රකිමු අපේකම 22 දා දොරට වඩී

Tuesday, ඔක්තෝබර් 22, 2019 - 09:45

දේශාභිමානි ගී සංකල්පනා ඇතුළත් ‘රකිමු අපේකම සිත් තුළම වපුරා’ නමැති සංයුක්ත තැටිය මෙම මස 22 වැනිදා සවස ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේදී එළිදැක්වීමට නියමිතය. පූජ්‍යපාද මොරකැටිආරේ සුමනනන්ද ස්වාමීන් වහන්සේගේ නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය වූ මෙහි ගීත පදමාලා සහ සංගීත නිමැවුම් ගායක කුමාරසිරි පතිරණ සහ ඔහුගේ පුතු සිනෙත් මාලක පතිරණගෙනි. කුමාරසිරි පතිරණ, අතුල ශ්‍රී ගමගේ, විජය බණ්ඩාර වැලිතුඩුව, සිනෙත් මාලක, සත්මානි පතිරණ, නිපුනි තෙන්නකෝන් සහ නදීශා විජේසුන්දර එහි ගී ගයා ඇත.