සඳ මිරිඟු‍ දියේ වැටිලා

ජුනි 4, 2020

 කිණිහිරියා මල්


 එච්.ඞී.පේ‍්‍රමරත්න ‘සිකුරු ලියා‘ නිර්මාණය කිරීමට ප‍්‍රථම ලාංකේය සිනමා කර්මාන්තය තුළ සහය අධ්‍යක්ෂක හෝ සහය කාර්මීක ශිල්පියෙකු ලෙස සෑහෙන කාලයක් සම්බන්ධ වී සිටින්නට ඇත. එහෙත් ලාංකීක පේ‍්‍රක්ෂකයන් නම් එච්.ඞී.පේ‍්‍රමරත්නව හරි හැටි දැන ගත්තේ, ‘සිකුරු ලියා‘ චිත‍්‍රපටයෙන් පසුවය.
 
 කාල-ගෝල දික්තලා කථාව ‘රී මික්ස්‘ කර සිංහල පොප් ගීත නිර්මාණය හා ගායනය කරමින් සිටි ක්ලැරන්ස් විජේවර්ධන ව සංගීත අධ්‍යක්ෂණයට හවුල් කරගනිමින් ලාංකේය සිනමාව තුල විප්ලවීය නිර්මාණ කරුවෙක් වීමට පේ‍්‍රමරත්න උත්සහ කළේ, කේ‍්‍රෂ්ථය තුළ ‘හයිලයිට් ‘ වීමටය. එසේ ‘හයිලයිට්‘ නොවුනා නම් පැවැත්මක් නැති බව ඔහු දැන ගතී.
 
 ‘සිකුරු ලියා‘ ලාංකේය සිනමාවේ එක්තරා සන්ධිස්ථානයක් විය. එය හරියට ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව‘ තුළින් කල විප්ලවය වාගේය. චිත‍්‍රාගාර තුළ කෘතිම චිත‍්‍රපට කරමින් සිටි කාලයේ, ලංකාවේ ස්වභාවික පරිසරයට කැමරාව රැුගෙන ගොස් ලෙස්ටර් රේඛාවෙන් කළ විශාල වෙනස මෙන්ම, පේ‍්‍රමරත්නද, එවකට දෙආකාරයට බෙදුණු චිත‍්‍රපට වූ විනෝදාත්මක හා සම්භාවනීය දෙවර්ගය, එකට එකතු කර, ‘මැද මාවත‘ නමින් වර්ගීකරණයක් තම ‘සිකුරු ලියා‘ තුලින් හඳුන්වා දුනී. 1975 දී පටන් ගත් එම විප්ලවය, ඔහු 2001 වන තෙක්, පුරා අව්රුදු 26 ක් තුළ ‘ සිකුරු ලියා ‘ සිට ‘කිණිහිරියා මල්‘ දක්වා සිනමා පට 17 ක් පමණ නිර්මාණය කළේය.
 
 මේ හැම චිත‍්‍රපටයක් තුළින් ඔහු උත්සහා ක⁣ළේ අර ඔහු විසින්ම හඳුන්වා දුන් ‘මැද මාවත‘ කැටගරිය දිගින් දිගටම පවත්වා ගෙන යාමටය. ‘කාල ගෝල‘ කථාව රී මික්ස් කිරීමෙන් හා එය සාර්ථක වීමෙන්, ඔහුට සිනමාව තුළ රැුදෙන්නට පොටක් පෑදුණි. එකල එකාකාරිත්වයෙන් හෙම්බත් වූ ලාංකේය පේ‍්‍රක්ෂකයන් ‘සිකුරු ලියා‘ තුළින් කැළඹුණු ආකාරය දුටු, පේ‍්‍රමරත්න, තම සෙලෝලයිඞ් පටි හිතුවක්කාර ලෙස එක් එක් තේමා වලින් පුරවන්නට විය.
 
 ‘අපේක්ෂා‘ බිහිකරේත් ඒ හිතුවක්කාර කම නිසාය. අමරසිරි කලංසූරිය වැන්නෙක් පෙම්වතෙක් කර, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග ,රවින්ද්‍ර රණ්දෙනියට එකල අයිති වී සිටි මාලනී ෆොන්සේකාව ,කලංසූරියගේ පෙම්වතියට ගෙන ‘සිකුරු ලියා‘ටත් වඩා විප්ලවයක් ක⁣ළේය. චිත‍්‍රපටය නැරඹීමට ප‍්‍රථම නම් පේ‍්‍රක්ෂකයන් අන්ද මන්ද වූයේ මාලනී වැන්නෙක් කලංසූරියගෙ පෙම්වතිය වන්නේ කෙසේද කියාය. එහෙත් එය නරඹද්දී සිතුනේ, මේ මොනතරම් සොඳුුරු හුරතල් පේ‍්‍රමයක්ද යනුය. රන්ජන් මෙන්ඩිස් වැනි ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි නළුවෙකු හඳුන්වා දෙමින් ‘අපේක්ෂා‘ තුළින් පේ‍්‍රමරත්න තවත් වික‍්‍රමයක් කළේය.
 
 ඉන් පසු ඔහු සමාජීය දැවෙන ප‍්‍රශ්න වූ ‘කන්‍යභාවය‘, ‘දෑවැද්ද‘ වැනි මාතෘකා ගැන සරලව, එහෙත් විචිත‍්‍රව, පේ‍්‍රක්ෂකයන්ට දැනෙන පරිදි කථා කරන්නට විය. ඒ ‘දෙවනි ගමන‘, හා ‘පරිත්‍යාග‘ තුළිනි. ⁣එතැනින් පසු පේ‍්‍රමරත්න සිනමා පේ‍්‍රක්ෂකයන්ට පමණක් නොව, නිෂ්පාදකයන්ටද අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් විය. ඔහුට දිගු චිත‍්‍රපට ලැයිස්තුවක් ලැබුණේ ඒ නිසාය.
 
 ‘සිකුරු ලියා‘, ‘අපේක්ෂා‘, ‘දෙවනි ගමන‘, ‘පරිත්‍යාග‘ වලින් පසු ‘සසරක පැතුම‘, ‘ හස්ති වියරුව‘, ‘ආදර හසුන‘, ‘ මංගල තෑග්ග‘, ‘සහරාවේ සිහිනය‘, ‘පාලම යට‘ , ‘කුල ගෙය‘, ‘ උඩු සුළඟ‘, ‘සප්ත කන්‍යා‘, ‘සෙයිලම‘, ‘වීසි දැල‘, ‘මන්දාකිණි‘ හා ‘කිණිහිරියා මල්‘ ඔහු නිම කෙරූ චිත‍්‍රපට ලැයිස්තුවය. මෙයින් ඔහු නිර්මාණය කළ හොඳම චිත‍්‍රපටය වූ ”‍උඩු සුළඟ”‍ හැරෙන්නට අනෙක් හැම චිත‍්‍රපටයක්ම මහජන ප‍්‍රදර්ශනයට තැබීය. ‘උඩු සුළග‘ රූපවාහිනියේ වරක්, හෝ දෙවරක් පෙන්වූවද, එය බොහෝ පේ‍්‍රක්ෂකයන්ට නැරඹීමට ලැබුණේ නැත. මෙයින් ‘සසරක පැතුම’, ‘හස්ති වියරුව‘ හා ‘මන්දාකිණි‘ එතරම් ‘හයිලයිට්‘ වූයේ නැත. ඒවා හැරෙන්නට අනෙක් හැම චිත‍්‍රපටයක්ම, පේ‍්‍රක්ෂකයන් ඉමහත් සේ වැලඳ ගතී.
 
 ගාමිණි ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවආරච්චි හැරෙන්නට, එවකට, ජනප‍්‍රිය මෙන්ම සම්මානනීය තලයේ සිටි හැම නළු නිළියෙක්ම පේ‍්‍රමරත්න තම චිත‍්‍රපට වලට තෝරා ගෙන තිබුණි. ඒ අතරට, ජෝ අබේවික‍්‍රම විජය කුමාරණතුංග , රවින්ද්‍ර රණ්දෙනිය , ටෝනී රණසිංහ, රොබින් ප‍්‍රනාන්දු , අමරසිරි කලංසූරිය , ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු, කමල් අද්දරආරච්වි, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සුවිනීතා වීරසිංහ, ශ‍්‍රියාණි අමරසේන, වසන්ති චතුරාණි , සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, සංගීතා වීරරත්න, ඇතුලත් විය. ඔහුගේ එක් චිත‍්‍රපටයකට ප‍්‍රධාන නළු නිළියන් ගනනාවක්ම රඟපායි. ඔහු ඒවාට තෝරාගන්නේද දක්ෂම, එමෙන්ම ජනප‍්‍රිය, දැවැන්ත නළුනිළි ගොන්නක්ය. එහෙයින් ඔහුගෙ චිත‍්‍රපට සම්පූර්ණයෙන්ම පිරුණු බවක් දැණුනි.
 
 ⁣එච්.ඞී.පේ‍්‍රමරත්නගෙ අවසන් චිත‍්‍රපටය වූයේ ”‍කිණිහිරියා මල්”‍ ය. පේ‍්‍රමරත්නගේ අදහසක් අනුව මෙහී තිරනාටකය සැකසුවේ සරත්චන්ද්‍ර ගම්ලත්ය. පෙර චිත‍්‍රපටවල මෙන් මෙවරද පේ‍්‍රමරත්න දැවැන්ත නළු නිළි ?නක්ම, ප‍්‍රධාන, උප ප‍්‍රධාන මෙන්ම සුළු චරිත වලටද තෝරා ගෙන තිබුණි. ගම්ලත්ගෙ තිරනාටකය අනුව ගමෙන් නගරයට එන හැම ගැහැණු ළමයෙක්ම විනාශ නොවන බව ඒත්තු ගැන්වූයේ රේණුකාගේ චරිතය තුළිනි. තමනට අවශ්‍ය නම් මොන බලපෑම් ආවත්, තම රැුකියාවත්, චරිතයත් වෙළද කලාප ජීවිතය තුළ රැුක ගත හැකි බව ගම්ලත් රේණුකා හරහා ඔප්පු කර පෙන්වීය. ගමේදී වූවද රේණුකාලාගේ පවුල සිටියේ සඳුනිගේ පවුලට වඩා තරමක් ඉහලිනි. රේණුකාලා තමන්ගේ වපසරිය මැද, සරලව එහෙත් වැදගත්ව ජීවත් වුනි. රේණුකාගේ පියාට අත් ට‍්‍රැක්ටරයක් තිබූ අතර, ඔහු එයින් තම ජිවිකාව නිසි ලෙස සකසා ගෙන තිබුනි. එලෙසම රේණුකා කලාපයේ මහන රැුකියාවක් කළද, ඇය උපාධිධාරිනියකි. ඇය නිතරම විනයක් සමඟ ජීවත් වූයේ එහෙයිනි.
 
 නමුත් සඳුනි ගේ පවුල ජීවත් වූයේ කටුමැටි ගැසු පුංචි පැල්පතකය. සඳුනිගේ පියා, කසිප්පු වඩියක් ගැසීමට කොයි වෙලේ අතට මුදලක් ලැබේවීදැයි බලා සිටින කෙනෙකි. සඳුනිගේ සොහොයුරු විජිත, රැුකියාවක් කරන පිළිවලකට ජීවත් වීමට උවමනා කමක් ඇති අයෙකි. ඔහු විවාහ වන්නට පෙරුම් පිරුවේ රේණුකා සමඟය. චිත‍්‍රපටයේ සිත නිවන සුන්දරම දසුන් පෙල ඔවුනගේ ආදරයයි. ගම සුන්දර යයි ගම්ලත්ගේ තිරනාටකයේ කොතැනකවත් කියන්නේ නැත. ඔහු එහී අසුන්දර සිදුවීම් බොහෝ පෙන්වූවද, රේණුකා ගේ හා විජිතගේ හමුවීම් පෙලට නමි ගමේ ඉතිරිවී ඇති සුන්දරත්වය මුසු කළේය.
 
 සඳුනිගේ ජීවිතය එක රැුයකින් විනාශ වී ගියේය. හුදෙක් එය ප‍්‍රින්සි නිසාම යැයි සිතුවද, සඳුනි විනාශ මුඛයට වැටුනේ ඇය සුකුරුත්තන් ජීවිතයකට ආශා කළ නිසාය. එක එල්ලේම ඒ ගැන ඇයට දොස් කීමට නොහැක. ගමේ සිට, නගරයට ආවිට ඇය ඔරොන්මොන්දල් වූයේ එහී තිබූ බාල විසිතුරු දෑ වලට වශී වූ නිසාය. රේණුකාද ඒ විසිතුරු දේවල් දුටුවද, ඒවා මතුපිටින් පේන විච්චූර්න බවත් ඒ ඇතුලත හිස් බවත් ඇයට තේරුම් ගත හැකිවිය.
 
 පේ‍්‍රමරත්න, තම චිත‍්‍රපටය තේමා කරගත්තේ ලිංගීක වෙළදාමය. එය මුළු ලෝකය පුරාම පැතිරී යන විශාලතම වෙළදාමකි. මෙය හරියට ලිංගීක මාෆියාවක් බඳුය. විකිනෙන්නේ ගම්වල සිටින සුරූපි යොවුන් ගැහැණු ළමයිය. වයස අඩුවෙන්න අඩුවෙන්න ඔවුනට මාර්කට් එක වැඩිය. එය පිටුපස සිටින්නේ ධනකුවේරයන් සේ පෙනී සිටින අයයි. ඇතැම් අය ඇත්තටම ධන කුවේරයන්ය. ඔවුන්ගෙ මතුපිට ඇත්තේ සාධාරන ව්‍යාපාරයන්ය. ඒවා ‘ශෝ‘ එකටය. පසුබිමෙන් ඔවුන් කරන්නේ, ලිංගීක වෙළදාම, මත් කුඩු, අවි ජාවාරම්ය. ඇතැම් ධන කුවේරයන් බොරු අයය. මොන ජඩ වැඩක් හරි කර දවසේ ගාන කපා ගෙන ඒවා වලින් සුර සැප ජීවිත ගත කරයි. ප‍්‍රින්සි, ගඞ්ඩා, පමණක් නොව, සිල්වියා මැඩම්ද මේ දෛනික ලීංගීක වෙළදාමට හවුල්ය.
 
 සඳුනි අහුවෙන්නේ මේ ජාලයටය. මේවාට අහුවුනාම, ආයෙත් ජීවිතේටම බේරෙන්න නොහැකි වේ. තම ජීවිත උඩුකුරු යටකුරු වේ. අවසානයේදී මේ තුලින්ම විනාශ වේ. ප‍්‍රින්සිද, එහී එක් නියෝජිකාවකි. ගඞ්ඩා තවත් නියෝජිතයෙකි. මොවුන්ට නියම වචනයෙන් කියන්නෙ ‘පිංපියන්‘කියාය. සඳුනි අහුවන්නේ මේ ‘පිංපියන්ට‘ය. ඔවුන්ට අවශ්‍ය සඳුනිව ලිංගීක වෙළදාම් කරන මහපරිමාන වෙළෙන්දන්ට විකුණා ඔවුන්ගේ ගාන කපාගන්නටය. ගාන කපාගත් පසු සඳුනිට මොනවා වුනත් ඔවුන්ට කම් නැත.
 
 සිල්වියා මැඩම්ලා එක් අතකින් ගැනුම් කාරයන් වූවද, තව පැත්තකින් වෙළදාම් කරුවන්ය. කොළඹ උසස් අය හා සම්බන්ධ වී කරන සුපිරිම ව්‍යාපාරයකි මසාජ් ක්ලිනික් ව්‍යාපාරය. පිටතින් මේවා හයි ක්ලාස් හර්බල් මසාජ් ක්ලිනික්ය. වෙළද කලාප ඇඟළුම් කම්හල් වල තම ශ‍්‍රමය මාසිකව හාර පන්දාහකට විකූණන දුප්පත් ගමේ කෙල්ලන්ට එම මුදල දවසකට ලැබෙන බව සුර පුරයක් සේ පෙන්වා, ඔවුන්ව මසාජ් ක්ලිනික් වලට රැුගෙන එයි. ඒ කෙල්ලන්ට දවසට දෙදහක් පමණ උපයන්නට අවස්ථාව ලබාදේ. එහෙත් මෙහී තැරව් කරුවන් හා අයිති කරුවන් මේ කෙල්ලන් හරහා ලක්ෂ ගනන් මුදල් උපයයි.
 
 පේ‍්‍රමරත්න, මේ ලිංගීක වෙළදාම තම විෂය කර ගන්නට ඇත්තේ, එකල ලංකාවේ මේවා ප‍්‍රායෝගීකව බහුලව කෙරුණු කාල වකවානුව නිසා විය හැක. ගමෙන් වෙළද කලාපයට එන කෙල්ලන්,විසිතුරු ලෙස ජීවත් වීමට ඇති ආශාව ඇපයට තබා ගෙන එක් එක් සැලැස්මවල් වලට ඩැහැ ගන්නා ආකාරයයි, පේ‍්‍රමරත්න විසින් ප‍්‍රින්සි, ගඞ්ඩා හා සිල්වියා මැඩම් හරහා පෙන්නුවෙි.
 
 සඳුනි, ගඞ්ඩාගෙන් අනාථ වූයේ ඇය ගඞ්ඩා හා ප‍්‍රින්සිගේ ‘ට‍්‍රැප්‘ එකට අහුවුනු පසුවය. ඒවා සුපිරිම ‘ප්ලෑන්‘ ය. ඔවුනගේ ඇමට අහුවුනු පසු ආයෙත් රීකන්ඩිෂන් වෙනවා ඇරෙන්නෙ වෙන විකල්පයක් නම් නැත.ප‍්‍රින්සි ගානට සඳුනිව බිලිබාගත්තේ අර විසිතුරු ලෝකය පෙන්නමිනි. සුපිරි හෝටලේ නයිට් ක්ලබ් එකේදී සඳුනිට මත්පැන් පොවා, ගඞ්ඩාට බාරදී ප‍්‍රින්සි ෂේප් වුණේ, මසාජ් ක්ලිනික් එකට තවත් කෙල්ලෙක්ව ලබා දී කොමිස් මුදලත් ගත්තාට පසුවය. එතනින් පසුය සඳුනිගේ ජීවිතය පාතාලයට ඇද වැටුණේ.
 
 එඞ්වින් නියෝජනය කළේ ලංකාවෙි සුපිරි ව්‍යාපාරික පැලැන්තියයි. මේ පොඩි කෙල්ලන්ව යොදවා සිල්වියා මැඩම්ලා කොළඹ සුපිරි මසාජ් ක්ලිනික් කරන්නේ එඞ්වින්ලා වැනි වයසක සුපිරි සල්ලිකාරයන්ටය. ඔවුන් පොඩි කෙල්ලන්ව හොයා එන්නේ පැණි ඇඹලයො වගේය.
 
 මේ දෙයින් සඳුනිට නැතිවන්නට දෙයක් නොතිබුනද, ඇතිවෙන්නට නම් දේවල් තිබුණි. සඳුනිගේ මැටි පැල්පතා කඩා දමා, එතන නව නිවසක් ඉඳිවුනි. බඩු මුට්ටු වලින් නිවස පිරුණි. ගමට, පන්සලට, විශාල ලෙස ආධාර කරන්නට හැකි වුණි. කොටින්ම ගම තුළ ‘හයිලයිට්‘ වීමට හැකිවිය. එලෙසම තම පවුලට ගම තුළ විශාල පිළිගැනීමක්ද විය. ඇය ගමට කියා තිබුණේ කොළඹ කොම්පැනියක ලොකු රැුකියාවක් කරන බවකි. එඞ්වින් සමඟ ගමට විත් එඞ්වින් තමා ගේ ‘බොස්‘ බව සැමටම හදුන්වා දුනි. එහෙත් ඒ වන විට සඳුනි එඞ්වින්ගේ තවත් ලිංගීක සහකාරියක් පමණක් බව දැනගෙන හිටියේ සඳුනිත්, එඞ්විනුත්, රේණුකාත් පමණි. සඳුනිගෙ නව නිවසට ගෙවැදීමේ උත්සවයටද රේණුකා සහභාගි නොවුනේ මේ යථාර්තය දැන සිටි නිසාය. එහෙත් විජිත හිතුවේ තම නැගෙණිය වූ සඳුනි දියුණු වූ නිසා රේණුකා ඊරිසියා කරන බවය.
 
 ගමේ සුචරිතවාදින්ගේ ඇතුලාන්තයද, පේ‍්‍රමරත්න විසින් කදිමට විවර කළේ ගමේ පන්සලේ දායක සභාවේ සමාජීකයෙක් කොළඹ ගිය දවසක මසාජ් ක්ලිනික් එකට රිංගන සිද්ධිය හරහාය. දවල් මිගෙල්, ? දනියෙල්ලා අහුවෙන්නෙ මෙතනදීය. මසාජ් ක්ලිනික් එකේ ජීන්, යනු තම ගමින් වෙළද කලාපයට රැුකියාවට ගොස් පසුව කොළඹ ලොකු රස්සාවකට ගියා යැයි කියූ අමදෝරිස්ගේ දුව සඳුනි කෙල්ල බව ඔහුට අසුවුනි. ගමේ ගිනි ඇවිලූ‍නේ ඉන්පසුවය. ඒ ඇවිලීම කොතෙක් දරුණු වූවාදැයි කිවහොත් එය අවසන් වූයේ ගමේ ඇතැම් සුචරිතවාදීන් සඳුනිලෑගේ නිවසට ගල් ගසන විට, ඉන් ගලක් වැදී සඳුනිගේ පියා මිය යාමත්, එලෙසම ඒ සිදුවූ අවමානයට, ගමට මුහුණ දීමට නොහැකිව විජිත මැසි තෙල් බී මිය යාමත් නිසාය. එක ලඟම තාත්තාත්, අයියත් මිය ගියද, සඳුනි ඒ සියලූ‍ අවමාන දරා ගෙන නැවත රේණුකා සමඟ සුපුරුදු බෝඩිමට පැමිණියේ මසාජ් ක්ලිනික් ජීන්ගේ චරිතයට සදහටම සමු දී මැසිම පාගන රැුකියාව කර යළි ජීවිතය අරඹන්නටය.
 
 සංඛගේ චරිතය කථාවට එකතු වුනේ මෙතැන් සිටය. එය අහසින් කඩා වැටුණු පැරෂූට් චරිතයකි. එඞ්වින්ගේ එකම පුතු එන්නේ එංගලන්තයේ සිටය. එඞ්වින්ගේ ව්‍යාපාර බලාගැන්මට එන මේ පුත‍්‍රයා පෙම් කරන්නේ කලක් ඔහුගේම පියා ගේ ‘කීප්‘ එක වූ ජීන් නොහොත් සඳුනිටය. මෙිවා මෙවන් වකවානුවක සිදුවේ යැයි සිතිය නොහැකි වූවත් සිනමාව යනු යථාර්ථයම නොවන නිසා, පේ‍්‍රමරත්න සමඟ අපට එකඟ වීමට සිදුවේ. පේ‍්‍රක්ෂකයාගේ විශ්වාසයට එය යම් බාධාවක් ඇතිවූවද, එය ඔවුන්ගේ වින්දනයට බාධාවක් නොවන අන්දමට පේ‍්‍රමරත්න ඉදිරිපත් කර තිබුණි. තම පියාගේ ව්‍යාපාර බලා ගැන්මට ආ සංඛ, තම අදහස් වෙනස් කර ගත්තේ සඳුනි නිසාය. ඔහු සඳුනිට කියන්නේ ඔවුන් විවාහ වී එංගලන්තයට ගොස් පදිංචි වෙන බවකි. ඒවා හරි පහසු ලෙස කිරීමට හැකි බවකි සංඛ, සඳුනිට කියන්නෙ.ඒ කථා නිකං කටුනායක සිට කොළඹට යනවා වගේය.
 
 තමා සමඟ කාලයක් තමාගේ ලිංගීක උවමනා කම් ඉටු කෙරු, එමෙන්ම, තවත් අයට විකිනුනු කෙල්ලක්, තම එකම පුතුට විවාහ කර දිය හැකිද?. එඞ්වින් ලඟ එම ප‍්‍රශ්නයට ක්ෂණික පිළිතුරු තිබුණි. පිළිතුර ගඞ්ඩාය. ගඞ්ඩාට මේවා හරි සරල දේවල්ය. ඒ මුදල් වලටය. සඳුනි සංඛ සමග සාප්පු සංකීර්නයේ උඩුමහලේ සිටියදී, සඳුනිව උස්සා උඩු මහලෙන් බිමට අතඅරින්නේ ගඞ්ඩාය. සඳුනිට යළිත් මෙලොව එළිය බලන්නට ගඞ්ඩා ඉඩ නොදුන්නේ එඞ්වින්ගේ සල්ලි වල තිබෙන බලයටය.
 
 පේ‍්‍රමරත්න එක් දෙයක් යලි යලිත් පසක් කර දුනී. ඒ බලවතා සමඟ දුබලයාට කිසි දිනෙක හැප්පෙන්නට නොහැකි බවය. මොන දේ කීවත්, මොන දේ කලත් දිනන්නේ නම් බලවතාමය.
 
 තිර නාටකයේ අඩු ලූ‍හුඩු කම් එමටය. බොහෝ තැන් වල විශ්වාසනීය බව නැතිවී යයි. එහෙත් දක්ෂ නළු නිළි කැල මුළු චිත‍්‍රපටයම තම දක්ෂ රඟපෑමෙන් හරි අපූරුවට ‘බැලන්ස්‘ කරමින් , තිර නාටකයේ තිබූ අඩු ලූ‍හුඩු කම් යටපත් කර දමයි. ඇත්තටම ‘කිණිහිරියා මල්‘ තනිකරම ගොඩ දැම්මෙි එහී රඟපෑ රංගන ශිල්පීන්ය. තිරනාටකය හා අධ්‍යක්ෂණය අභිබවා රඟපෑම් ඉස්මතු වූ චිත‍්‍රපටයක් ලෙස ‘කිණිහිරියා මල්‘ හැඳින්විය හැකිය.
 
 සංගීතා වීරරත්න සඳුනි හා ජීන් ලෙසත්, වසන්ති චතුරාණි රේණුකා ලෙසත් අනගි රඟපෑමක් ඉදිරිපත් කළහ. මෙයිනුත් වසන්ති චතුරාණි විශිෂ්ඨ විය. මසාජ් ක්ලිනික් අයිතිකාරිය වූ සිල්වියා මැඩම් වූයේ අයිරාංගනී සේරසිංහය. එලෙසම එම ක්ලිනික් එකේ පිලිගැනීමේ නිලධාරිනිය වූ කුසුම් ලෙස වීණා ජයකොඩි රඟපෑවාය. ඒ රඟපෑම් නම් අද්විතීයමය.
 
 ටෝනි රණසිංහ, එඞ්වින් විය. කමල් අද්දරආරච්චි සංඛය. ප‍්‍රදීප් හෙට්ටිආරච්චි ගඞ්ඩාය. සනෝජා බිබිලේ ප‍්‍රින්සිය. රොජර් සෙනවිරත්න විජිතය. මේ අය අතරින් විශිෂ්ඨතම රංගනයක් ඉදිරිපත් කළේ ගඞ්ඩා ලෙස රඟපෑ ප‍්‍රදීප් සේනානායකය.
 
 අසෝකා පීරිස්, දයා තෙන්නකෝන්,ගේ‍්‍රස් තෙන්නකෝන්, නිලන්ති විජේසිංහ, එලන් සිල්වෙස්ටර්, සුසිලා කෝට්ටගේ, විමල් වික‍්‍රමආරච්චි, ප්‍රෙමිලා කුරුප්පු, ලාල් කුලරත්න, රමණි ෆොන්සේකා, රොනී ලීච්, කීර්ති රංජිත්, සයිමන් නවගත්තේගම, සමන් හේමරත්න,ගුණදාස මධුරසිංහ, දමිතා සළුවඩන , කොරින් අල්මේදා, සෙසු චරිත රඟපෑහ.
 
 සංගීතය රෝහණ වීරසිංහගෙනි. කැමරාව සුමින්ද වීරසිංහ ය. සරසවිය පුවත් පත විසින් 2001 වසරේ සම්මාන උළෙලෙ ජනප‍්‍රියම චිත‍්‍රපට ලැයිස්තුවෙ 2 වන තැනට පේ‍්‍රක්ෂකයන් විසින් තෝරා තිබුණේ ‘කිණිහිරියා මල්ය‘. එම වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම සහය නිළිය වසන්ති චතුරාණි, හොඳම සහය නළුවා ප‍්‍රදීප් සේනානායක , හොඳම ගායිකාව නිරෝෂා විරාජිනි, හොඳම ගීත රචක වසන්ත කුමාර කොබවක දිනා ගත්තේද ‘කිණිහිරියා මල්‘ වෙනුවෙනි.
 
 2001 මැයි 03 වන දින සිට ප‍්‍රදර්ශනය ඇරඹූ ‘කිණිහිරියා මල්‘, ඊ.ඒ.පී.ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කළේ සෝමා එදිරිසිංහය.
 
 ”‍ සඳ මිරිඟු‍  වැටිලා
 
 ගං දිය බොර පාටයි
 
 විනිවිද නොපෙනෙන වතුරේ
 
 රූ සැඟවෙයි දිය රකුසන්ගේ ”‍

 
 

 
 (ලබන සතියේ තවත් චිත‍්‍රපටයක්)