වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
රොන් සොයා පියඹන සමනලියක සේ

" රොන් සොයා පියඹන සමනලියකසේ
රිසි ලෙස සරනෙමි වන පියසේ
රොන් සොයා- පාවෙලා- පාවෙලා- නිල්වලා- යනු බලා පාවෙලා පාවෙලා "
ගාමිණීට නිලන්තිව හමුවන්නේ ඇය ගම්මානෙක ගස්වැල් කඳූහෙල් කැලෑවල් අතරේ දුවමින් සිංදු කියන අතෙර්ය' ඒ විනෝදාත්මක සිංහල චිත්රපටවල හැටිය' ගැමි දුප්පත් රූමත් තරුණයව නාගරීක පොහොසත් කඩවසම් තරුණයාට මුණ ගැසෙන්නේ එසේ සිංදුවක් හරහාය' මුලින්ම තරුණයා අර ගී හඩට වශී වී ඒ ගීත ගයන්නේ කව්දැයි විමසිලිමත් වෙයි' තරුණයාගේ වාසනාවකට ඒ ගීතය ගයන්නේ රූමත් තරුණයෙකි' යම්හෙයකින් මේ තරුණිය රූමත් නොමැතිනම් අර තරුණයා තම රථය නොනවත්වා හැටට හැටේ පාගා යනු නිසැකය' තරුණයාගේ වාසනාවකට මේ 'රොන් සොයා' ගීතය කියාගෙන එන තරුණිය ඉතාමත් රූමත්ය' එහෙයින් ගාමිණී නම් මේ තරුණයා තම රථය නතර කර මේ තරුණියගේ රූපයට වශී වූවාක් මෙන් ඒ දෙස ගල් ගැසී බලා සිටියේ එම ගීතයද රස විදිමිනි'
ලෙනින් මොරායස්ට තම සිනමා රීතිය 'රොමැන්ටික්' මාවතකට දැමීමට උවමනා වී තිබු‚' 'ආවා සොයා ආදරේ' චිත්රපටය ඔහු නිර්මාණය කළේ ඒ නිසාය' ලෙනින් මොරායස් ගැන සමීක්ෂණ කළහොත් ඔහු රොමැන්ටික් ගනයේ අධ්යක්ෂක වරයෙක් නොව' ඔහු 'එන්ටර්ටේනින්' අධ්යක්ෂක වරයෙකි' සිනමා 'අච්චාරු' සම්ප්රදාය ඔහු 'කොක්ටේල්' ලෙස වෙනස් කළ කෙනෙකි' 'අච්චාරුවට' වඩා 'කොක්ටේල්' එකට පේ්රක්ෂකයන් ප්රිය කරන බව ලෙනින් දැනගත්තේ අත්දැකීමෙන්මය'
ලෙනින් මොරායස් සිංහල සිනමාවට අවතීර්ණ වූයේ 1964දී පමණය' ඒ ' සිතක මහිම' චිත්රපටයෙනි'ආර් රාජබාලිගේ නිශ්පාදනයක් වූ එය එම්'එස්'ආනන්ද අධ්යක්ෂණය කළේය' ලෙනින් 'සිතක මහිම' ට එකතුවුනේ කැමරා ශිල්පියෙකු ලෙසටය' ඇත්තටම ඔහුට උවමනා වූයෙත් හොද කැමරා අධ්යක්ෂක කෙනෙක් වීමටය''සිතක මහිම' චිත්රපටයෙන් පටන් ගත් මේ කැමරා කරුඣී තම සහජ දක්ෂතාවයන් තුළින් බොහෝ චිත්රපටවලට කැමරාවෙන් සහය විය' ඒ අතර මුල් කාලයේ 'ස්විප් ටිකට්' 'කපටිකම' 'බයිසිකල් හොරා' 'දැන් මතකද'ඣී 'හතර දෙනාම සූරයෝ' වැනි අන් අය අධ්යක්ෂණය කෙරූ චිත්රපටයන් විය'
'රොන් සොයා' ගීතය ගයමින් කැලෑ පීරාගෙන ආ රූමත් තරු‚ය කළුබංඩාගේ එකම දිය‚ය වූ 'නිලන්තී'ය' ඇයගේ ගීතයට හා රූපයට වශීවී බලාසිටි ප්රභූ තරුණයා ඣී වතු යායකටඣීමෙන්ම විශාල දේපල වල උරුමක්කාර වූ හාමු මහත්තයාගේ එකම පුත් 'ගාමිණී'ය' දැන් මේ දෙන්නා අනිවාරයෙන්ම යහළු වන බව පේ්රක්ෂකයා දැන ගන්නා අතරඣී කළු බංඩා හාමු යටතේ වැඩ කරන කම්කරුවෙක් විය යුතුයැයි ද පේ්රක්ෂකයන් වේලාසනින්ම දැන ගනී' ලෙනින්ගෙ චිත්රපටවල හොද පැත්ත නමි චිත්රපටවල ට්රේලයවත් බලන්නට පෙරඣී ඒවා සිද්ධ වෙන්නේ මේ අන්දමටයි කියා පේ්රක්ෂකයන් දැනගනීමය' ඔවුන් ඒවා මුලසිටම දැනගන්නේ ලෙනින් චරිත තෝරන ආකාරයෙනි'
නිලන්තිගේ දුප්පත් කම ගාමිණීට ප්රශ්නයක් නොවේ' ඒවා හරියට සාලිය අසෝක මාලා 'කන්සෙප්ට්' එක මෙන්ය' සාලිය රජ කුමාරයෙක් වූවද අසෝක මාලා රොඩී කෙල්ලෙක් වූවාට ප්රශ්නයක් නැත' ගාමිිද දැං සාලිය කුමාරයා වගේය' නිලන්තීද ගාමිණීගේ කඩවසම් කමට ආදරිය බවට වශීවේ' දැන් ඔවුන් යහළුය' යහළු පමණක් නොව දැං ඔවුන් පෙම්වතුන්ය'
නිලන්ති සුන්දර වගේම ගැයුමට රැඟුමටද දක්ෂය' ගාමිණී ඇතැම් විට කැමති වී ඇත්තේ නිලන්තිගේ මේ 'ටැලන්ට්' එකට විය හැක'
"සොයා සොයා යමි දැකුමට නැත්තේ
සැබෑ ආදරය කොයිබද ඇත්තේ
උඩ බැලුවත් නැතඣී බිම බැලුවත් නැත
එය හැංගුවේ කොහෙදෝ
කොහෙදෝ- කොහෙදෝ- කොහෙදෝ- කොහෙදෝ එය හැංගුවෙ කොහෙදෝ "
ලෙනින් මොරායස් සරල ආදර කථාවක් තෝරා ගෙන එයට මියූරු ගීත හා සංගීතය යෙදෙවූයේ සංගීතමය ආදර කථාවක් කීමටය' ' ආවා සොයා ආදරේ' චිත්රපටය තිරගත වූයේ 1975 දී තරමය' ඒ වන තෙක් ලෙනින් මොරායස් ආදරිය කථාවක් පමණක් චිත්රපට ගත කර නොතිබු‚' 1966 ඔහුගේ මුල් අධ්යක්ෂණය වූ 'සුදු දුව' පවුලේ කථාවක් වූ අතර එය ගැහැණුන් හඬවා මුදල් ගැරීමේ 'කැටගරියට' අයත් චිත්රපටයක් විය' 1969 දී ඔහු 'ත්රිලින් එන්ටටේන්මන්ට්' චිත්රපටයක් කළේ 'සූරයන්ගෙත් සූරයා' නමිනි' ලෙනින් මොරායස් පේ්රක්ෂකයන් අතර බ්රෑන්ඩඩ් වූයේ එම චිත්රපටය සමගිනි' ජයිශංකර් හා එල්'විජයලක්ෂ්මිඣී රඟපෑ 'ඉරුවල්ල වර්ගර්' නැමැති දමිළ චිත්රපටය අනුසාරයෙන් නිර්මාණය වූ 'සූරයන්ගෙත් සූරයා' චිත්රපටයට ලෙනින් විසින් ඉංග්රීසි ජේම්ස් බොන්ඩ් කෑලීද දමා අමුතුම වර්ගයේ විනෝදාස්වාදයක් ලාංකේය පේ්රක්ෂකයන්ට ලබා දුනී' ඉන් පසු ඔහු අධ්යක්ෂණය කළ 'අභිරහස' 'සස්පෙන්ස්' චිත්රපටයක් වූ අතර 'එදත් සූරයා අදත් සූරයා'ද 'සූරයන්ගෙත් සූරයා' කැටගරියටම අයත් විය' 1973 ඔහු නිර්මාණය කළ චිත්රපට දෙකක් තිරගත විය ' ඒ ' හොඳම වෙලාව' හා ' 'හොඳයි නරකයි' ය' මේ චිත්රපට දෙකම 'මල්ටි එන්ටර්ටේන්මන්ට්' ගනයට අයත් විය' 1974 දී ලෙනින් අමුතු චිත්රපටයක් ඉදිරිපත් කළේය ඒ 'ඇලඩින්' ගනයේ චිත්රපටයකි'එහී ප්රධාන චරිතය වූයේ 'භූතයෙක්ය'' හේ 'බූ බම්බා' විය' 'ඔන්න බබෝ බිල්ලෝ එනවා' නමින් තිරගත කල මෙය පේ්රක්ෂකයන් විනෝදාත්මකව වැළද ගතී' එය වැඩිහිටි මෙන්ම ළමුන් අතරද අතීශය ජනප්රිය විය' ලෙනින් තම කැමරාවෙන් මැජික් පෙන්වූයේ මෙම චිත්රපටයෙනි'තනිකරම 'ලව් ස්ටෝරියකට' ලෙනින් අත ගැසුවේ ඉන් පසුවය'
" රන් මසු රන් කිරි ගරුඩ තලාවක
සැලෙන නදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා- මා ඔබ වෙත එනවා
ආවා සොයා-ආවා සොයා- ආවා සොයා ආදරේ "
අර නිලන්ති තනිවම සිංදු කිය කිය දිව ගිය කැලෑවලඣී කඳූ හෙල් හා දිය ඇලි අතරේ දැන් නට නටාඣී සිංදු කියමින් දිවයන්නේ ගාමිණී හා නිලන්තීය'ඔවුන් නිදහසේ ආදරය කළහ'
" කව්දෝ කව්දෝ සෙව්වේ
ඇයි ආ ගමන් යන්නේ
ඔබෙ සුවඳයි - මට දැණුනේඣී ඒ නිසයි බැලුවේ
මුතු බද සල සල- මධු මල යන කළ
හද විල පෙම් රැළ- සැලේ සැලේ "
විල්මා නිලන්ති ගැන බලාපොරොත්තු තබාගෙන සිටින මැරයෙකි' ඔහු කීප වතාවක්ම නිලන්ති හමුවී මේ ගැන කීවද ඇය එයට දැක්වූ අයහපත් ප්රතිචාර නිසා විල්මා සිට්යේ ඇය ගැන තරමක් කේන්තියෙනි' ඇයව හොදින් හෝ නරකින් ගන්නෙමියි යන අධිෂ්ඨානයෙනි ඔහු සිටියේ' දුෂ්ඨයෙක් චිත්රපටයට එක්වන්නේ ඒ අයුරිනි'
ලෙනින්ගේ බොහෝ චිත්රපටවලට අනිවාරයෙන්ම ජෝකර් කෙනෙක් සිටී' 'ආවා සොයා ආදරේ' චිත්රපටයේද එලෙස ජෝකර් කෙනෙක් සිටි අතර ඔහු 'ජොන්සන්' ය' ජොන්සන් ගාමිණීගේ සපෝටර්ය' ජොන්සන්ටද පෙම්වතියක් සිටී' ඇය සුමනාය' ඔවුන්ද ගීත ගයමින් නටයි' ලෙනින් තම චිත්රපටවලට සෑම පන්තියකම පේ්රක්ෂකයන්ව එක් රොක් කර ගන්නේ එවන් චරිත එකතු කර ගෙනය
" රෝස මල වගෙ සූටික්කි
මාගෙ ආදර බෝනික්කි
ඇසි පිය ගසමින් හිනැහෙනවා
ලස්සන බේරෙනවා "
එලෙසම ලෙනින්ගේ බොහෝ චිත්රපටවල 'බර්ත් ඩේ පාටිස්' ෂුවර්මය' ඒ බර්ත්ඩේ පාටිස් විචිත්රවත් ලෙස ඉදිරිපත් කිරීමට ලෙනින් දක්ෂය' 'ආවා සොයා ආදරේ' චිත්රපටයේද එලෙස උපන් දින උත්සවයක් තිබු‚' ඒ ගාමිණීගෙ උපන් දිනයයි' එය ඉමහත් උත්කර්ෂවත් අන්දමට පැවතුණේ ඔවුන් ප්රභූ වරු නිසා විය හැක' එයට සහභාගී වූයේද ප්රභූවරු පම‚' ගාමි‚ගේ නිවැසියන් විසින් ගාමිණීට විවාහ කර දීමට යෝජනා කෙරූ ප්රභූ පැලැන්තියකින් පැමිණුනු තරුණයක්ද එම උත්සවයේ ගාමිණී ලගටම වී සිටියාය' ගාමිණීට නිලන්තිවද මෙම උත්සවයට සහභාගි කරවා ගැන්මට උවමනා විය' එහෙත් ඔවුන් අතර තිබූ විශාල වූ පන්ති පරතරයඣී එයට හරහට සිටීය' ගාමිිඣී ජොන්සන් සමඟ එක්වී එයට උපායක් යෙදවීය' නිලන්තිව හොඳට අන්දවා ජොන්සන් සමඟ උත්සවයට ගෙන ආවේ ඇය ජොන්සන්ගේ නැග‚ය ලෙස හඳූන්වා දීමෙනි'
" ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනේ කාන්ති මවන
සොඳූරු මගෙ ප්රියේ
මගේ හදේ රැදේ ප්රියේ
ඔබේ ආදරේ"
(ලබන සතියේ තවත් චිත්රපටයක්)