අඳුර නොදුටු කඳුළු

Wednesday, මාර්තු 6, 2019 - 08:45 to Friday, මාර්තු 8, 2019 - 08:45

70 දශකයේ සිට සිනමා පුවත්පත් කලාවේදියකු ලෙස මෙන්ම කවියකු ලෙස ද සාහිත්‍ය ක්ෂේත්‍රය සිය දායකත්වය සපයන සුනිල් ලීනස්ගේ නවතම කාව්‍ය සංග්‍රහය 'අඳුරු නොදුටු කඳුළු' පසුගිය දින එළිදැක්විණි.

නිතර අපගේ ඇස ගැටෙන නමුත් චිත්ත සමාධියට ග්‍රහණය කර නොගන්නා මානව චරිත, ක්‍රියාවන්, සිතුම්පැතුම් හා සමාජ විෂමතාවන්හි සැඟ වී ඇති යථාර්ථයන් සිය නිර්මාණයන්ගෙන් හෙළිදරව් කරමින් ලොකු, කුඩා සියලු දෙනාට එකලෙස රස විඳිය හැකි සංවේදී කාව්‍ය නිර්මාණ කෘතියක් ලෙස 'අඳුර නොදුටු කඳුළු' කතුවරයා රචනා කොට ඇත.

- නිශ්ශංක