රුක්මණී සමරා ප්‍රසංගයක් හා සිහිවටන සමරු දැක්මක්

Wednesday, ජනවාරි 15, 2020 - 11:30

රුක්මණී දේවියගේ අනූ හත්වැනි ජන්ම දිනය සමරමින් ගීතමය ප්‍රසංගයක් මෙම මස 15 වැනිදා උදෑසන කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති සම්මේලන ශාලාවේදී පැවැත්වේ. කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා මෙදින මුලසුන හොබවනු ලබයි. ඉරිදා දිවයින නියෝජ්‍ය කර්තෘ උදය සංජීව ගමගේ සහ හිටපු සංස්කෘතික අධ්‍යක්ෂ අනූෂා ගෝකුල මෙදින දෙසුම් පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රසගයට සමගාමීව ඒ. පී. විජේරත්න සංරක්ෂණය කළ රුක්මණී දේවි සිහිවටන ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනු ඇත. මෙම අවස්ථා සංවිධානය හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්ගෙනි. එම දින සවස පිළියන්දල නගර ශාලාවේදී රුක්මණී දේවි සැමරුමක් පැවැත්වේ.