අමරදේව ස්වර රටා චිත්‍රපට දැක්මක් පළමුවැනිදා සිට

Friday, නොවැම්බර් 1, 2019 - 11:45

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේවයාණන් අප අතරින් වියෝ වී තෙවසරක් සපිරේ. ඒ වෙනුවෙන් එතුමන් සංගීතවත් කළ සිනමාපට රැගත් අමරදේව ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් එළඹෙන නොවැම්බර් මස 01 – 03 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. නොවැම්බර් 01 වැනිදා සවස 6 ට ගම්පෙරළිය චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් උලෙළ ඇරැඹේ.

 

නොවැම්බර් 02 වැනිදා සිනමාපට තිරගත වන්නේ මෙසේය.

 

සවස 2.00 ට තරංගා සවස 4.45 ට - වෙසතුරු සිරිත

සවස 7.00 ට රන්සළු

නොවැම්බර් 03 වැනිදා

උදෑසන 11.00 ට මඩොල් දූව

සවස 2.30 ට දෙලොවක් අතර

සවස 4.30 ට අමරදේවයාණන්ගේ සංගීත භාවිතය පිළිබඳ කතිකාවතක් පැවැත්වේ. අනතුරුව සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා සිනමාපටය තිරගත වේ. අමරදේව පදනම මඟින් සංවිධානය කළ මෙම උලෙළ පිළිබඳ වැඩි විස්තර 0721419918 අංකයෙන් රන්ජන් අමරදේව අමතා ලබා ගත හැකිය.

ගම්පෙරලිය

වෙසතුරු සිරිත

තරංගා

දෙලොවක් අතර