ආනන්ද සමරකෝන් ගුණ සැමරුම 05 වැනිදා

Friday, අප්‍රේල් 5, 2019 - 18:30

ජාතික ගීයේ නිර්මාතෘ මහා කලාකරු ආනන්ද සමරකෝන් සූරින්ගේ 57 වැනි ගුණ සමරුම් උත්සවය අප්‍රේල් 05 වැනිදා සිකුරාදා සවස කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් කලා නිකේතනයේදී පැවැත්වීමට ආනන්ද සමරකෝන් පදනම කටයුතු යොදා ඇත. මෙහිදී ආනන්ද සමරකෝන් නිල වෙබ් අඩවිය බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර අතින් විවෘත කෙරෙන අතර ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර විසින් ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. එසේම ආනන්ද සමරකෝන් සූරින් විසින් රචිත ස්වර ප්‍රස්ථාර සහිත 'සිඟිති ගී' කාව්‍ය සංග්‍රහයේ නවතම මුද්‍රණය එළිදැක්වෙන අතර එතුමන් අතින් ලියැවුණු මියුරු ගීත රැසක් රස විඳීමට අවස්ථාව උදාවනු ඇත.