දේවි සකුන්තලා සමුගනී

Wednesday, මාර්තු 6, 2019 - 08:30 to Friday, මාර්තු 8, 2019 - 08:30

ටවර් හෝල් රංගන ශිල්පිනී දේවි සකුන්තලා පසුගියදා අභාවප්‍රාප්ත විය. මියයන විට ඇයගේ වයස අවුරුදු අසූ හතකි. 1932 අගෝස්තු 15 කළුතර නෑබොඩ උපත ලැබූ දේවි සුප්‍රකට ගායිකා ලක්ෂ්මී බායිගේ නැගණියද වූවාය. රංගන ජීවිතය ආරම්භ වන මුල් යුගයේ ද ටවර්හෝල් නාට්‍යවලට සම්බන්ධ වූ ඇය කාගේ වැරැද්ද, ගහල කෙල්ල, රුපියල, ජීවිත පෙරළිය, සමුද්‍ර දේවි ආදී නාට්‍යවල මෙන්ම ශ්‍රී වික්‍රම, විදුර, රාමායනය වැනි ටවර් හෝල් නාට්‍යයන්හිද රංගනයෙන් දස්කම් පෑවාය. උම්මු සල්මා, ආර්. ඒ. ප්‍රේමවතී පසුව දේවි සකුන්තලා ලෙසට ස්වකීය නාමය ජනප්‍රිය කරගත් ඇය පසුකාලීනව වඩාත් පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ කෝපි කඩේ ටෙලි සිතුවමෙහි රංගනයෙනි. එහි දේවි සුවඳාගේ මව ලෙසට චරිත මැව්වාය. සුරංගනී, පිටිසර කෙල්ල, සැපත සොයා, දේවි රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.