ගුලි ගුණ සැමරුම

Wednesday, මාර්තු 6, 2019 - 12:00 to Saturday, මාර්තු 9, 2019 - 12:00
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නැසීගිය ගුණදාස ලියනගේ හෙවත් ගුලී අප අතරින් වියෝ වී මෙම 12 වනදාට වසර විසි එකක් සපිරේ. ඒ වෙනුවෙන් ගුලි ගුණ සුවඳ නමින් සමරු පින්කමක් මෙම මස 09 වැනිදා කෙළඹ සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති සුභද්‍රාරාම විද්‍යායතන නියෝජ්‍ය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති වතුරුවිල සිරි සුජාත හිමිපාණෝ එදින ධර්ම දේශනාව පවත්වති. මෙහිදී අවැසි අයට රෝද පුටු සහ පොත් පත් පරිත්‍යාගයක් ද සිදු කෙරේ. ගුලි විසින් රචිත සිරිකත සහ විල්මට්, ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම, ගිනි වළල්ල සහ හැටපහේ පෙරළිය යන කෘතින්හි නව මුද්‍රණයන් මෙදින එළිදැක්වීම සිදු කරයි.