ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් 25 එයි

Friday, ඔක්තෝබර් 25, 2019 - 01:00

 

මෙරට නළු නිළියන් අතිවිශාල සංඛ්‍යාවක් රංගන දායකත්වය සැපයූ ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් සිනමාපටය මෙම මස 25 වැනිදා තිරගතවීමට නියමිතය. උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය සදහා ඉතා ජනප්‍රිය ප්‍රවීණ මෙන්ම නව පරපුරේ නළු නිළියන් හැටකට අධික පිරිසක් රංගනයෙන් එකතුවී තිබේ.

ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් කැමරා ත්‍රිත්වයකින් රූපගතකර තිබීමද විශේෂත්වයකි. ජයනාත් ගුණවර්ධන, කේ. ඩී. දයානන්ද සහ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණවරුන් වශයෙන් කටයුතු කරන ලදී.

ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඩබ්ලිව්. ජයසිරි, සනත් ගුණතිලක, ලකී ඩයස්, රොඩ්නි වර්ණකුල, රොෂාන් රණවන, පුබුදු චතුරංග, අශාන් ඩයස්, බිමල් ජයකොඩි, ටීනා ශනෙල්, ධර්මප්‍රිය ඩයස්, ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු නළු නිළියන් මෙහි චරිත මවා තිබේ.

සංස්කරණය සහ ශබ්ද සැලසුම්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත විට්ටච්චි අංග රචනයෙන්ද, අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්ද, නිහාල් සංජය සහ හේමන්ත බන්ධන නිෂ්පාදන කළමනාකරණයෙන්ද, ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් සඳහා එකතු වූහ. මහේෂ් දෙනිපිටියගේ සංගීත අධ්‍යක්ෂණයකි.

මහේෂ් නිශාන්ත නිශ්චල ඡායාරූප ශිල්පියාය. ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්හි කතාව, දෙබස්, තිරරචනය සහ නිෂ්පාදනය ද අධ්‍යක්ෂ උදයකාන්ත විසින් සිදුකොට තිබේ.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න