“සෙවණැලි සහ රූප” කෙටි නාට්‍ය දැක්ම සහ අවසන් මහා කලඑළි මංගල්‍යය

Wednesday, දෙසැම්බර් 18, 2019 - 08:45

ජාතික තරුණ සේවා සභා නාට්‍ය පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ “සෙවණැලි සහ රූප” කෙටි නාට්‍ය දැක්ම සහ අවසන් මහා කළඑළි මංගල්‍යය 2019 දෙසැම්බර් 18 වන දින සවස 06.00ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හි දී නොමිලේ පැවැත්වේ. මෙම දිනට අරවින්ද ප්‍රභාත්ගේ ‘ලිමිනියා’, චතුරංග පෙරේරාගේ ‘Let’s Marry’, හසිත් වෙත්තසිංහගේ ‘තවත් ණයක්’, ජයනි කලුආරච්චිගේ ‘මස් ලොරිය’ යන කෙටිනාට්‍ය හතරක් වේදිකාගත වේ. මෙහි ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ නාට්‍ය ශිල්පී හා නාට්‍ය හා රංගකලා ඩිප්ලෝමා පාඨමාලා සමායෝජක ප්‍රියන්ත ලලිත් මහතා විසිනි.