සුපර්ණා යුරෝපීය දැක්ම 24 දා

Sunday, නොවැම්බර් 24, 2019 - 11:00

 

සුජීව ප්‍රියලාල් යද්දෙහිගේ අධ්‍යක්ෂණයකළ සුපර්ණා සිනමාපටයේ යුරෝපීය මංගල දැක්ම මේ මස 24 වැනිදා උතුරු යුරෝපයේ එස්ටෝනියාවේ ටැලින් නුවර කොකා කෝලා ප්ලාසා හී පැවැත්වෙනු ඇත. ඒ විසි තුන් වැනි ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළ නියෝජනය කරමිනි. සුපර්ණා එහිදී තරඟ වැදීමට නියමිතය. මේ සඳහා සිනමාපටයේ අධ්‍යක්ෂවරයා , නිෂ්පාදන පිරිවර සහ නළු නිළියන් සහභාගී වනු ඇත. සුජීවගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන සුපර්ණා සඳහා ජනක් ප්‍රේමලාල්, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, දර්ශන් ධර්මරාජ්, අෂාන් ඩයස්, ඩිනක්ෂි පි‍්‍රයසාද්, කලණ ගුණසේකර, වීණා ජයකොඩි, සංජීව උපේන්ද්‍ර, හයිසින්ත් විජේරත්න, මාලි ජයවීරගේ, රංජිත් රූබසිංහ, රයන් වැන්රෝයන් ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. ධනුෂ්ක ගුණතිලක කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. පබළු විජේ ගුණවර්ධන සංගීත අධ්‍යක්ෂවරයාය. සුපර්ණා නෝර්ත් වෙස්ට් චිත්‍රපට වෙනුවෙන් කල්යාණි රණවක නිෂ්පාදනය කොට තිබේ.

 

 

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න