පරාක්‍රමගේ නවතම නවකතාව 16 දා දොරට වඩී

Friday, ජූලි 17, 2020 - 13:00
 
පරාක්‍රම ඒකනායක විසින් රචනා කරන ලද නවතම නවකතාව හතර  දෙනෙක් කුමාරවරු මේ මස 16 වැනිදා එළි දැක්වෙනු ඇත. රටේ පවතින තත්ත්වය හේතුවෙන් ග්‍රන්ථය සෘජුවම වෙළෙඳපොළට  නිකුත් කරන අතර එළඹෙන අගෝස්තුවේ උත්සවශ්‍රීයෙන් ආරාධිතයින් සමඟ පොත එළිදැක්වීමට නියමිත බව පරාක්‍රම සරසවියට දන්වා සිටියි. මෙය කතුවරයාගේ සිව්වැනි නවකතාවයි. වැඩ සටහන් නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂකවරයකු ලෙසින් සිරස, හිරු හා සියත යන රූපවාහිනි නාළිකාවන්හි පරාක්‍රම සේවය කොට තිබේ. හිරු නාළිකාවේ විකාශය වූ ඉතා ජනප්‍රිය අදිසි රෑ 10 මාලා නාටකය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ද පරාක්‍රම ඒකනායක විසිනි.