ශාන්ත දේශබන්ධු ගැන පුතු අතින් පොතක්

Wednesday, ජනවාරි 15, 2020 - 11:30

ජනප්‍රිය ගීත රැසක් රචනා කළ ගී පද රචකයකු මෙන්ම නාට්‍යකරුවකු, රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකවරයකු ලෙසට නමක් දිනා සිටි නැසීගිය ශාන්ත දේශබන්ධුගේ හතරවැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් ඔහුගේ පුත් පූර්ණ ශාන්ත අතපත්තු විසින් රචනා කළ ශාන්ත දේශබන්ධු නම් වූ ඔහු කෘතිය මෙම මස 15 වැනිදා වැල්ලවත්ත වේළුවනාරාමයේදී එළි දකියි. එදින ශාන්ත වෙනුවෙන් දානමය පින්කමක් ද පැවැත්වීමට නියමිතය. දවාලෙ පායන චන්ද්‍රයා (නිහාල් සිල්වා) මල් වියනේ, සාගරය බඳු, මල් පබා, මගේ ජීවිතේ පුරා (වේරලියද්ද) මට දුන්න දුක් ගින්න, පායන සඳේ, මගෙ හිත ගාව (දමිත් අසංක) මදුරුවන්ට පුරුදු කරමු, එල්ලුම් ගහ, එක දවසක් ලොකු ඉබ්බා එකෙක් (දීපල් සිල්වා) මනමාලිය වී හෙට දවසේ ( නිරංජලා සරෝජිනී) කාලෙ ළඟයි මධු වසන්තයේ (අනුරාධා පෙරේරා) මල්සර හී සරින් (ශෂිකා) මේ රාග තාල (සංගීත්) ආදී ජනපි‍්‍රය ගීත රැසක් ශාන්ත ලියූ ගී අතර වේ. ශාන්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් ද සේවය කරන ලදී.