කේ. ජයතිලක පදනමේ සංවත්සරයට තරගාවලියක්

Sunday, ජුනි 30, 2019 - 09:15

කන්නිමහර කේ. ජයතිලක පදනමේ 15 වන සංවත්සරය සහ ජයතිලක මහතාගේ උපන් දිනය නිමිත්තෙන් සමරු උලෙළක් මෙම වසරේ ජූනි 30 වන දින කන්නිමහර කේ. ජයතිලක පදනමේදී පැවැත් වෙයි.

මෙම සමරු උළෙලට ඉකුත් වසරවල මෙන්ම සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳ ආරාධිත දේශන මාලාවක් ඇතුළත් වේ.

2019 දී පැවැත්වෙන එම උත්සවය නිමිත්තෙන් එතුමාගේ නිර්මාණ ඇසුරින් කණිෂ්ඨ - ජ්‍යෙෂ්ඨ සහ විවෘත වශයෙන් විවිධ නිර්මාණ තරගයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

කණිෂ්ඨ අංශය (වයස අවුරුදු 6-7-8-9) කේ. ජයතිලක නිර්මාණ ඇසුරින් 'පුංචි අපි' තේමාවෙන් වචන 1000 කට නොඅඩු ගද්‍ය නිර්මාණයන් ද ජ්‍යෙෂ්ඨ අංශය (වයස අවුරුදු 10-11-12-13-14) 'කේ. ජයතිලක නිර්මාණ ඇසුරින් නිරූපිත ගම' මෙම මාතෘකාවෙන් වචන 2000 කට නොඅඩු ප්‍රමාණයක් ඇතුළත් නිර්මාණයක් ද විවෘත අංශය 'කේ. ජයතිලක භාවිත කළ නිර්මාණාත්මක බස් වහර' තේමාවෙන් වචන 3000 ක නොඅඩු නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

2019 මැයි මස 30 වනදාට පෙර ඔබේ නිර්මාණ මේ ලිපිනයට යොමු කළ හැකිය.

ලේකම්තුමා, කන්නිමහර ජයතිලක පදනම් ශාඛාව, එෆ්. ඒ. ගුණසිංහ මහතා, 262, රදාවාන දකුණ, රදාවාන.