රොමානිස් වෙනුවට එන්.එම්

නොවැම්බර් 28, 2019
මහත්මා ගාන්ධි

 

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය.

ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 56 වැනි ලිපිය අද පළ වෙයි.

මේ පැරණි ලිපි සියල්ල www.sarasaviya.lk  වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

 

 

කැප්පෙටිපොළ වීරයාණන් දිවි පුදා ශත වර්ෂයක් ඉක්මවූවද බටහිර වෛද්‍ය ක්‍රම පිළිගන්නට ලාංකිකයෝ මැළි වූ බව විසි වැනි සියවසේ දෙවැනි දශකයේ පවා පෙනෙන්නට තිබෙන්නකි. මේ බව වටහා ගැනීමෙන්දො බ්‍රිතාන්‍ය පාලකයෝ වඩා ප්‍රායෝගික හා නූතන දැනුම්වත් කිරීමකට සැරසුණහ. එනමි චලන චිත්‍රය ඒ සදහා උපයෝගි කිරීමය. චලන චිත්‍රය උපයෝගී කර ගෙන තම දේශපාලන මතය පොදු ජනතාවට ගෙන යා හැකි බව ඒ වන විට බ්‍රිතාන්‍ය පාලනය කළ කොන්‍සර්වේටිව් පාලකයෝ දැන උන්හ.

ලෙනින්

 

 

රොමානිස් නම් ලාංකික චිත්‍රපටය ගැන පසුගිය දෙසතිය මුළුල්ලේ අපි අනාවරණය කළෙමු. මේ එහි නිෂ්පාදනය වූයේ කෙසේදැයි සොයා බලන්නට අප කළ වෑයමේ ප්‍රතිඵලයකි.

 

ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ පසු ඔවුන් ඔවුන්ගේ වාසිය හා ලාබය පතා හෝ කළ ඇතැම් ක්‍රියාකාරකම් අපේ රටේ පොදු ජනතාවගේ වාසියට හේතු විය. එයට කදිම උදාහරණයක් වනුයේ මාර්ග පද්ධතියයයි. කඩුගන්නාව ගල විදීමෙන් උඩරට සිංහලයාගේ අභිමානයට සෘජු ප්‍රහාරයක් එල්ල කළ ද අද එහි වාසිය ගන්නෝ වර්තමානිකයෝය. අද එහි මග දෙපස සිරි නරඹමින් යන එන ලාංකිකයෝ පහසුවෙන් ගමන් කරන නමුත් ඉතිහාසයේ සිදුවීම පහසුවෙන් සිතින් බැහැර කරති. පවුලට උරුම සම්ප්‍රදායික රැකියා වෙනුවට තමන්ගේ අනාගතය ගොඩ නඟා ගත හැකි රැකියාවක් තම රිසි පරිදි කිරීමට ඉඩ ලැබුණේ කෙසේදැයි අමතක නොකරති. ඒ ද සුද්දා ට පින්සිදුවන්නට ය.

සුද්දා ගේ සෞඛ්‍ය සේවය ද එබඳු ගෞරවනීය සේවයකි. විසි වැනි සියවසේ ආරම්භක වර්ෂ වන විට මෙරට බොහෝ ප්‍රදේශයන්ගේ වසංගත රෝග වර්ධනය වෙමින් පැවතිණි. ජනයා මැලේරියාව වැනි රෝග රට පුරා වර්ධනය වෙද්දී කොළඹ නගරය පවා වසූරිය හා කොලරා වසංගතවලට ගොදුරුව පීඩා වින්දහ. එමඟින් මළ සංඛ්‍යාව ඉමහත්ය . මෙයට වඩාත් බලපෑවේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලට ඇබ්බැහි වූවන් බටහිර වෛද්‍ය ක්‍රම ප්‍රතික්ෂේප කරන්නට පුරුදු වීමයි. අහල පහළ වෙද මහත්තයා සිටියදී ආණ්ඩුවේ ඉස්පිරිතාලේට යෑම තම තත්ත්වයට පහත හෙලීමක් ලෙස ඇතැම් ගැමියෝ කල්පනා කළහ. එමෙන්ම ඉස්පිරිතාලෙට ගෙන යන ලෙඩකු නැවත පණ පිටින් ගෙදර නොයනු ඇතැයි ඔවුහු කල්පනා කළහ. කතාවේ ඇත්ත නැත්ත කොයි හැටි වෙතත් සුද්දෝ මෙරට ආක්‍රමණය කළ මුල් වකවානුවේ ම එන්නත් ක්‍රම මෙරටට හදුන්වා දුන් බව පැවසේ. එමෙන්ම එහි වටිනාකම හඳුනාගත් මුල් පිරිස අතර මොණරවිල කැප්පෙටිපොළ ද වූ බව සදහන්ය .

එසේ වුවත් කැප්පෙටිපොළ වීරයාණන් දිවි පුදා ශත වර්ෂයක් ඉක්මවූවද බටහිර වෛද්‍ය ක්‍රම පිළිගන්නට ලාංකිකයෝ මැළි වූ බව විසි වැනි සියවසේ දෙවැනි දශකයේ පවා පෙනෙන්නට තිබෙන්නකි.

මේ බව වටහා ගැනීමෙන්දෝ බ්‍රිතාන්‍ය පාලකයෝ වඩා ප්‍රායෝගික හා නූතන දැනුම්වත් කිරීමකට සැරසුණහ. එනමි චලන චිත්‍රය ඒ සදහා උපයෝගි කිරීමය. චලන චිත්‍රය උපයෝගී කර ගෙන තම දේශපාලන මතය පොදු ජනතාවට ගෙන යා හැකි බව ඒ වන විට බ්‍රිතාන්‍යය පාලනය කළ කොන්‍සර්වේටිව් පාලකයෝ දැන උන්හ. සිනමාවෙන් ජනමතය හැඩ ගැස්සවීමේ ඇති ශක්‍යතාවන් ඒ වන විටත් වී.අයි.ලෙනින් සෝවියට් රුසියාව තුළ ඔප්පු කර හමාරය. එමෙන්ම නිදහස් ඉන්දියාවක් උදෙසා චලන චිත්‍රය ට කළ හැකි මෙහෙය විශාල බව ඒ වන විට අරගලයට මුල පුරා සිටි මහත්මා ගාන්ධි ප්‍රමුඛ එරට නායකයෝ වටහා ගෙන සිටියහ. ඒ සදහා ඉන්දියානු සිනමාකරුවන් සිය මෙහෙයුමෙහි ලා උපයෝගී කර ගන්නට කටයුතු කළහ.

බ්‍රිතාන්‍යයන් මෙරට සෞඛ්‍ය සේවය සදහා සිනමාව උපයෝගී කර ගත් අවස්ථාවක් දිනමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙහෙමය.

දිනය 1927 අගෝස්තු මස 7 වැනිදා ය.

බයස්කෝප් සහ ස්වස්ථාව

ලංකාවට ගෙනා චිත්‍රපට ආණ්ඩුකාරතුමාත් දර්ශනය කිරීම

බයස්කෝප් පින්තූර මගින් කෙතරම් දුර සෞඛ්‍යආරක්ෂාව ආදී කරුණු මහජනයා ට ඉගැන්විය හැකිද යනු පෙරෙයිදා රාත්‍රි රාජකීය ශාස්ත්‍ර ශාලාවේ දී පෙන්වන් ලද චිත්‍රපට දෙකකින් ප්‍රත්‍යක්ෂ වේ .මේ චිත්‍රපට දෙක මැලේරියා සහ කොකු පණු රෝගය සම්බන්ධ ඒවා වෙත්. ආණ්ඩුකාරතුමා සහ තවත් අමුත්තන් රැසක් චිත්‍ර දර්ශනට පැමිණ සිටියහ . මෙම චිත්‍රපට සම්පාදනය කරන ලද්දේ රොක්පාලර් විද්‍යාලයේ ජාත්‍යන්තර සෞඛ්‍යරක්ෂක සභාවේ අනුමැතිය පරිදිය . චිත්‍ර ප්‍රදර්ශනය ට පළමුවෙන් වෛද්‍යයාචාර්‍ය බ්‍රිජර් මහතා ඒවා ගැන කරුණු විස්තර කළේය .

මේ චිත්‍රපට යථොක්ත සභාව විසින් ලෝකයේ නොයෙක් රාජ්‍යයන්හි ආණ්ඩුවල ප්‍රයෝජනය සදහා දෙනු ලැබේ. මේ පින්තූර පටි සහ උපකරණ ද මිළයට ගැනීමට මුදල් වෙන් කිරීම ගැන බ්‍රිජර් මහතා ව්‍යවස්ථා දායක සභාවට ස්තූති කළේය. මේ පින්තූර පට් කොළඹ දී පමණක් නොව ලංකාවේ ප්‍රත්‍යන්ත වල දී ද පෙන්වීමට අදහස් කර තිබේ. මැලේරියා සම්බන්ධ චිත්‍ර ප්‍රදර්ශනය කොටස් තුනකින් යුක්තය. එයින් එක කොටසකින් මැලේරියා රෝග ලක්ෂණ විස්තර කරනු ලැබේ. තවත් කොටසකින් ලෝකයේ මැලේරියා හට ගන්නා ප්‍රදේශ පෙන්නුම් කරනු ලැබේ. පසුව ශාස්ත්‍රානුකූලව මැලේරියා ව්‍යාප්තිය සමනය කිරීමේ අන්දමද පින්තූරවලින් විස්තර කරනු ලැබේ.

කොකු පනුවා මනුෂ්‍යන්ගේ පාද වලින් ශරීරයට ඇතුළු වී ලේ නහර දිගේ හෘදය වස්තුවට සහ පෙනහලුවලට ද ගමන් කරන අන්දම අනික් පින්තූරයේ විස්තර කරන ලදී .

රොමානිස් නිර්මාණය වනුයේ මෙම ව්‍යාපෘතියේ කොටසක් හැටියටයි . ඒ සදහා සුදුසු කතාවක් සෙවීමට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඩේලි නිවුස් පුවත්පත මගින් දැන්වීමක් පළ කරන ලදී.ජයග්‍රාහකයාට රුපියල් පන් සීයක ත්‍යාගයත් ද පිරිනැමීමට තිරණය කර තිබිණ . එහි ජයග්‍රාහකයා වූයේ ප්ලාටේ සමාගම යි. රොමානිස් නිපදවන්නේ ඒ අනුවය.

එල්ෆින්ස්ටන් සිනමාහලේ ප්‍රදර්ශනයට පසු රොමානිස් මැයි මාසයේ කළුතර පැවැත් වූ සෞඛ්‍ය ප්‍රදර්ශනයක ද රොමානිස් තිර ගත කෙරිණ .

ආචාර්ය එන්.එම්.පෙරේරා

 

එහෙත් මැලේරියා ආදී දරුණු වසංගත 1930 වසරෙන් පසු ද බොහෝ පළාත්වල තිබිණ. දෛවෝපගත කාරණය නම් සබරගමුවේ මෙකී රෝග ව්‍යාප්තියේ දී ජනතාවගේ පිහිටට එන්නේ මුල්ම ලාංකේය චිත්‍රපටයේ වීරයා වූ ආචාර්ය එන්.එම්.පෙරේරා වීමය. මුල්ම චිත්‍රපටය හරහා ඔහු දැක ගන්නට ඉඩ නොලැබුණද 1932 වසරේ පමණ ආර්ථික හා දේශපාලන පිළිබඳ ආචාර්ය උපාධි දෙකකින් ද සන්නද්ධව සබරගමුව ට එන සිනමවේ මුල් වීරයා කෙතරම් සේවාවක් රෝග පීඩා වෙන් විදි ජනතාවට කළා ද කිවහොත් 1931 වසරේ ලංකාවේ මුල්ම මන්ත්‍රීවරිය ලෙස වාර්තාවක් තබමින් නිතරගයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිය පළාතේ උරුමක්කාරියක වූ ඇඩ්ලින් මොලමුරේ මහත්මියට අන්ත පරාජයක් කොට රුවන්වැල්ල ආසනය සදහා 1936 වසරේදී ඔහු පත් කර ගන්නට එහි ජනතාව තීරණය කළ හ. එපමණක් නොව 1977 රැල්ලට හසුව පරාජය වන තෙක් හැමදාම එහි ජනතා නියෝජිතයා (පසුව රුවන්වැල්ල වෙනුවට යාබද යටියන්තොට ආසනය) ලෙස ජනතාව ගේ තේරීම් වූයේ ආචාර්ය එන්.එම්.ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.