සුනිල් සාන්ත අනුස්මරණ දේශනය නොවැම්බර් 7 දා

Thursday, නොවැම්බර් 7, 2019 - 11:30
 
 
විශිෂ්ට සංගීතඥ සුනිල් සාන්තයන්ගේ 104 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් සුනිල් සාන්ත සමාජය සංවිධානය කරන වාර්ෂික දේශනය නොවැම්බර් මස 07 වන දින සවස කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
 ‘පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා - සුනිල් සාන්ත’ යන මැයෙන් ප්‍රායෝගික නිදර්ශන සහිතව මෙවර දෙසුම පවත්වනු ලබන්නේ ප්‍රවීණ සංගීතවේදී අජිත් කුමාරසිරි විසිනි.
දෙසුමෙහි මුද්‍රිත පිටපතක් සපැමිණෙන අයට ලබාදීමට කටයුතු සලස්වා ඇත. දේශීය සංගීතයේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මෙන්ම කලා ක්ෂේත්‍රයේ නිර්මාණවේදීන්ට, සංගීත රසවතුන්ට සහ සිසු සිසුවියන්ට මේ දේශනය හා එක්වන ලෙස සුනිල් සාන්ත සමාජය ගෞරවයෙන් ඇරියුම් කරයි.