විෂම භාග සිනමාහලට

16 වැනිදා
දෙසැම්බර් 12, 2019

 

ලලිත් රත්නායක ුඅධ්‍යක්ෂණය කළ විෂමභාග සිනමා පටය එළඹෙන 16 වැනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වෙයි. ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණි රත්නායක, පංසිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න ඇතුළු නළු නිළියෝ විෂමභාග රංගනයෙන් හැඩකරති. පාලිත පෙරේරා, කැමරා අධ්‍යක්ෂණයෙන් තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්, ශෂික රුවන් ශබ්ද පරිපාලනයෙන් වසන්ත පූර්ණවංශ අංගරචනයෙන් මෙයට එකතු වූහ. ප්‍රණීත ගුණරත්නගේ සහාය අධ්‍යක්ෂණයකි. සම්පත් වන්නිනායක කලා අධ්‍යක්ෂවරයාය. පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමි විෂමභාග සිනමාපටය නිෂ්පාදනය කොට තිබේ.

 

 

Add new comment