරට අ.පො.ස. සා.පෙළ ළමයින්ට ඔවුන්ගේ ප්‍රායෝගික විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර්වලයි. ඒ කාරණයත් විභාගයත් මූලික කර ගනිමිනුයි අප මේ වැඩමුළුව සංවිධානය කරන්නේ.

ඒ වගේ ම ඔවුන්ගේ අධ්‍යාපනයට අදාළ කතන්දර කියන කලාව කියන විෂයය කොටසත් ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යය හරහා ආවරණය වෙනවා. එහිදි ක්ෂණික නිරූපණ කුමක් ද? යන්නත්, එවැන්නක් කරන්නේ කෙලෙස ද? යන්නත් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි. ඒ වගේ ම මේ ළමයින්ට විභාගයේදී කතන්දරයක් කියන්න සිදුවෙනවා.

කතන්දරයක් කියන්නේ කොහොමද? එහිදි අනුගමනය කළ යුත්තේ මොනවා ද? යන්නට උදාහරණ දක්වමින් කතන්දර දෙකක් පමණ පැහැදිලි කරනවා.

ඔවුන් විභාගයට සංගීත ඛණ්ඩයකට රංග වින්‍යාසයක් කළ යුතුයි. එතැනදි සංගීත ඛණ්ඩයක් දමා ඊට රංග වින්‍යාසයක් ඉදිරිපත් කරන්නේ කෙලෙස ද යන්නත් අප ඔවුන්ට දැනුමක් ලබා දෙනවා.

නාට්‍ය ගීත ගයන්නේ කෙලෙස ද? ලෝක ධර්මී, නාට්‍ය ධර්මී දෙබස් උච්චාරණය කරන්නේ කෙලෙස ද? ඒ අතර තිබෙන වෙනස්කම් මොනවා ද? කෙටි නාට්‍යයක් හදන්නේ කොහොම ද? යන්න ප්‍රායෝගිකව ඒ අවස්ථාවේ කිරීම මඟින් ඔවුන්ට දැනුමක් ලබාදීමයි අපගේ අරමුණ වන්නේ. මේ සියලු ප්‍රායෝගික අභ්‍යාස කරනු ලබන්නේ මා හා සනත් විමලසිරි විසින්.

ඕනෑ ම ළමයකුට ඒ කාලය ඇතුළත එහි පැමිණ වැඩමුළුවට සහභාගි විය හැකියි. මෙවැනි වැඩමුළුවක් වෙනත් ස්ථානයක නොකෙරෙන නිසා පාසල් ළමයින්ට ඒ සඳහා සහභාගි වීම ඉතාම වැදගත් වේවි.

‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යයට වසර තුනක් ගතවී ඇතත් ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැති ද?

අපේ රටේ බොහෝ ස්ථානවල ‘රජා මං වහලා‘ වේදිකා ගත වුණා. ඒ සෑම අවස්ථාවකදි ම ලැබුණු ප්‍රතිචාර බොහොම හොඳයි. ඒ විතරක් නොවෙයි අන්තර්ජාතික මට්ටමින් පවා අපට ලැබුණු ප්‍රතිචාර මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් ඉදිරිපත් කළ හයසිය අසූවක නාට්‍ය අතරින් හැටක් අතරට අපේ නාට්‍ය දෙකක් තේරුණා.

ඒ අතරින් එකක් ‘රජා මං වහලා‘යි. ඒ අන්තර්ජාතික නාට්‍ය උලෙළේදී එහි සිටි අය අපේ නාට්‍යයේ තිබුණු රංග භාවිතය, පසුතල භාවිතය, අධ්‍යක්ෂණය ඇතුළු සමස්ත නිෂ්පාදනය ම ගැන කතා කළා. අපේ රටේත් විදග්ධ ප්‍රේක්ෂකයා වගේ ම සාමාන්‍ය ප්‍රේක්ෂකයාත් මේ වේදිකා නාට්‍යය ගැන බොහොම පැහැදීමෙන් කතා කළා.

සමහරු මේ වේදිකා නාට්‍යය පස්, හය වතාවක් නැරඹා තිබුණා. ඒ අතරින් කිහිපදෙනකු දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. නාට්‍යය යන යන තැන නැරැඹූ අයත් ඒ අතර සිටියා. විශ්වවිද්‍යාල කිහිපයකට ම ‘රජා මං වහලා‘ අරගෙන යන්නට අපට අවස්ථාව ලැබුණා.

ඒ සෑම අවස්ථාවකදි ම විශ්වවිද්‍යාල ගුරුවරු වගේ ම ශිෂ්‍යයන්ගෙනුත් ලැබුණු ප්‍රශංසා බොහෝයි. ඉදිරියේදිත් නාට්‍ය දර්ශන රැසක් ම මේ වනවිට සංවිධානය වී අවසන්. ඒ වගේ ම මේ වනවිට ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යය පාසල්වල දරුවන්ට පෙන්වීම සඳහා අනුමැතිය ලැබී තිබෙන බව කියන්නේත් සතුටින්. මේ නිර්මාණය යන්නේ වැඩමුළුවක් සමඟ නිසා පාසල්වලින් ඒ සඳහා තිබෙන ඉල්ලීමත් ඉහළයි.

ඔබගේ නාට්‍යයට රාජ්‍ය සම්මාන රැසක් ම හිමිවනවා. ඒ හරහා ලැබුණු ඇගයීම ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යය දිගින් දිගට ම ප්‍රේක්ෂකයා අතරට රැගෙන යන්නට යම් හේතුවක් වූවා ද?

රාජ්‍ය නාට්‍ය උලෙළේ ලැබුණු සම්මානත් එක්ක නාට්‍යය වේදිකා ගතකිරීමට යම් පිටුබලයක් සැපයූවා. එය හොඳ පදනමක්. ඒත් රාජ්‍ය සම්මාන ලැබුණු පමණින් ම නාට්‍ය දුවන්නේ නැහැ. ඒ වගේ සම්මාන අරගෙන නොදිව්ව නාට්‍ය ගැන අප ඕනෑ තරම් දන්නවා. මම නම් හිතන්නේ නැහැ සම්මාන අරගෙන නාට්‍යයක් ගෙදර තබා ගත යුතුයි කියලා. ඒ නිසා මා නාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්න විශාල උත්සාහයක් දැරුවා. එහිදි නාට්‍යයක් නිෂ්පාදනය කරනවාට වඩා එය අපහසු කාර්යයක්. මා වගේ ම ඒ කටයුත්ත සඳහා නාට්‍යයේ රඟපාන නළු නිළියන් ඇතුළු සියලු දෙනා ම සහය වුණා. කොහොම නමුත් ඒ දැරුව උත්සාහයේ ප්‍රතිඵලයක් විදියටයි අද ‘රජා මං වහලා‘ මේ විදියට රටපුරා ම වේදිකා ගත වන්නේ.

අප කතා ඇසීමේ කැමැත්තක් දක්වන ජාතියක් බව සැබවි. එහෙත් ඒ කතා වේදිකා නිර්මාණයක් හරහා නැරැඹීමේදී නාට්‍යෝචිත නොවුණහොත් ප්‍රතික්ෂේප වන්නේ ඒ සැණින්මයි

මුලින් ම මා මේ කතාව ලිව්වේ කතන්දර තුනකින් යුක්ත පිටපතක් විදියටයි. ඒ සාමාන්‍ය සාහිත්‍ය පිටපත අත්හදා බැලීම් කරමින්, ඒ කතා ප්‍රේක්ෂකයාට ගැළපෙන විදියට, හැඟීම් මතුවන විදියට, අර්ථය මතුවන විදියට කරන්නේ කොහොමද කියන කාරණයයි ඊළඟට සලකා බැලුණේ. ඒ සම්බන්ධයෙන් දැරුව උත්සාහයේ ප්‍රතිඵලයක් විදියටයි මේ නාට්‍යය බලාගෙන සිටිය හැකි නිර්මාණාත්මක නිර්මාණයක් බවට පත් වුණේ. විඳීන්න හැකි නිර්මාණයක් බවට පත් වුණේ. මෙහි සිටින නළු නිළියන්මයි වේදිකා පරිපාලකයන් බවට පත්වන්නේ. පසුතලය එහාට මෙහාට හදන්නේ. ඇඳුම - පැලඳුම් මාරු කරන්නේ, ගායනා කරන්නේ, වාදනය කරන්නේ, රඟපාන්නේ ඒ සියල්ල ම කරන්නේ මෙහි රඟපාන රංගන ශිල්පිනියන් හා ශිල්පීන් විසින්. ඒ නිසා මේ නාට්‍යය විශේෂ නිර්මාණයක්. ඒ විශේෂ නිර්මාණය සඳහා මා දේශීය නාට්‍ය කලාවේ නාට්‍ය පිළිබඳ කළ අත්හදා බැලීම්, මගේ දර්ශනපති උපාධිය සඳහා දේශීය නාට්‍ය කලාව පිළිබඳ මා හැදෑරූ හැදෑරීම් හා විදේශීය නාට්‍ය කාලාව පිළිබඳ මා හැදෑරූ හැදෑරීම්වල ප්‍රතිඵලයයි මෙවැනි නාට්‍යයක් බිහි කරන්නේ. නිෂ්පාදන කාර්ය කරද්දී මා පමණක් නොවෙයි, මගේ අනුසාංගික ශිල්පීන් වන ප්‍රදීප් චන්ද්‍රසිරි, ආචාර්ය චන්දන අලුත්ගේ, සුවිනීතා පෙරේරා, තිලංක ගමගේ, ප්‍රේමජයන්ත කපුගේ, මොරිස් හෙවත් හිමාෂි විතානගේ, සිතරු, ජෙනාඩ්, තරිඳු, උමයංගයා, සරත් කරුණාරත්න, සනත් විමලසිරි, තිරුණි පීරිස් ඇතුළු සියලුදෙනා ම මේ තත්ත්වයට නාට්‍යය පත් කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවා. ඒ වගේ ම මේ නාට්‍යයේ ඡායාරූප කළ රුවන් මීගම්මන, දැනට දර්ශන සංවිධානය කරන මංගල ප්‍රනාන්දු, මීට කලින් ඒවා සංවිධානයට සහයෝගය දුන්නු චමින්ද ජයසූරිය හා සුසිල් වික්‍රමසිංහ කියන මේ සියලු දෙනාම වසර තුනක් දක්වා පැමිණි ගමන්මගේ ප්‍රේක්ෂකයා වෙත ගෙනයන්නට සහයෝගය දැක් වූ අයයි. ඔවුන් සියලුදෙනාටම මා ස්තුතිය පළ කරනවා. මේ ගමන පැමිණීමේදී උදවු කළ නම් කී නොකී සියලු දෙනාටමත් ඒ ස්තුතිය හිමි විය යුතුයි. ඒ සියලු දෙනාගේ ලැබුණු සහයෝගයෙනුයි මේ තාක් දුර අප පැමිණියේ.

මේ තරම් කාලයක් පැමිණි ගමනේදී මුහුණ දීමට සිදුවුණු ඇබැද්දි මොනවා ද?

එහෙම මුහුණ දීමට සිදු වුණු ඇබැද්දි නම් නැහැ. බොහොම සතුටිනුයි අප සියලුදෙනා ම කටයුතු කරන්නේ. ඒත් එකම ගැටලු සහගත තත්ත්වයක් නම් ඇති වුණා. ඒ අම්බලන්ගොඩ මුහුදු වෙරළේ දර්ශනයක් තිබුණු වෙලාවේ දින දෙකකට කලින් උමයංගනා අසනීප වීම නිසයි එය සිදු වුණේ. ඈ වෙනුවට නිළියක් සොයා ගන්න විදියක් තිබුණේ නැහැ. මගේ ගෝලයෙක් ඒ චරිතය සඳහා ඊට දින දෙකකට කලින් පුරුදු පුහුණු කළත්

ඈ ඒ චරිතය රඟපෑමට බිය වුණා. නාට්‍යය වේදිකා ගත කරන්න තිබෙන්නේ හෙට උදේ නම් අද රෑ ඈ ඒ චරිතය රඟපෑමට අකමැත්ත ප්‍රකාශ කළා. අවසානයේදී කළේ පිටපතේ දෙබස් වෙනස් කරමින්, ඒවා සරත්, සනත්, තිලංකට බෙදා දෙමින්, උමයංගනාගේ කොටසත් සමඟ තෙරුණි රඟපෑමයි.