වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 21 වැනිදා අඟහරුවාදා




»

2017/11/26 - මනමේ 26 දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභිනන්දන උළෙල 18 වැනි කොට්ටාව පැලන්වත්ත මහානාම උත්සව ශාලාවේදී

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභිනන්දන උළෙල 18 වැනි කොට්ටාව පැලන්වත්ත මහානාම උත්සව ශාලාවේදී

ශ්‍රී ලංකාවේ භාත්ඛණ්ඩ ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය ආරම්භ කර අවුරුදු 47 ක් (1969) පිරීම නිමිත්තෙන් හා ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතාණන්ගේ අභිනන්දන උළෙල ලබන 18 වැනි සෙනසුරාදා ප.ව. 4.00ට කොට්ටාව පැලන්වත්ත මහානාම උත්සව ශාලාවේදී පැවැත්වේ.භාත්ඛණ්ඩ සංගීත විද්‍යාල‍යේ ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය සංගමයත්,දෙමාපිය සංසදයත් මෙය සංවිධානය කරනු ලබයි.

එතුමන් මෙලෙස උපහාරයෙන් පිදුම් ලබන්නේ ශාස්ත්‍රීය සංගීතයේ සංගීත විශාරද උපාධි පරීක්ෂණය පවත්වා මෙරට සම්භාව්‍ය සංගීතයට උසස් තැනක් ලබාදී සෞන්දර්ය අධ්‍යාපනයට කළ සේවය නිමිති කොටගෙනත්,විශාල ගෝල පරම්පරාවක් බිහිකිරීමේ මහගු සේවාවත් වෙනුවෙනි. භාරතයට යා නොහැකි දුප්පත් අපේ දරුවන්ට මෙරටදී විශාරද උපාධිය ලැබීමට වරම් ලබා දීමත් වෙනත් රටවල උපාධි පාඨමාලා හා ඒ තත්වයට ගැළපෙන පරිදි අදාල පාඨමාලා සකස් කර අභීතව සංගීත විෂය ඉදිරියට යාමට අවශ්‍ය වාතාවරණය සැකසීම වෙනුවෙන් මුදුන්කොටුව මහතාට අපේ ගෞරවය පුද කරමු.

එච් කපිලවරණි සෙනරත්