පියදාස රත්නසිංහයන්ට ගෞරව සම්මානයක්

Sunday, අප්‍රේල් 7, 2019 - 18:30

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පියදාස රත්නසිංහයන්ගේ මාධ්‍ය දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනය මඟින් ටෙලි අභිමානි ගෞරව සම්මානය පිරිනැමීම මෙම මස 07 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී සිදු වේ.

1969 වසරේ ක්‍රියාකාරී සහායකයකු ලෙස ගුවන් විදුලියට එක්වෙමින් වෘත්තීය ජීවිතය ආරම්භ කළ රත්නසිංහයන් පසුව ජාතික රූපවාහිනියට එක් විය. ඔහු නිර්මාණය කළ ආයුබෝවන්, අඳුන, මිහිමඬලේ රුව වැනි නිර්මාණ ඉතාම ජනප්‍රිය විය. එම නාලිකාවේ අධ්‍යාපන, වාණිජ්‍ය, වැඩ සටහන් සැලසුම් යන අංශ තුනෙහිම සේවය කරමින් අධ්‍යක්ෂධුරය හෙබවූ එකම මාධ්‍යවේදියා රත්නසිංහ මහතාය. ඔහු විසින් රචිත ඇසිදිසි මායාව කෘතිය 2006 වසරේ හොඳම ජනමාධ්‍ය කෘතිය ලෙසට සම්මානයට පාත්‍ර විය.