විපරිත 09දා

Tuesday, අප්‍රේල් 9, 2019 - 10:00

2011 දයාවංශ ජයකොඩි නවකතා අත් පිටපත් තරගයේ හොඳම නවකතාව ලෙස සම්මානය හමිකර ගත් 'බැද්දට හඳ පායාවිත්' නවකතාව ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ අම්පාර පියදාස උඩවත්ත මහතා ලියූ 'විපරිත' අලුත්ම නවකතාව මේ මස 09 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.

වාරිමාර්ග පහසුකම් නොමැති පැරණි ගමක මිනිසුන්ගේ ජීවන අරගලයෙන් බිඳක් 'විපරිත' නවකතාවෙන් හෙළි කෙරේ.