ලොවීනා සහ ආදරණීය වික්ටෝරියා ඉංග්‍රීසි බසට

Saturday, නොවැම්බර් 9, 2019 - 11:30

මොහාන් රාජ් මඩවල රචනා කරන ලද ලොවීනා සහ ආදරණීය වික්ටෝරියා නවකතා ද්විත්වය ඉංග්‍රීසි බසින් Loveena හා Dear Victoria නමින් පරිවර්තනය කොට තිබේ. ඒ කැනඩාවේ වෙසෙන මාධ්‍යවේදී සෝමසිරි මුණසිංහ විසිනි. මෙම පරිවර්ථන ග්‍රන්ථයන් එළඹෙන නොවැම්බර් මස 09 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර මිසිසාගා ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. ආචාර්ය ස්වර්ණ චන්ද්‍රසේකර මුලසුන හොබවන මෙම උත්සව අවස්ථාව කැලණිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ටොරොන්ටෝ නුවර ශාඛාවත්, කැනඩා ලංකා සංස්කෘතික සහෝදරත්වය සංගමයත් සහ යාත්‍රා පුවත්පතත් එක්ව සංවිධාය කොට තිබේ. මෙම අවස්ථාවට සමගාමීව හිටපු කථිකාචාර්ය මහේෂි වීරකෝන් පරිවර්තනය කරන ලද මොහාන්ගේ බෝදිලිමා කෙටිකතා සංග්‍රහය ද එළි දැක්වේ.