වර්ෂ 2021 ක්වූ March 05 වැනිදා Friday
සම්පත්ගේ 60 ට සිහිනෙන් සිහිනෙට
රංගන සහ ගායන ශිල්පී සම්පත් ශ්‍රී සෙනෙවිරත්නගේ හැට වැනි උපන් දිනය සහ ක්ෂේත්රයට පිවිස වසර 33 සමරමින් විශේෂ වැඩ කටයුතු ද්විත්වයක් දෙදිනක් තුළ සිදු කෙරේ. මෙම මස 12 වැනිදා එනම් ඔහුගේ උපන් දිනදා මොරටුව ශ්‍රී බෝධි පරිශ්‍රයේදී මරණයට කැප වූ ගවයකු නිදහස් කිරීමේ පින්කමක් සිදු කෙරෙනු ඇත.
ඊට පසු දින එනම් 13 වැනිදා කටුබැද්ද සුරම්‍ය පෙදෙසේ ටැලන්ට් ඒෂියා ශාලාවේදී සිහිනෙන් සිහිනෙට නමින් ප්‍රසංගයක් සංවිධානය කොට ඇත. මහනුවර ප්‍රදේශයේ ඉපිද අසූව දශකයේ ක්ෂේත්රයට අවතීර්ණ වූ සම්පත් වෙද හාමිනේ, සිඳු, හිරු තනි වෙලා, මතු සම්බන්ධයි ආදී නාට්‍ය ගණනාවක රංගන දායකත්වය සැපයීය. ඔහුගේ මෙම කර්තව්‍යයන් මෙත් සිසිල පදනමේ සහ ශ්‍රී අවිහිංසාවාදී කලා සංසදයේ සංවිධානයකි.