වර්ෂ 2021 ක්වූ March 05 වැනිදා Friday
රුක්මණී දේවී සැමරුම් ගී ප්‍රසංගය 15 දා

Wednesday, ජනවාරි 9, 2019 - 11:00 to Tuesday, ජනවාරි 15, 2019 - 11:00
ප්‍රවීණ ගායන හා සිනමා රංගන ශිල්පිනී රුක්මණී දේවියගේ 96 වන ජන්ම දිනය වෙනුවෙන් රුක්මණී දේවී ‘සැමරුම් ගී ප්‍රසංගය’ මෙම මස 15 දින උදේ 9.30 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධාලෝක කාන්තා සමිති සම්මේලන ශාලාවේදී පැවැත්වේ.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් සනත් වීරසූරිය සහභාගීි වේ. සංගීතවේදී මර්වින් ප්‍රියන්ත ප්රමුඛ වාදන ශිල්පීන්ගේ සත්සර මුසුවෙන් ඔපවත් වන මෙම ප්‍රසංගය කථනයෙන් ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක ජගත් ලියනගේ දායක වෙයි.එදින මුඛ්‍ය දේශනය කලා කීර්ති එඩ්වින් ආරියදාස සූරීන් මෙහෙය වන අතර සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල විශේෂ දේශනය පවත්වනු ලබයි. මෙම අවස්ථාවට විද්වතුන් හා කලාකරුවන් රැසක් සහභාගි වෙති