ආපසු හැ බලන්නට ”‍කැඩපතක ඡායා”

මැයි 7, 2020

 

”‍පාරෙ බැහැලා යන්න බැරි අම්මලට නෙමෙයි, අපිටයි පාරෙ බැහැලා යන්න බැරි. මිනිස්සු කියනවා තාත්තා කුඩු ගෙනල්ලා තරුණයන්ව මරණවලූ‍. අම්මා ඇසිඞ් ගහලා මිනිස්සුන්ව මරණවලූ‍”‍
 
 තම දුවගේ කථාවට නන්දාට කට උත්තර නැති විය. එහෙත් තම තාත්තා කුඩු මුදලාලි කෙනෙක් වීමත්, අම්මා ඇසිඞ් ගසා මිනිහෙක් මැරීමත් පසුපස තිබණේ හරිම සංකීර්ණ වූ සිදුවීම් සමුදායකි. මේ දෙදෙනාම එම තත්වයට ඇද දැම්මේ සමාජය නම් නොව, ඒ සමාජය තුළ ජීවත්වූ එක් පුද්ගලයෙක්ය.
 
 වසන්ත ඔබේසේකර, ලාංකේය සිනමාවට මුල සිටම ගෙන ආවේ එක්කෝ ත‍්‍රාසය, එහෙම නැත්නමි ඛේදවාචකයයි. ”‍වෙස්ගත්තෝ”‍ තුළින් පූර්ණ සිනමාවට ආ වසන්ත, ‘ස්පයි ඇන්ඞ් ත‍්‍රිල්ස්’ අකෘතිය තුලින් ලාංකේය පේක්ෂකයන් ග‍්‍රහණය කරගන්නට තැත් කළේ ය. වසන්ත හඳුන්වා දුන් ඒ බටහිර ආකෘතිය, වසන්ත දිගටම ගෙන ⁣යාවියැයි මා එදා සිතුවද, ඔහු එය අතහැර, ⁣‘ක‍්‍රයිම් ත‍්‍රිල්ස්’ තම සිනමාව කර ගත්තේය. ඔහුගෙ දෙවැනි චිත‍්‍රපටය වූ ‘වල් මත් වූවෝ‘ ‘ක‍්‍රයිම් ත‍්‍රිල් ‘එකක් නොවුනද, ඔහු එයින් ඒ අකෘතිය තමන්ගේ ශානරයක් කර ගැන්මට ප‍්‍රවේශයක් කරගත්තේය. ‘වල්මත්වූවෝ’ තුලින් ඛේදවාචකයට ප‍්‍රමුඛත්වයක් දුන්නද, ඔහු අර අදින්නේ ක‍්‍රයිම් ත‍්‍රිල්ස් ආකෘතියට බව නම් එදා බුද්ධිමත් පේ‍්‍රක්ෂකයන්ට නොවැටහුනා නොවේ. ඔහු ‘දියමන්ති‘ තුලින් ‘ස්පයි’ කැටගරිය තව තවත් තිව්ර කළද, වසන්ත එතෙක් තමා තුල රැුස් කරගත් සියළු දෙයම එක් වර මුදා හැරියේ ”‍දඩයම”‍ චිත‍්‍රපටය තුලින්ය. එය තනිකරම ‘ක‍්‍රයිම් ත‍්‍රිල්’ එකක් විය.
 
 ධනරත්නගේ චරිතය තුළ මානුෂවාදී ගුණංග බහුලව ඇති බවක් මතුපිටින් පමණක් නොව අභ්‍යන්තරවත් පෙනුනද, ධනරත්න විසින් කළ පාපිශ්ඨ ක‍්‍රියාවට, ශිෂ්ඨ වූ සමාජය පිළිකුල් කරනවා විනා සමාවක් නම් දෙන්නේ නැත. ඔබේසේකර තම තේමාවට ඈදා ගත්තේ එවන් අශ්ලීලවූ සිදුවීමය. ධනරත්න ¥ෂණය කරන්නේ තම විවාහයේදි මල් කුමරිය වී සිටි තම මනමාලියගේ පුංචි නැගෙණියවය. මුලින්ම ඒ කුඩා ළමයාව මොවුන් හදා ගත්තේ තමන්ගේ දුවෙක් ලෙසය. ධනරත්න ඒ කුඩා දියණියව හුරතල් කළේය. එහෙත් වැරැුද්ද වුයේ ඇය වැඞී ආ පසුත් ධනරත්න ඇයව හුරතල් කරන්නට යෑම නිසාය. මේ වසන්ත තම කැඩපතක ඡුායා වෙනුවෙන් ලියූ ප්ලොට් එකය. මෙහී ඇති වෙන හැම ව්‍යවසනයකම ආරම්භය වන්නේ ‘සෙක්ස්ය’. ධනරත්න තම බිරිඳගේ නැගණියව දුෂණය නොකෙරුවේ නම්, මේ කිසිම ව්‍යසනයක් සිදු වන්නේ නැත. සෙක්ස්, රේප් හරහා ක‍්‍රයිම් ත‍්‍රිලර්, තම වස්තු බීජය කරගත් ඔබේසේකර, කැඩපතක ඡුායා තුළට එය එබ්බවිය.
 
 ඔබේසේකර ගේ ක‍්‍රයිම් ත‍්‍රිලර් හී නියම ආරම්භය සිදුවූයේ ”‍පළගැටියෝ”‍ චිත‍්‍රපටය තුලිනි. එහී කුසුමි මිය යන්නේ සරත් අතිනි. සරත් අතින් කුසුම් එසේ මිය යන්නට ඔබේසේකර පැහැදිලි හේතූ ගනනාවක් පෙන්වා දී, ඒ මිනීමැරුම සාධරණීකරණය කළේය. එම ශානරය තවත් ප‍්‍රබලව විදහා දැක්වූයේ ඔහුගේ ”‍දඩයම”‍ චිත‍්‍රපටයෙනි. එය අර ඔබේසේකරගේ ක‍්‍රයිම් ත‍්‍රිල්ස් හී උපරිමය යැයි අප සිතුවද, ඔහු එය තවත් තවත් ඉදිරියට ගෙන ගියේ, කැඩපතක ඡුායා තුලිනි. එපමණක්ද නොව ඔහුගේ ‘දොරකඩ මාරාව’ සළෙලූ‍ වරම’ ‘අසනි වරුෂා’ ‘සෙව්වන්දි’ තුලින්ද එය විහිදා හැරීය.
 
 ඒ හැම එකකම කිසියම් වූ මිනීමැරුමක් සිදුවිය. එමෙන්ම ඔහු ඒ සඳහා පාදක කරගත්තේ මේ රටේ සිදුවූ පුවත්ය. කැඩපතක ඡුායා ද එබන්දකි.
 
 ඔබේසේකරගේ චිත‍්‍රපට ආරම්භ කරනුයේ අමුතු අන්දමකටය. එය මට මතක හැටියට ඔහු පටන් ගත්තේ ”‍පළගැටියෝ”‍ තුලිනි. මුලක් , අගක්, මැදක්, අවසානයක් එක දිගට ගලා නොයන, රූප රාමුවලට පටහැනි පසුබිම් දෙබස්, මේ ශෛලය, ‘දඩයම’ ‘දොරකඩ මාරාව’ හරහා ‘කැඩපතක ඡුායා’ දක්වා ව්‍යාප්ත විය. මුලින් මුලින් එය අපට අලූ‍ත් දෙයක් වූවද, වසන්ත ඔහුගේ හැම චිත‍්‍රපටයක්ම ඒ අයුරින් පටන් ගන්නට යන විට අවසානයේ එය හැමදාම දකින කුකුළාගේ කරමල සුදුසේ සාමාන්‍ය දෙයක් බවට පරිවර්ථනය විය. ”‍කැඩපතක ඡුායා”‍ තුලද එක ළඟ රූපරාමු තුලින් එකම ගෙදරක මඟු‍ල් ගේද, එලෙසම එහීම මළ ගේද පෙන්වීය. ඔබේසේකරට උවමනා වන්නේ පේ‍්‍රක්ෂකයන්ව පැටලවීමටය. ඉන්පසු එසේ පැටලූ‍නු පේ‍්‍රක්ෂකයන් ඔවුනොවුන් විසින්ම ඒ පැටලූ‍නු තැන් ලිහා ගන්නවා බැලීමටය.
 
 ”‍කැඩපතක ඡුායා”‍ චිත‍්‍රපටයද ”‍දඩයම”‍ චිත‍්‍රපටයේ අකෘතිය තුල නිර්මාණ වූ බවක් දැනුනි. දඩයමෙ ගැහැණිය, තමන්ට වූ අසාධාරණයට විරුද්ධව සටන් කරනුයෙත්, කැඩපතක ඡුායා හී ගැහැණිය, තමන්ට වූ අසාධාරණයට විරුද්ධව සටන් කරනුයේත් එකම ආකාරයකට වූවද, එහී චේතනාවන් වෙනස් විය. දඩයමේ රත්මලීට, ජයනාත්ව මැරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත. ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ ජයනාත් සමඟ ජීවත් වීමටය. ඇය සටන් කළේ එයටය. එහෙත් කැඩපතක ඡුායාහී නන්දාට කෙළින්ම අවශ්‍ය වූයේ තම ජීවිතය විනාශ කෙරූ ධනරත්නව මරාදැමීමටය. එකම ආකෘතියක වෙනස් තල දෙකක් ගෙන ඒමට ඔබේසේකර උත්සහා ගත්තද, ඔහුට නොදැනීම, කැඩපතක ඡුායාද දඩයමේම ආකෘතියක් බවට පත්විය. ඔබේසේකරගේ දඩයම ලද ප‍්‍රබලත්වයෙන් ඔහුට ඉන්පසු මිදීමට නොහැකි විය. ‘දොරකඩ මාරාව,‘ ‘සලෙලූ‍ වරම’, ‘ආගන්තුකයා’ පමනක් නොව, ඔහුගේ දුර්වල කෘතියන් වූ ‘අසනි වරුෂා’ ‘මාරුත⁣ය‘, ‘සෙව්වන්දි ‘ යන චිත‍්‍රපට තුල පවා ඒ අකෘතිමය එකාකාරි බව අඩු වැඩිව දක්නට ලැබිනි. එය දැඩිව දැණුනේ ‘කැඩපතක ඡුායා’ චිත‍්‍රපටය තුලිනි.
 
 නන්දා, පියතිලක සමඟ යහළු වීම, ධනරත්න නුරුස්සුවේ, ඔහු ඇයව, දරුවෙක් ලෙස හදා වඩා ගත් නිසාද, නොඑසේ නම් ඇයව බිලිගන්නට යටි සිතේ සැලැස්මක් තිබුණාදැයි දන්නේ ධනරත්නම පමණී. ධනරත්නගෙ හිතේ තිබුනේ දරු සෙනෙහසද, නොඑසේ නමි වල් කමද කියා, වසන්ත ඔබේසේකරවත් දැන සිටියාද යන්න කුකුසක් ඇති වෙන තරමටම ධනරත්න සුක්ෂම ලෙස හැසිරී තිබුණි. පාසැල් යන යුවතියව දුෂණය කරන්නට, ධනරත්න පෙළඹුණේ සැලැස්මක් ඇතිවද, නැත්නම්, එදා ඇය වැස්සේ තෙමීගෙන, තෙත බරිත වී ඇද සිටි ගවුම ඇඟටම ඇලී ගෙදරට එන විට එය දැක ධනරත්නට ශෘංගාරාත්මක හැගීම් හදිසියේම පහළ වූවා ද දන්නේත් ධනරත්නම පමණි.
 
 ධනරත්න යනු ධනවත් එමෙන්ම බලවත් පුද්ගලයෙක් යැයි හැදින්වූවද, එය ධනරත්නගේ බාහිරත්වයෙන් නම් එතරම් පෙනෙන්නට නොතිබීම, ඔබේසේකරගේ තිර නාටකයේ දුර්වල කමක් විය. වසන්තට ඕනෑ වූයේ ධනරත්නගෙ බලයට ධනයට හැමෝම යටත් වී සිටින බවක් පෙන්වන්නට විය හැක. එයට ඔහුගේ බිරිඳ විමලා, නන්දා සහ පසුව පවුලට එකතු වූ පියතිලකද අයිති විය.
 
 කථාන්තර සිනමාවෙන් සම්පූර්ණයෙන්ම බැහැර වන වසන්ත ඔබේසේකර සිදුවීම් හරහා අකෘතියක් සාදාගෙන ඒ තුල කරන ශිල්ප හරඹයේදී, ඔහු සාර්ථක වූයේ ‘දඩයම‘ චිත‍්‍රපටයෙන් පමණි. ‘කැඩපතක ඡුායා ‘ තුලටද, ඔහු ඒ ශිල්ප හරඹය ගෙන ආවද, එය සාර්ථක වූ බවක් පෙනුනේ නැත.
 
 නන්දා ධනරත්නගෙ ගොදුර බව⁣ට පත්වූයේ නිරාසයෙනි. එයින් ඇයගේ අධ්‍යාපනය නැවතුනි. ඇයගේ වැඩිමහල් සොහොයුරිය වූ ධනරත්නගේ බිරිඳ විමලා සිටියදීම නන්දාට ධනරත්නගේ ලිංගීක සුරතලිය වීමට සිදුවිය.
 
 හමුදා භටයෙකු වූ පියතිලක සමඟ නන්දා ගෙන ගිය ඇසුර විවාහයකින් කෙළවර කිරීමට දැඩි උත්සහයක් ගත්තේ නන්දාගේ සොහොයුරිය විමලාය. ඒ තම පවුල රැුක ගැන්මට උවමනා නිසාය.
 
 පියතිලක තමාගේ පෙම්වතා වූවද, ඔහු හා විවාහ වීමට නන්දා බිය වූයේ විවාහ වන දා රාත‍්‍රියේ තම පාරිශුද්ධභාවය ඔප්පු කර ගැන්මට නොහැකි නිසාය. එහෙත් නන්දා හමුදා භටයෙක් සමඟ විවාහ වෙනවාට ධනරත්න ඉත සිතින් කැමති වූයේ හමුදා භටයන් මේ උතුරේ යුද්ධ සමයේ රැුකියාවට ගියහොත් යළි මාසයකටවත් නිවසට නොඑන නිසා වන්නට ඇත. එවිට ධනරත්නට, හිතූ හිතූ වෙලාවට ගොස් නන්දා හමුවිය හැක. මෙම විවාහය කළ ද, නන්දාට ගැලවීමට නොහැක. විමලා බලාපොරොත්තු වන සාමකාමි පවුල් ජීවිතය ගත කිරීමට ඇයටද නොලැබේ.
 
 ධනරත්නගේ නිවස තුල තිබෙන අවුල් ජාලය නොදැන එයට අත දැමිමෙි පියතිලකය. ඇත්තටම මෙහී අහිංසක චරිතය මේ පියතිලකය. ඔහු නන්දා සමඟ යහළුවූයේ විවාහ වීමට විනා මගදී අත්හල දැමීමට නොව. එලෙසම ඔහු නන්දාව විවාහ කර ගත්තේ අවංකව, තම හමුදා වැටුපෙන් පවුල් ජීවිතයක් ගත කිරීමටය. එහෙත් නන්දා චරිතය කෙලසා ගත් කෙනෙකු බව දැන ගත්තේ විවාහවූදා රාත‍්‍රියේය. එය ධනරත්න අතින් සිදුවූ බව දැනගත් ඔහු, ධනරත්නට ශාප කෙරුවද, සියලූ‍ දෙය අමතක කර නන්දා සමඟ පවුල් ජීවිතයක් ගත කරන්නට සිතා ගත්තේය. ඔබේසේකරගේ ප්ලොට් එකේ විශ්වාසනීයත්වයේ එක් පලූ‍ද්දකි එය. පියතිලක වැනි හමුදා භටයෙක් එලෙස එක්වරම සමාව දෙයිද?. අන් අතකට තමා මාසයක් දෙකක් උතුරේ යුද කඳවුරු වල හිරවී සිටින විට, ධනරත්න නන්දාගේ පහස සොයා රිංගන්නේ නැද්ද? පියතිලක ඒවා එසේ වේ යැයි නොසිතන්නේද? ඔබේසේකර ඒවා ගනනකට නොගත්තද, පේ‍්‍රක්ෂකයන්ට එවැනි සිතුවිලි නිරාසයෙන්ම පහල වන බව ඔබේසේකර නොදන්නේද?
 
 ඒ කී ලෙසම, ධනරත්න පියතිලක නැති අතරේ නන්දා සොයා ගියේය. නන්දාද එයට ඇබ්බැහි වූනා සේය. ධනරත්න මෙම ශෘංගාරාත්මක සම්බන්ධය නැවැත්වීමට ගියද, නන්දා එය නැවැත්වීමට මැලි වූයේ එයට ඇබ්බැහි වූ නිසාය.
 
 මෙහි අනෙක් ප‍්‍රබල චරිතය විමලාය. ධනරත්න මෙතරමි ධනයක්, බලයක් රැුස් කරගැන්මේදී එයට උරෙන් උර ධනරත්න සමඟ ගැටුනේ විමලාය. එවකට ඔවුන් ඉතාමත් දුප්පත්ව,සිටියද, පොල් උලූ‍ප්පා කොප්පරා සෑදීමෙදි පොල් ගෙඩියෙන් පොල්ගෙඩියේ මද තම අත්වලින් ගැලවීමට ධනරත්නට සහය දුන්නේ විමලාය. ඔවුන් දෙදෙනාගේ අපිරිමිත කැප කිරීමේ ප‍්‍රතිපලයකි අද ඔවුන් මෙවැනි තත්වයකට පත් වූයේ.? එවන් ධනරත්නද මේ තම විවාහයේදී කුඩා මල් කුමරියට පැමිණුනු තම බාල නංගීව අනාථ⁣කළේ. අන් අතකට, තම සැමියා තම බාල නංගිගේ කාමරයට රිංගන එක නතර කරගන්නට බැරි වුනු අක්කා කෙනෙක්, නොඑසේ නමි බිරිඳක් වීම, ධනරත්න කෙරු වරදට වඩා විශාල වරදක් නොවේද? . ධනරත්න සමඟම එකට කැපවී , මහන්සිවී මේ තත්වයට පැමිණි ඇයට, ධනරත්නට එරෙහිව නැගීසිටීමට ධෛරයක් නොමැති වූයේ කෙසේද?. ඒ සියල්ලම ඇය එක්වර මුදාහැරියේ පියතිලක ඉදිරියේය.
 
 ”‍නන්දා දහදුක් විදගෙන මේ හැම දෙයක්ම කරන්නේ අපේ පවුල ආරක්ෂා කරගන්නනේ”‍ පියතිලක නන්දාව ආරක්ෂාකරගන්නට විමලාට එසේ කී විට, විමලා කීවේ
 
 ”‍ඒකිට බඳිනකොටවත් තිබුණද ආරක්ෂා කරගන්න දෙයක්. ඒක මට වඩා හොදට පියතිලක දන්නවා ඇතිනෙ”‍
 
 විමලා එසේ පියතිලකට කීවේ, නන්දාට මේ වින්නැහිය කරපු ධනරත්නව ආරක්ෂා කර ගැනිමටද, නැතිනම් තම පවුල රැුක ගැන්මටද, එසේත් නැත්නම් නන්දා ගැන ඇතිවූ ඊරිසියාව නිසාද?.
 
 ධනරත්න පියතිලකගේ හැම ව්‍යවසනයකදී උපකාර කළේ අවංක චේතනාවකින් බව පෙනේ. පියතිලක නිවාඩුවට ගෙදර විත්, නන්දාගේ බල කිරීමට තවත් සතියක් නිවාඩු පිට සිටින විට, හමුදාව විසින් ඔහුව අත් අඩංගුවට ගෙන, ඔහුව රැුකියාවෙන් අස් කළේ, රජයට ගෙවිය යුතු මුදල ගෙවන්නට අණ කරමිනි. නැත්නම් ඔහුට සිදුවෙන්නේ සිරගත වන්නටය.ධනරත්න පැමිණ ඒ මුදල ගෙවා පියතිලකව ඒ උගුලෙන් බේර ගත්තා පමණක් නොව, පියතිලක⁣ට කඩ කෑල්ලක් දී වෙළදාමක් කර ගැන්මට ක‍්‍රමවේදයක්ද සකස් කරවමිනි. විමලා උරණ වූයේ ධනරත්න පියතිලකලා, නන්දලා වෙනුවෙන් මුදල් වියදම් කරන නිසාය. විමලා, පියතිලක, ධනරත්න අතර ගැටුම ආරම්භවුනේ එලෙසය.
 
 එහෙත් එය තිව්ර වුනේ පියතිලක තම කඩය තුල කසිප්පු විකුණන්නට යෑමෙනි. ධනරත්න පියතිලකට උපකාර කිරීම නතර කළේ ඒ සිද්ධියෙන් පසුවය. පියතිලක ධනරත්නගෙන් ගුටි කෑවේද ඉන් පසුවය. අවසානයේ පියතිලක අනුරාධපුරයට ගොස් කඩ රස්සාවත්, කසිප්පු ජවාරමත් කළේ කවදා හෝ ධනරත්නගේ ව්‍යාපාරය අභිබවා යන අපේක්ෂාවෙනි. මුදල් ලැබෙන්නට ලැබෙන්නට පියතිලක , නන්දා සමඟ ජීවත් වූවද, ඔවුන් සිටියේ වෙන වෙන ලෝකවලය. පියතිලකට, විශාල ධනවතෙක් වීමේ අපේක්ෂාව ලියලන්නට වූ අතර, ඔහු තම මුලූ‍ අවධානයම එයට යොමු කෙළේය. නන්දා, ධනරත්නගෙන් පලිගැන්මට මාන බැලිය. එහී ප‍්‍රතිපලයකි, ධනරත්න නන්දාගේ ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූයේ. එයින් ඔහු ඉමහත් වේදනාවෙන් සිට මිය ගියේය. නන්දා සිරගත විය. අවසානයේ, නන්දා නන්දාට ඕන දේ කල අතර, පියතිලක තම ඉල්ලකය වූ විශාල ධනවතෙක් වීමේ අභිලාෂය ඉෂ්ඨ කර ගති. නන්දා සිරෙන් නිදහස් වී ගෙදරට පැමිණියද
 
 ‘තාත්තා කුඩු පොවලා මිනිසුන්ව මරණවා, අම්මා ඇසිඞ් ගහලා මිනිසුන්ව මරණවා ‘කියා තම දරුවන් කියන විට, ඇය එයට කුමක් නම් කියන්නද? මුලදී අසරණ වූයෙත්, අවසානයේදී අසරණ වූයේත් නන්දාමය.
 
 වසන්ත ඔබේසේකර ‘කැඩපතක ඡුායා’ තුලින් කියන්නට ගියේ එවන් සිදුවීම් සමුහයකි. එහෙත් ඒ සිදුවීම් ගොනු කර ඉදිරිපත් කරන විට, අර දඩයමේ තිබූ ප‍්‍රබලත්වයට ලංවන්නට ඔහුට නොහැකි විය. දඩයම තරම් මෙය හිත පසාරු කරගෙන ගියේද නැත. ඔබේසේකරගේ තිර රචනයේ තිබූ ඇතැම් අඩුලූ‍හුඬුතා, චිත‍්‍රපටය දුර්වල කළේය.
 
 ධනරත්නගේ පුංචි නෑනාගේ චරිතයට ස්වර්ණා මල්ලවආරච්චි ‘මැචුවර්’ වැඩි යයි සිතේ. ස්වර්ණා ගේ දඩයමේ තිබූ ප‍්‍රචන්ඩ බව, ප‍්‍රබල බව මෙම චිත‍්‍රපටයේදී දැනුනේ නැත. එහෙත් ස්වර්ණා දුබල තිරනාටකයක් මත වුව සිය ප‍්‍රතිබාව රැුක ගත්තාය.
 
 ධනරත්න ලෙස රඟපෑ විජය කුමාරණතුංග මෙම චරිතයේ කළු පැත්ත හදුනාගෙන තිබූ බවක් දැනුනි. 70දශකයේ තරුණ්‍යයේ සිටි විජය, වසන්තගේ ‘දියමන්ති’ හී රඟපෑමෙන් පසු අවුරුදු ගනනාවකිනි මේ ධනරත්නගේ චරිතයට පන පෙව්වේ.
 
 පියතිලක වූ සනත් ගුණතිලකද තම චරිතය අධ්‍යනය කර ඇති බවක් දැනුනි. සුනෙත‍්‍රා සරත්චන්ද්‍රට නම් හැමදාම ලැබෙන චරිතයකි මෙවරත් ලැබී තිබු⁣ණේ. විමලා ඇත්තෙන්ම ඕපාතික චරිතයකි. ජේ.එච්.ජයවර්ධන, ග‍්‍රැන්විල් රොද්‍රිගූ, ශ‍්‍රීනාත් මල්දෙණිය සෙසු චරිත රඟපෑහ.
 
 වසන්ත ඔබේසේකර තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ ”‍කැඩපතක ඡුායා” කැමරාව මෙහෙයවූයේ සුමින්ද වීරසිංහය. ස්ටැන්ලි ද අල්විස් සංස්කරණ ශිල්පියාය. හර්ෂ කුමාර නවරත්න නිෂ්පාදනය කළ ‘කැඩපතක ඡුායා’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය ආරම්භ කළේ 1989 මාර්තු 24 වනදාය. එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා (සනත්* සහාය නිළිය(සුනේත‍්‍රා සරච්චන්ද්‍ර* ඇතුළු සම්මාන 6 ක් දිනා ගැනමට කැඩපතක ඡුායා සමත් විය.

(ලබන සතියේ තවත් චිත‍්‍රපටයක්)