‘කුරුලු ගී සර’ එළිදකියි

Saturday, නොවැම්බර් 9, 2019 - 11:15

වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් විසින් ගායනා කරන ලද ගීත 12 ක් අඩංගු ‘කුරුලු ගී සර’ සංයුක්ත ගී තැටිය ජනගත කිරීම එළඹෙන නවවැනි දින සවස 5.00 ට වේයන්ගොඩ නයිවල ඩ්‍රීම් පැරඩයිස් රංග ශාලාවේදී සිදු කෙරේ.

මෙදින ආරාධිතයන් වශයෙන් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි, ගායනවේදී දයාන් විතාරණ, සංගීතවේදී රෝහණ ධර්මකීර්ති හා සංගීතවේදී නාලක අංජන කුමාර ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වෙති. පාසල් සංදර්ශනය එදින දේ 9.00 ට පැවැත්වීමට නියමිත අතර මෙහි සංකල්පය ශාන්ත මරියා විදුහලේ වත්මන් විදුහල්පති බී. ඩී. අයි. කේ. කරුණාරත්න මහතාගෙනි. මෙහි සියලුම ගීත පාසලේ දරු දැරියන්ගේ වාද්‍ය වෘන්දයෙන් සංගීතවත් කර ඇති අතර සංගීතය මෙහෙයවීම පාසලේ සංගීත ආචාර්ය විශාරද චාමර රුවන් තිළිණ සහ සංගීතාචාරිනි කුසුම් රණසිංහගෙනි.

විද්‍යාලයිී ආදි ශිෂ්‍ය සංගමයේ සහ පාසල් සංවර්ධන සමිතිය පූර්ණ අනුග්‍රාහයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ කථනය වසන්ත රෝහණගෙනි. සම්බන්ධිකරණය සහාය ක්‍රිෂාන්ත නානායක්කාරගෙනි.

 

සටහන - සේයා - ටෙනිසන් එදිරිසිංහ

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න