කට ඇති දූ පුතුන්ට ශ්‍රීමත්ගෙන් ආරාධනා

Saturday, නොවැම්බර් 9, 2019 - 11:15 to Sunday, නොවැම්බර් 10, 2019 - 11:15

 

කටහඬ පාඨමාලවේ 235 වැනි කණ්ඩායමට නවක පිරිස බඳවා ගැනීම නොවැම්බර් 9 වැනි සෙනසුරාදා සහ 10 වැනි ඉරිදා උදේ 10.00 ට නුගේගොඩ මිරිහාන බුවනෙකබා මාවතේ අංක 55 දරන තැන පිහිටි කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේදී (මිරිහාන පොලීසීය අසල) සිදු කරන බව ප්‍රවීණ ගුවන් විදුලි - රූපවාහිනී නිවේදක, රංගන ශිල්පී, කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා පවසයි.

ප්‍රවෘත්ති නිවේදන, භාෂා දැනුම, සම්මුඛ සාකච්ඡා, කටහඬ පාලනය, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය, ප්‍රසංග වේදිකාව, ගුවන් විදුලි නාට්‍ය කලාව, හඬ කැවීම, ගායනය, නර්තනය, හැකියා ක්‍රමවේද, පෞරුෂ වර්ධනය යන අංශ පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුව ලබා දේ. භාග්‍ය මෙතුළින් උදාවේ. අවුරුදු 7 සිට 77 දක්වා සැමට මෙම පාඨමාලාව විවෘතය.

 

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න