කටහඬට ආශීර්වාද පූජාවක්

Saturday, අගෝස්තු 1, 2020 - 15:45

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ කටහඬ පාඨමාලාවේ 22 වැනි සංවත්සරය වෙනුවෙන් එළඹෙන අගෝස්තු මස 01 වැනිදා උදෑසන ශ්‍රී දළදා මාළිගයේදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වීමට නියමිතය. කටහඬ කලා සහෘදයන් මෙන්ම කටහඬ පාඨමාලාවේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වන මෙම අවස්ථාව අවසනදී රෝද පුටු සහ පාසල් උපකරණ බෙදාදීමක් ද සිදු කෙරේ.