කොරෝනාට හසු වූ සුනාමිය

ආචාර්ය සෝමරත්න දිසානායක
මැයි 14, 2020


සිංහල සිනමා ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් මෙන්ම අඳුරු යුගයන් තිබූ බව අපි කවුරුත් දන්නා කරුණක්. කළු ජූලිය සමයේ සිනමා ශාලා අහිමි වීම නිසා වුණ හානියටත් වඩා වැඩි කඩාවැටීමක් පවතින සිනමා ශාලා සියල්ල වසා දැමීමෙන් සිදුවන බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ පාස්කු ප‍්‍රහාරය නිසා ඇණහිටි සිනමාව යන්තම් අළු ගසාදමා හිස ඔසවන විටම ලෝකය පුරා ඇති වූ කොරෝනා බලපෑම යළිත් ඒ හිස බිමටම ඔබා දැමීමට සමත් වුණා. සඳුදා සිට රට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්නට උත්සාහ දැරුවත් සිනමාව වැනි සෙනඟ එකතැනකට රොක්වන කටයුතු ඉක්මනින් ආරම්භ නොකිරීම යහපත් වන්නේ එය අපේම ආරක්ෂාවට සුදුසුම ක‍්‍රියාමාර්ගයක් නිසයි. කෙසේ වෙතත් මාර්තු මැද වනවිට ප‍්‍රදර්ශනය වෙමින් තිබුණු චිත‍්‍රපට මේ නිසා විශාල අර්බුදයකට මුහුණ දෙනවා. විශේෂයෙන් චිත‍්‍රපට නිෂ්පාදකවරුන් මේ නිසා දැඩි අපහසුතාවකට පත්වෙනවා. ඒ අතරින් ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම ස්වාධීන නිෂ්පාදකවරයකුද ලෙස කටයුතු කරන ආචාර්ය සෝමරත්න දිසානායක ප‍්‍රමුඛයි. මාර්තු 19 වනවිට තිරගත වූ චිත‍්‍රපට කීපය අතරින් ඔහුගේ සුනාමි චිත‍්‍රපටය පැවැතියේ වැඩි සෙනඟක් ආකර්ෂණය වන්නට යෙදෙන කාලයට එලැඹෙමින්. ඒ නිසා අපි ඔහුගෙන් සුනාමි, සිනමා කර්මාන්තය සහ කොරෝනාවේ 

බලපෑම පිළිබඳ සිතන ආකාරය විමසුවා...


ඉතින් අපට කියන්නකෝ කොරෝනා සමය කොහොමද ගතවන්නේ කියලා මුලින්ම?

මට නම් ඉතින් චිත‍්‍රපටය නවත්වපු නිසා ඇතිවෙන ආර්ථික ප‍්‍රශ්න පැත්තකට දැම්මොත් කාලය අනුව නම් ඉතාම ප‍්‍රයෝජනවත් වුණා. අපට හැම තිස්සෙම තියෙන්නේ කාලය මදිබවක්නේ අපට අවශ්‍ය පොතපත කියවගන්න, අපේ ලේඛන කටයුතුවලට, ගෙදරදොරේ වැඩවලට. ඒ වගේ දේවලට කොරෝනා අපට කාලය හදලා දුන්නා කියලයි මම නම් හිතන්නේ. ඒකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නවා. කියවන්න තිබුණු පොත් ලයිස්තුව කියවමින් ඉන්නවා. මම සටහන් කරපු නිර්මාණ සංකල්ප කීපයක් තිබුණා. සමහර ඒවා කවි, කෙටිකතා, වේදිකා නාට්‍ය, චිත‍්‍රපට පිටපත් සමහර ඒවා සම්පූර්ණ කළා. තවත් ඒවා කරමින් ඉන්නවා. ඒවා මම කරන්නේ රාත‍්‍රී කාලයේ සහ දවල් අව්ව වැඩි වෙලාවට. අනෙක් වෙලාවට මගේ විනෝදාංශය තමයි එදා ඉඳන්ම ගොවිතැන් කටයුතු කරන එක. ඒක කොරෝනා නිසා පටන්ගත් එකක් නෙවෙයි ඉස්සර ඉඳන්ම තිබුණු පුරුද්දක් පැළ සිටුවීම. මල්වලට වඩා මම කැමති පළතුරු සහ එළවළු වගාවට. දැන් ඒවා විධිමත්ව කරන්න වෙලාව තිබෙනවා. ඉතින් උදේ පාන්දරම නැඟිටලා යන්නේ වත්තේ වැඩවලට. අවු රශ්මිය වැඩිවේගන එද්දි දහයට විතර ගෙට ඇවිත් අර කියූ පොතපතේ වැඩටික කරලා ආයේ හතරට පහට විතර පැළවලට වතුර දානවා. පෝරදානවා. මට හිතෙනවා මගේ කාලය පිළිවෙළකට ප‍්‍රයෝජනවත්ව ගෙවෙනවා කියලා සතුටකුත් දැනෙනවා.

දැන් අපි චිත‍්‍රපටය ගැන කතාකරමු?

ඔව්. අර සතුට අස්සෙම විශාල ගැටලූ‍වක් හිතට දැනෙනවා චිත‍්‍රපටය ගැන මතක් වෙනකොට. සුනාමි චිත‍්‍රපටය අපි හැදුවේ මගේ අනෙක් චිත‍්‍රපටවලට වඩා ලොකු කැපකිරීමක් සහ අවදානමක් ආර්ථික වශයෙන් අරගෙන. මොකද චිත‍්‍රපට හතරක් පහක් කරන වියදම අපි එයට දැරුවා. හැබැයි අපට බයක් තිබුණේ නැහැ මොකද අපි දැනගෙන හිටියා ඒ නිර්මාණය පේ‍්‍රක්ෂකයන් ආදරයෙන් වැලඳගන්නවා කියලා. සුනාමි චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය වෙලා වැඩිවශයෙන් වැලඳගෙන බලන්න එද්දි, පාසල් දරුවන් ශාලාවලට පෙළගැසීගෙන උපරිම තත්ත්වයට එන මොහොතේ තමයි මේ වසංගතය ආවේ. එතනදි අපට ලොකු ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ මෙය මුළු ලෝකයටම පොදු තත්ත්වයක්නේ. අපි ඉතින් තාම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. බලමු ඉදිරියට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ සියල්ල සමඟ ඉතින් කාලය ගතවෙමින් පවතිනවා...

කවදා හෝ චිත‍්‍රපට ශාලා විවෘත වූ මොහොතක?

ආපහු ඉතින් නවත්තපු තැනින් පටන්ගන්න ඕනේ. ඒ බලාපොරොත්තුව නම් තිබෙනවා. චිත‍්‍රපටය ජනප‍්‍රියත්වයේ උපරිමයේ තියෙද්දි තමයි නතර වුණේ. සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක් ශාලාවලින් ගැළවෙන්නේ පේ‍්‍රක්ෂකයන්ට ඇතිවෙලා පැමිණීම අඩු වුණාමනේ. අපේ සිනමාවේ සාමාන්‍ය ස්වභාවය තමයි සති තුනක් හතරක් තිරගත වුණාම කටින් කට ගිහින් තමයි ජනප‍්‍රියත්වය උපරිමයට එන්නේ. මාසයක් වගේ තමයි සුනාමිය ප‍්‍රදර්ශනය වෙලා ගතවෙලා තිබුණේ. සාමාන්‍යයෙන් අපේ චිත‍්‍රපටයක් මාස තුනක් හතරක් දුවනවා. ඉතින් යම් කිසි දවසක රට සාමාන්‍ය තත්ත්වයට පත්වුණාම සිනමා ශාලා විවෘත කළාම චිත‍්‍රපටය නැවත මුදාහරින්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් පොඩි සැකයක් තිබෙනවා අපේ පේ‍්‍රක්ෂකයන් මේ වසංගත තත්ත්වයට තිබෙන බය නිසා සිනමා ශාලාවලට කොයි ආකාරයෙන් ඇදෙයිද කියන එක ගැන. මොකද කොයිතරම් හොඳ වුණා කීවත් මිනිස් හිතේ සැකය නැතිවෙන්න කාලයක් ගතවෙනවානේ. ඒ වගේම සියලූ‍දෙනාටම පාහේ ආර්ථික අර්බුද තිබෙනවා, චිත‍්‍රපට නාට්‍ය බලනවා වගේ දේවලට කලින් ප‍්‍රමුඛතාව දිය යුතු කාරණා තිබෙනවා ජනතාවට. ඒ නිසා එකපාරටම සිනමාශාලාවලට එන එකක් නෑ කියලයි අදහස තිබෙන්නේ.

අපි සියලූ‍ දෙනාගේම ප‍්‍රාර්ථනය ලෝකයම මේ වෛරසයෙන් මිදේවා කියලානේ. ඊට පස්සෙත් ඒ බය තියෙයිද?

ලාදුරු, වසූරිය වගේ දේවල් එහෙම සියයට සියයක්ම ලෝකයෙන් තුරන් කරන්න හැකි වුණානේ. සාමාන්‍යයෙන් වෛරස් රෝගවල ස්වභාවයත් ඒකමනේ. කාලයකදි කරන විනාශය කරලා ඒ අය නිහඬ වෙනවා. හිතමුකෝ එහෙම ලෝකයෙන්ම මේ උවදුර නැති වෙලා සාමාන්‍ය තත්ත්වයට පත්වුණා කියලා. ඒත් ලෝකයේම රටවල් නතරව හිටපු තැනින් නෙවෙයි පටන් ගන්නේ. ලංකාව වුණත් ඇඳිරි නීතිය දාපු මුල් දවසේ නතර වුණ තැනට වඩා හුඟක් පස්සට ගිහින් හෙමින් හෙමින් තමයි පටන් ගන්නේ. සමහරුන්ට ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම වැහිලා. තවත් සමහරුන්ට ආදායමේන් අඩයි ලැබෙන්නේ. ඒ නිසා වියපැහැදම්වලදි මිනිස්සු ප‍්‍රවේශම් වෙනවා. ඒ වගේම විනෝදකටයුතු සඳහා එකතු වීමට බයක් දක්වනවා. අනෙක් මිනිස්ස් ඇසුරු කිරීමට මැළි වෙනවා. ඒ තත්ත්වයෙන් මිදිලා මානසිකත්වය හැඩගැහෙන්නත් තව කාලයක් ගන්නවා. ඒක ලෝකෙටම පොදු දෙයක්. ඉතින් අපි ඒවා දැනගෙන ඒවාට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ.

පසුගිය වසරෙත් අපේ‍්‍රල් 21න් පස්සේ කාලයක් බියෙන් හිටියා. මේ වසරේත් ඊට වඩා කාලයක් ඉන්න වෙයි?

මෙහෙමයි ඉතින්. මේ තත්ත්වය යටතේ බොහොමයක් කර්මාන්තවලට රාජ්‍ය අවධානය යොමුවෙලා තිබෙනවා. ඒක ඉතා හොඳයි. ඒ කර්මාන්ත පවත්වා ගැනීමටකිසියම් විදිහක සහනයක් දීම, සියයට 4 පොළියට ණය පහසුකම් දීම වැනි දේ ඉතා අගය කළ යුතුයි. වෙනරටවලත් ඒ වගේ දේවල් කෙරෙනවා. ඒත් මෙතන ප‍්‍රශ්නය කලා ක්ෂේත‍්‍රය පිළිබඳ තිබෙන ආකල්පය හොඳ මදි. කලාකරුවන්ට රුපියල් පන්දහසක දීමනාවක් දෙනවා. ලක්ෂෙකද කොහෙද ණයක් දෙන්න සූදානමක් තිබෙනවා කියනවා. ඒවා හොඳ වුණාට මේ අය හිතන්නේ නැහැ චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයෙක් මොනතරම් අවදානමක් ගන්නවාද, කොයිතරම් මුදලක් වැයකරනවාද කියලා. සිනමා ශාලා වසා දමන මොහොතේ දුවමින් තිබුණු චිත‍්‍රපටවලට මොකද වෙන්නේ. ඒ අවදානම හඳුනගෙන ඒ ගැන අවධානය යොමු කරලා නැහැ. මම ගැන විතරක් කතා කළොත් සුනාමි චිත‍්‍රපටය, කිසිම කෙනකුගේ උදවු උපකාර, රජයේ සහන ඇතුව හැ¥වක් නෙවෙයිනේ... අපි හැදුවේ අපේ පෞද්ගලික දේපොළ, සියලූ‍ සම්පත් මේ ඉන්න ගෙවල් දොරවල් පවා උගසට තියලයි. ඉතින් අපි එහෙම කළේ මොකටද? මේ රටේ මිනිසුන්ට බලන්න. මිනිසුන්ට වින්දනයක් ලබා දෙන්න. ජාතිවාදය, ආගම්වාදය කියන්නේ විහිළුවක් අපි ඔක්කොම එකට මනුස්සයෝ හැටියට ජීවත් වෙන්න ඕනේ කියන හොඳ පණිවිඩයනේ මේකෙන් දෙන්නේ. මේ පණිවිඩය අවුරුදු ගාණක් පුරා ආගමික නායකයන් සහ දේශපාලනඥයන් කියලත් ජනතාවට සන්නිවේදනය කරගන්න බැරි වුණු එකක් පැය එකහමාරකින් සංවේදීව මම සන්නිවේදනය කරලා තිබෙනවා කියලා චිත‍්‍රපටය බලපු සමහර දේශපාලනඥයන් පවා මට කීවා. එය මොන තරම් ජනතා මෙහෙවරක්ද? ඒක ව්‍යාපාරික මට්ටමේ පෞද්ගලික වැඩක්, තමන් චිත‍්‍රපට කළා නම් තමන්ම හම්බකරගන්න දැනගන්න ඕනේ කියලා කට්ටියකට මඟ අරින්න බැහැ මොකද ඒක ජාතික කටයුත්තක්. මම මගේ උදාහරණය කීවා වුණාට මේ තත්ත්වය තමයි සමස්ත නිර්මාණකරුවන් සියලූ‍දෙනාටම තිබෙන්නේ. කලාකරුවෙක් කරන්නේ ජාතික මෙහෙවරක්. ඔහු ජාතික සම්පතක්. ඒ නිර්මාණයේ ව්‍යාපාරික පැත්තක් තිබෙනවා තමයි. පූර්ණකාලීනව නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවාගේ ජීවනෝපාය වන්නෙත් ඒකනේ. ඒත් රජයකින් කළ යුතු මෙහෙවරක් මෙයින් සිදුවනවා. මුදල් හෝ කෑම දීම පමණක් නොවේ මිනිසුන්ට සේවය කිරීම කියන්නේ. රොබෝ යන්ත‍්‍ර නෙවෙයිනේ මිනිස්සු කියන්නේ. සංවේදීතාවක්, මනුස්සකමක්, චින්තනයක් තිබෙන පරපුරක්නේ අප ගොඩනඟන්න ඕනෙ. එය කරන්නේ කලාකරුවන්. සිනමාකරුවන් පමණක් නොවේ සියලූ‍ම කලාකරුවන්. වේදිකා නාට්‍ය, කවිය, කෙටිකතාව, සංගීතය, චිත‍්‍ර ආදී මේ සෑම සෞන්දර්ය විෂයයකින්ම කරන්නේ මනුස්සයාට සංවේදීකමක් ඇති කිරීමනේ... එය දේශපාලනඥයකුට හෝ ආගමික නායකයකුට කරන්න බැහැ. ඒ නිසා කලාකරුවන්ගේ අගය රජය වටහාගෙන, ඔවුන් නිර්මාණකරණයේ යෙදෙන්න ගිහින් මේ වැටී ඇති තත්ත්වය දෙස බැලිය යුතුයි.

එයින් ඔබ අදහස් කරන්නේ?

කලාකරුවන්ට කුමක්ද රජයෙන් විය යුත්තේ කියන දේ අවබෝධ කරගැනීම. මම මාවම උදාහරණයට ගන්නේ වෙන අයටත් ඒ තත්ත්වය පොදු නිසා. හිතන්න දැන් මගේ සුනාමි චිත‍්‍රපටය බලන්න බැරි එකක් වෙලා ශාලාවලින් ගැලවුණා නම් කාටවත් දොස් කියන්න බැහැ ඒක මගේ නිර්මාණකරණයේ වැරැුද්ද නිසා. ඒත් මේ චිත‍්‍රපටය නතර වුණේ උපරිම පේ‍්‍රක්ෂක ආකර්ෂණය තිබියදී. එතකො මට යම් විදිහකින් ඉදිරියේදී මේ චිත‍්‍රපටයෙන් බලාපොරොත්තු වුණ ආදායම සොයාගන්න ක‍්‍රමයක් නැති වුණොත් වසංගත ප‍්‍රශ්නය නිසා, ඇතැම්විට මා සතු සියලූ‍ වත්කම් මට අහිමි වෙන්න ඉඩ තිබෙනවා. එතකොට මට ආයේ චිත‍්‍රපටයක් හදනවා තියා ජීවත්වෙන්නවත් ක‍්‍රමයන් නැතිව රට අතෑරලා යන්නත් වෙයි. එහෙම සියලූ‍ම කලාකරුවන්ට වුණොත් හරිද? සියලූ‍දෙනාගේ නිර්මාණකරණය නතර වුණොත්? රටක රසවින්දනයට කුමක් වෙයිද?

ඉතින් ඔබ යෝජනා කරන්නේ කුමක්ද විසඳුමක් හැටියට?

දැන් සියයට 4ක පොළියට ණය යෝජනා ක‍්‍රමයක් දෙනවා කියනවනේ ව්‍යාපාරිකයන්ට. මම කියන්නේ ඒ ක‍්‍රමය හෝ දීලා අපේ ණයත් නිදහස් කරගන්න ක‍්‍රමවේදයක් සකසන්න. සමහරු බැංකු පොළි ණය අරගෙන තිබෙනවා, තවත් සමහරු පිටින් වැඩි පොළියට ණය අරගෙන තිබෙනවා. අපි ඉල්ලන්නේ පිනට දෙන්න කියලා නෙවෙයි. සහන පොළී ක‍්‍රමයට කලාකරුවන්ටත් ඒ ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නයි. එතකොට සිනමාව යම් තත්ත්වයකට සාමාන්‍ය අතට ආවාම අපි ඒ ණය ගෙවා දමනවා. කාටවත් පාඩුවක් වන්නේ නැහැ. පෞද්ගලිකව මට මිලියන හැටක් විතර තිබෙනවා ගෙවන්න. සිනමා නිෂ්පාදයන්ට තමයි මේ සහනය දිය යුත්තේ. සාමාන්‍යයෙන් නළුනිළියන් සහ අනෙක් ශිල්පීන් චිත‍්‍රපටය නිදහස් කරද්දි ඔවුන්ගේ මුදල ලබාගෙන අවසානයි. ඒත් නිෂ්පාදකයා අසරණයි. පවතින ඕනෑම රජයක් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්නවා නම් මේ තත්ත්වය වෙනස් වෙනවා. තවමත් අපේ රටේ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්නේ නැහැ. ඒත් නිෂ්පාදකයන් නිසි යැපෙන, පඩිගන්න සිය ගණනක් ඉන්නවා චිත‍්‍රපටයක. ලෝකය පුරාම මේ ප‍්‍රශ්නය තිබෙනවා. සිනමාව වෙන්කර ගත්තොත් වෙනත් රටවල් සිනමාකරුවන්ට මෙවැනි සහන දෙනවා. එය මේ රටෙත් ක‍්‍රියාත්මක කරන්න.

ඔබ දන්නා තරමින් එවැනි රටවල් මොනවාද?

ඕස්ටේ‍්‍රලියාවේ, එංගලන්තයේ, ප‍්‍රංශයේ, ඇමෙරිකාවේ සිනමාව දැවැන්තව කෙරෙනවා වගේම මේවගේ සහනත් සිනමාකරුවන්ට තිබෙනවා. සිනමාව කර්මාන්තයක් හැටියට සලකලා අනෙක් කර්මාන්තකරුවන්ට දෙන සහන සිනමාකර්මාන්තකරුවන්ටත් ලැබෙනවා. ඉන්දියාවේ නම් විවිධ වර්ගයේ සිනමාවන් තිබෙන නිසා ලියාපදිංචි අයට ලැබෙනවා ඇති. කොහොම වුණත් ඒ රටේ තත්ත්වය වෙනස් නිසා මා දන්නේ නැහැ. අපට අනෙක් රටවල් ගැන ඕනෙ නැහැ. අපේ රට දිහා බලලා අපේ කලාකරුවන් ආරක්ෂා කරන්න මොනවාද කරන්න ඕනේ කියලා අපට ගැළපෙන ක‍්‍රමයක් සකසා ගත්තානම් ඇති. විශේෂයෙන්ම මේ උවදුර පටන්ගත්ත මොහොතේ ප‍්‍රදර්ශනය වෙමින් තිබුණු චිත‍්‍රපටවල සිනමාකරුවන් ආයෙත් චිත‍්‍රපට හදනවා දකින්න ඕනෙ නම් මේ ප‍්‍රශ්නෙට රාජ්‍ය මැදිහත් වීම අත්‍යාවශ්‍යයි. එය දේශපාලනික වශයෙන් නොවේ. දේශපාලකයන්ට කලාකරුවන් අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වේදිකාවල මල්පෝච්චි විදිහට සරසලා ඉවත දාන්න පමණක් නොවිය යුතුයි. කලාකරුවකුට තමන්ගේ දේශපාලන මත, පක්ෂ තිබෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් කලාකරුවා ජාතික සම්පතක්. ඒ නිසා පක්ෂ පාට භේදයකින් තොරව සියලූ‍ කලාකරුවන්ගේ නිර්මාණ සඳහා මේ මොහොතේ රජයේ මැදිහත්වීම අවශ්‍යයි.

චිත‍්‍රපට සංස්ථාව ඒ සඳහා යම් පියවරක් ගෙන තිබුණා නේද?

ඒක මහ විහිළුවක්. චිත‍්‍රපට බෙදාහැරීමේ මණ්ඩල පහක් තිබෙනවානේ. සංස්ථාවෙන් කරලා තියෙන්නේ තමන් විසින් පාලනය කරන රිද්මා මණ්ඩලයට අයත් සිනමා ශාලාවලට හා ඒවායේ සේවකයන්ට සහන මුදලක් දෙනවා කියලා. එතකොට අනෙක් සිනමා ශාලා හා සිනමාකරුවන් බලාගන්නේ කවුද කියන ප‍්‍රශ්නය අපට එනවා. චිත‍්‍රපට සංස්ථාවේ අවධානය ඔවුන්ට යන්නේ නැත්තේ ඇයි කියන ප‍්‍රශ්නය අපට එනවා. සංස්ථාව කියන්නේ මුළු රටටම පොදු ආයතනය. ඒ නිසා ඔවුන් තමන්ගේ කණ්ඩායමක් බෙදා වෙන්කර ගැනීම රටේ විවේචනයට භාජනය වෙලා තිබෙන්නේ. අනෙක රුපියල් පන්දහසක් වගේ දීමනාවක් මාසයකට දීම කියන්නේ සිනමා කර්මාන්තයේ යෙදෙන කෙනෙකුට විහිළුවක් වගේ. අපි කෝටි ගණන් මුදල් යොදවලා මුකුත් නැතිව ගෙදරට වෙලා ඉන්න මොහොතේ සංස්ථාව හරිනම් මේ සරසවිය පුවත්පත මගෙන් මෙහෙම අහනවා වගේ අපි සියලූ‍දෙනාගෙන් විමසන්න ඕනේ දැන් මොකද වෙලා තිබෙන්නේ. ණය තත්ත්වය කොහොමද? අපෙන් මොනවද කරන්න පුළුවන් වන්නේ වගේ දේවල්. අපි වෙනුවෙන් සංස්ථාව රජයට නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනෙ. ඒ වෙලාවේ චිත‍්‍රපට තුනක් දුවමින් තිබුණේ. ඒ අයට හෝ කතා කරලා සහනයක් සලසන ක‍්‍රමයක් යෙදුවනම් කොයි තරම් හොඳද?

මේ ඇති වුණ තත්ත්වය ඉදිරියේ සිනමා නිර්මාණයන් බිහිවීමට කොහොම බලපායිද?

පෞද්ගලිකව මම ගත්තොත් මම සමහර චිත‍්‍රපටවල පූර්ව නිෂ්පාදන කටුයුත කරලා තිබුණා. හැබැයි දැන් අවදානමක් තිබෙනවා අපට ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද කියලා. අනෙක චිත‍්‍රපට නිෂ්පාදකවරුත් දෙතුන් සැරයක් හිතනවා මුදල් යොදවන්න ඉස්සෙල්ලා අර මුලින් කතාවුණා වගේ වෛරස උවදුරෙන් පසු වුවත් සෙනඟ ශාලාවලට එයිද කියලා. ඉතින් ආයෝජකයන් නැතිව චිත‍්‍රපට හැදෙන්නේ නැහැනේ. ව්‍යාපාරිකයා බලන්නේ කලාකෘතිය පමණක් නොවේ තමන් වැය කළ මුදලවත් ආපසු ලැබෙනවාද කියලයි. නැත්නම් ඔවුන්ට තවත් නිෂ්පාදනයක් කරන්නත් බැරිවෙනවානේ. ඉදිරියේදී සිනමාවේ නිෂ්පාදකයන් සොයාගැනීම ගැටලූ‍වක් වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ සිනමා ශාලා හිමියන් බලාගෙන හිටියා තමන්ගේ ශාලා නවීකරණය කරන්න. සුපිරි මට්ටමේ ශාලාවලට මිස මකුණො කන ශාලාවලට මිනිස්සු එන්නෙත් නැහැ. අපි කැමතිත් නැහැ ඒවායේ චිත‍්‍රපට පෙන්වන්න නිර්මාණයේ ගුණාත්මකබවට එය හානියක් නිසා. ඒත් දැන් ශාලාහිමියන් කල්පනා කරනවා මේ අලූ‍ත්වැඩියාවන් කිරීම සුදුසුද කියලා. මේ දෙගිඩියා කාලය රාජ්‍ය අවධානයට ලක්විය යුතුයි. ඒ අයට විශ්වාසයක් දිය යුතුයි චිත‍්‍රපට කර්මාන්තය අපේ රටට අවශ්‍යයි. ඒ නිසා ඔවුන් දිරිමත් කරන සහන ක‍්‍රමවේදයන් ලබාදිය යුතුයි. මම නම් යෝජනා කරනවා මේ උවදුරෙන් පසු චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ඇරඹුණාම පේ‍්‍රක්ෂකයන් ශාලාවලට ගෙන්වා ගැනීම සඳහා ප‍්‍රවේශ පත‍්‍රයෙන් භාගයක මුදලක් පමණක් පේ‍්‍රක්ෂකයාට ගෙවන්නට සලස්වා ඉතිරිය රජයෙන් ගෙවන ක‍්‍රමවේදයකට මාස තුනක් හෝ හයක් ක‍්‍රියාත්මක වීම හොඳයි කියලා. මොකද නිෂ්පාදකයාට හෝ ශාලාහිමියන්ට බැහැ ඒ පාඩුව දරන්න. එහෙම වුණොත් කිසියම් දිරිගැන්වීමක් සහ පේ‍්‍රක්ෂකයන් ආකර්ෂණයක් සිදුවෙනවා. මේ දේවල් මම රජයට යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ලෝකයේ ඇතැම් රටවල් සිනමා ශාලා වැසුවත් වෙනත් උත්සවවලට සෙනඟ රැුස්වෙන්න හැරියා. ඒනිසා ඔවුන් ඉක්මනින් සිනමාවත් අරඹන්න ඉඩ තිබෙනවා?

කොරෝනා වගේ වෛරසයක් ශීඝ‍්‍රයෙන් පැතිරෙන මේ කාලයේ සිනමා ශාලා විවෘත කිරීම වගේම එළියේ තිබෙන බීච් පාටි වගේ පිරිස් එකතුවන සන්දර්ශන සහ සිදුවීම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඇමෙරිකාව එහෙම කළ නිසා තමයි දැන් ඔය පාලනය කරගන්න බැරුව ගියේ. මේ කාලය අපි කැප කරන්න ඕනේ. අපි ඒ දේ කැමැත්තෙන්ම කරනවානේ. මේ කාලේ සිනමා ශාලා අරින්න කියලා උද්ඝෝෂණය කරන්නේ නැහැනේ. සියල්ලටම කලින් ජීවිත බේරගෙන ඉන්න එපැයි. ඒ නිසා හමුදාව, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය, රජය මැදිහත් වී කරන මේ කරන වැඩපිළිවෙළ හරියට හරි. එය අපි හැමෝම අනුමත කරනවා. ඇමෙරිකාව පමණක් නොවේ මුළු ලෝකයමත් කළයුතුව තිබුණේ එයයි. හැබැයි වෛරසය තුරන් වුණාට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි රාජ්‍ය මැදිහත් වීමෙන් කලාව නංවා සිටුවීමට දිරිගැන්වීමේ කටයුතු කළ යුතුයි. ඇමෙරිකාව වගේ රටවලට අපට වගේ මේ කඩාවැටීම් බලපාන්නේ නැත්තේ ඔවුන් අපි වගේ ගෙවල් දොරවල් උගස්කරගෙන සිනමාව නොකරන නිසායි.

මේ තත්ත්වය නව මාධ්‍යවලින් සිනමාකෘති නරඹන්නන් වැඩි කිරීමේ ප‍්‍රවණතාවක් ඇති කරයි කියා මට හිතෙනවා?

ඇත්ත. ඒ වගේ ප‍්‍රවණතාවක් තිබෙනවා විකල්ප මාර්ග මඟින් චිත‍්‍රපට නැරඹීමට උනන්දුවන. ඒත් එය චිත‍්‍රපට නැරඹීමේ විකල්ප මාර්ගයක් පමණයි. නියම සිනමා වින්දනයක් ලබන්න නම් සිනමා ශාලාවකටම යන්න ඕනෙ. නැත්නම් මේ තරම් තාක්ෂණය දියුණු කාලෙක ඇමෙරිකාව වගේ රටක සිනමා ශාලා පවතින්න බැහැ. මොකද කොයිතරම් නව මාර්ගවලින් කෘති නැරඹුවත් සිනමා ශාලාවක ලබන වින්දනය වෙනස් නිසා ඒවා නොනැසී පවතිනවා. ඒත් ශාලා වහලා තිබෙන මේවගේ කාලෙක විකල්පවලට යොමු වීමේ ප‍්‍රවණතාව වැඩි වෙලා තිබෙනවා. ඒ කියලා සියලූ‍ දෙනා ඒ තාක්ෂණයට හුරුවෙලා සිනමා ශාලා වැසී යනවා කියලා දෙයක් සිදුවන්නේ නැහැ. මොකද හොඳ ආසන පහසුකම්, වායු සමීකරණ, ශබ්ද ක‍්‍රම, පැහැදිලි විශාල ප‍්‍රක්ෂේපණය ආදිය සමඟ එය යළි පටන් ගනී. හැබැයි අපට වඩා පිටරටවලට තිබෙන ප‍්‍රශ්නය මේ වෛරසයට එකඟ නොවී ගණන් නොගෙන සිට බැට කෑ නිසා ප‍්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒත් ඒ රටවල රාජ්‍ය මැදිහත්වීම තිබෙන නිසා සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටෙන්නේ නැහැ. අපේ රටවල තමයි අතේ තිබෙන තුට්ටු දෙක වියදම් කරගෙන අබිං කාලා පුරුදු වුණ කෙනා වගේ අවදානම සහ අපහසුව දැන දැනත් මේ කර්මාන්තයේ යෙදෙන්නේ.

මෙය ලෝකයටම බලපෑ නිසා පශ්චාත් කොරෝනා සිනමාවකුත් එයි නේද?

එහෙමත් වෙයි. හැබැයි ඊටත් වඩා මම හිතනවා මේ කාලේ සෑම කලාකරුවකුම වගේ තම තමන්ගේ අතපසු වුණ නිර්මාණ කාර්යයන් යුහුසුලූ‍ව කරගන්නවා. විශේෂයෙන් ආතතියෙන් මිදෙන්නත් නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ වගේ විශාල කලා පිබිදීමක් ඇතිවෙලා තිබෙනවා. තාම ඒවා මෝදු වෙමින් පවතිනවා. බොහෝ කලාකරුවන් මේ දිනවල තමන්ගේ නිර්මාණවලින් ගැබ්බරයි. ඒවා මේ සමය නිමාවුණ ගමන් බිහිවෙන්නට පටන්ගන්නවා. එවිට රජය දැනගන්නට ඕනා ඒවා නිර්මාණකරුවන්ගෙන් එළියට ගන්න. මොකද පොතක හො පරිගණකයක පිටපතක් තිබූ පමණින් නිර්මාණයක් වන්නේ නැහැ. ඒ සඳහා සහන සලසන්නත් ඕනා. හැබැයි අපේ කලාකරුවනුත් දැනගන්න ඕනේ නිවැරැුදි නිර්මාණ ඉදිරිපත් කර ණය පහසුකම් ආදිය ලබාගන්න. ඒ වගේම බැංකු ආදියත් තෝරාගැනීමක් කරන්න ඕනේ නිර්මාණ සඳහා ණය පහසුකම් ආදිය දෙන විට ශක්‍යතාව, පෙර නිර්මාණවල ගුණාත්මකභාවය, අධ්‍යාපන සුදුසුකම් ආදී වර්ගීකරණයක් සකසාගෙන ඒ පහසුකම් ලබාදීම සඳහා කලාකරුවන් තෝරාගැනීමට. උදාහරණයකට මාව ගත්තොත් සිංහල සිනමා ඉතිහාසයේ මම හැ¥ සියලූ‍ම චිත‍්‍රපට ආදායම් වාර්තා තැබුවා. ඒත් මම ගිහින් බැංකු ණයක් ඉල්ලූ‍වාමත් බැංකු බය වෙනවා. මොකද අසාර්ථක වුණ ගුණාත්මකබවින් තොර දේවල් කළ අය පාඩුවෙලා පොලූ‍ තියලා නිසා. ඒකයි මම කියන්නේ සුදුසුකම් සපුරන අය තෝරාගැනීමේ ක‍්‍රමවේදයක් සකසන්න කියලා. මට මුදල් තිබෙනවා නම් වසරකට චිත‍්‍රපට දෙකක් හදන්න පුළුවන්. මම වගේ තවත් අය ඉන්නවා. ඒ සියලූ‍ දෙනාටම සහනයක් ලැබිලා චිත‍්‍රපට හැදුවොත මේ කර්මාන්තයට නරකක් වෙයිද? වේදිකා නාට්‍යවල තත්ත්වය සිනමාවටත් වඩා අසරණයි. ඒ අය අතරත් හොඳ නිර්මාණ බිහිකරන්නන් ඉන්නවා. ඒ නිසා සිනමාවට පමණක් නොවේ. සියලූ‍ම කලා මාධ්‍යයන්වල කලාකරුවන් අතින් තව නොබෝ කලකින් බිහිවීමට නියමිත කලා ප‍්‍රබෝධය සඳහා සුදුසු අනුග‍්‍රහයක් දක්වන්න රජයේ අවධානය යොමු කරන්න.