සණස ස්වර්ණ සම්මාන නර්තන, ගායන අභිෂේකය මාර්තු 23 දා යටියන්තොට දී

Wednesday, මාර්තු 13, 2019 - 09:30 to Saturday, මාර්තු 23, 2019 - 09:30

යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරවාසී යටියන්තොට සණස සමිතියේ සභාපති පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව පවත්වන සණස ස්වර්ණ සම්මාන නර්තන ගායන අභිෂේකය මාර්තු මස 23 දා රාත්‍රියේදී යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ප්‍රදේශය පුරා විසිරි පැතිරී සිටින නර්තන ගායන කුසලතාවය ඇති දූ දරුවන් හට තම හැකියාවන් කලඑළි දක්වන්නට වේදිකාවක් තැනීම වෙනුවෙන් පවත්වන මෙම ප්‍රසංගය සඳහා දරු දැරියන් තෝරා ගැනීමේ පරීක්ෂණය මාර්තු මස 15 දා යටියන්තොට සණස කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගයෙන් ජයග්‍රහණය ලබන දරු දැරියන් හට මාර්තු 23 දා පැවැත්වෙන දැවැන්ත සංගීත ප්‍රසංගයේදී තම කුසලතාවයන් ප්‍රදර්ශනය සඳහා අවස්ථාව හිමි වන බව සමිත හිමියන් සඳහන් කරයි.

දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන 'ඔක්සිජන්' සංගීත කණ්ඩායම සංගීතවත් කරන ප්‍රසංගයට ආරාධිත ගායකයන් ලෙසින් විශාරද ශෂිකා නිසංසලා ද එක්වන අතර තරුණ හදවත් අතර ආකර්ෂණය දිනූ වස්ති (දුලාජ් ජයතිලක, අනුෂ්ක උදාන) හඬින් මෙම වේදිකාව හැඩ වෙයි.

මෙම තරගයට සහභාගී වී තම හැකියාවන් ඔප මට්ටම් කර ගන්නට එක්වන ලෙස යටියන්තොට සණස සමිතියේ සභාපති සහ සණස කලා කවය ආරාධනය කරයි.