එතරින් ලද බුහුමන්

ජනවාරි 7, 2021

ඉකුත් වසර (2020) වෙනුවෙන් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ජාත්‍යන්තර උලෙළ 23 ක් ආශ්‍රිතව ලද සමස්ත ජාත්‍යන්තර ඇගයීම් සංඛ්‍යාව 27 කි. එහිදී සිනමාපට 09 ක් (විෂම භාග- 9/ යාත්‍රා- 5/ දඩ ඉම- 3/ සුනාමි- 3/ ගාඩි- 2/ පාංශු- 2/ ද නිව්ස්පේපර්-1/ ගුරු ගීතය-1/ සුපර්ණා-1) එකී සම්මාන ජයග්‍රහණයන් වෙනුවෙන් ඉවහල්ව ඇත. එහෙත් එලෙසින් ශ්‍රී ලාංකේය සිනමාපට ලද එකදු සම්මානයක් හෝ, ලොව ඉහළම පිළිගැනීමට නතුවන හෝ ජගත් සිනමා උලෙළ ශ්‍රේණිගත කීරීම් තුළ වූ පළමු උලෙළ 200 අතර රැඳෙන උලෙළකදී හෝ ලද සම්මානයක් නොවීම මෙහිදී කැපී පෙනේ.

 

අන්තර්ජාතික සිනමා උළෙල (භෞතික හා ඔන්ලයින්), අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල සහ අන්තර්ජාතික සිනමා සම්මාන තරග උලෙළ යන කාණ්ඩ ත්‍රිත්වය යටතට පෙරකී උලෙළ 23 ඇතුළත් වේ.

 

(A-a) භෞතික ප්‍රදර්ශනයන් සහිත වූ අන්තර්ජාතික සිනමා උලෙළ තුළ ලද සම්මාන (Physical International Film Festival)

 

(1). විශේෂ ජූරි සඳහන: "ගාඩි"- 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළ- බංගලාදේශය- ජනවාරි

 

(2). හොඳම සිනමාපටය සඳහා වූ එමර්ල්ඩ් ඩව් සම්මානය: "ගාඩි"- 03 වෙනි චෙන්නායි ස්වාධීන සිනමා උලෙළ- ඉන්දියාව- පෙබරවාරි

 

(3). හොඳම කැමරාකරණය: පාලිත පෙරේරා- "විෂම භාග"- 04 වෙනි අන්තර්ජාතික සාම හා සිනමා උලෙළ- ඇ.එ.ජනපදය- පෙබරවාරි

 

(4). ජූරියේ තේරීම් සම්මානය: "විෂම භාග"- 03 වෙනි නේපාල අන්තර්ජාතික සිනමා උලෙළ- නේපාලය - පෙබරවාරි

 

(A-b) ඔන්ලයින් ප්‍රදර්ශනයන් සහිත අන්තර්ජාතික සිනමා උලෙළ තුළ ලද සම්මාන (Online International Film Festivals)

 

(5). විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම කැමරාකරණය: රුවන් කොස්තා-" දඩ ඉම"- 08 වෙනි නීස් අන්තර්ජාතික සිනමා උලෙළ- ජූනි

 

(6). හොඳම අධ්‍යක්ෂක: ලලිත් රත්නායක- "විෂම භාග" - 02 වෙනි ඔස්ට්‍රියා අන්තර්ජාතික සිනමා උලෙළ- ඉතාලිය- ඔක්තෝබර්

 

(7). හොඳම කැමරාකරණය: ධනුෂ්ක ගුණතිලක- "සුපර්ණා"- ඉන්දු නිම්න අන්තර්ජාතික සිනමා උලෙළ- ඉන්දියාව- ඔක්තෝබර් අදියර

 

(8) හොඳම නිළිය (නළුවා) උදෙසා වූ ජූරීයේ විශේෂ සඳහන: නීටා ප්‍රනාන්දු- "පාංශු"- ඉන්දු නිම්න අන්තර්ජාතික සිනමා උළෙල- ඉන්දියාව- ඔක්තෝබර් අදියර

 

(9). හොඳම මානූෂිය වෘත්තාන්ත සිනමාපටය: "පාංශු"- ඉන්දු නිම්න අන්තර්ජාතික සිනමා උළෙල- ඉන්දියාව- ඔක්තෝබර් අදියර

 

(10). විශේෂ ජූරි සඳහන: "සුනාමි"- 21 වෙනි රේන්බෝ සිනමා උලෙළ- එංගලන්තය- ඔක්තෝබර්

 

(B).අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල තුළ ලද සම්මාන (International Film Awards)

 

(11). වයස 18 න් පහළ හොඳම නළුවා: පන්සිළු වික්‍රමරත්න- "විෂම භාග"- 04 වෙනි ගෝල්ඩ් මූවි සම්මාන උලෙළ - එංගලන්තය- ජනවාරි

 

(12). හොඳම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂක: නෙඕමාල් පෙරේරා- "දඩ ඉම"- 03 වෙනි ගෝල්ඩන් ෆොක්ස් සම්මාන උලෙළ- ඉන්දියාව- ජනවාරි

 

(13). හොඳම සහාය නළුවා: ජැක්සන් ඇන්තනී- "විෂම භාග"-03 වෙනි ගෝල්ඩන් ෆොක්ස් සම්මාන උලෙළ- ඉන්දියාව- ජනවාරි

 

(14). හොඳම නිෂ්පාදක: අළුදෙණියේ සුබෝධිහිමි- "විෂම භාග"- 01 වෙනි ගෝල්ඩන් ඩ්‍රැගන් සම්මාන උලෙළ- භූතානය- ඔක්තෝබර්

 

(15). හොඳම සංස්කරණය: තිස්ස සුරේන්ද්‍ර- "විෂම භාග"- 03 වෙනි ජෝන් ලුක් ගොඩාර්ඩ් සම්මාන උලෙළ- ඉන්දියාව- නොවැම්බර්

 

(C). අන්තර්ජාතික සිනමා සම්මාන තරග උලෙළ තුළ ලද සම්මාන (Festivals of International Film Awards Competitions)

 

(16). හොඳම නාට්‍යමය සිනමාපටය: "යාත්‍රා"- ෆෙස්ටිජියස් අන්තර්ජාතික සිනමා උලෙළ- ඇ.එ. ජනපදය- ජනවාරි අදියර

 

(17). ජයග්‍රාහක- හොඳම වෘත්තාන්ත සිනමාපටය: "යාත්‍රා"- ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උලෙළ- භූතානය- ජනවාරි අදියර

 

(18). වෘත්තාන්ත සිනමාපටය උදෙසා වූ විශිෂ්ටතා සම්මානය: "යාත්‍රා"- කල්කටා අන්තර්ජාතික කල්ට් සිනමා උලෙළ- ඉන්දියාව- ජනවාරි අදියර

 

(19). කුසලතා සම්මානය සඳහා වූ විශේෂ සඳහන: "ද නිව්ස්පේපර්"- ඉන්දිෆෙස්ට් සිනමා සම්මාන- ඇ.එ. ජනපදය- පෙබරවාරි අදියර

 

(20). හොඳම කැමරාකරණය: අයේෂ්මන්ත හෙට්ටිආරච්චි- "යාත්‍රා"- යුරේෂියා අන්තර්ජාතික මාසික සිනමා උලෙළ- රුසියාව- පෙබරවාරි අදියර

 

(21). ජයග්‍රාහක: "ගුරු ගීතය"- ලිෆ්ට් ඔෆ් සෙෂන් ලංඩන්- එංගලන්තය- මාර්තු අදියර

 

(22). ප්ලැටිනම් රෙමී සම්මානය: "දඩයිම"- 53 වෙනි වර්ඩ්ෆෙස්ට් හුස්ටන් අන්තර්ජාතික සිනමා උලෙළ- ඇ.එ.ජනපදය- අප්‍රේල්

 

(23). හොඳම චිත්‍රපටය: "යාත්‍රා"- මැඩ්‍රාස් ස්වාධීන සිනමා උළෙල- ඉන්දියාව- අප්‍රියෙල් අදියර

 

(24). වසරේ හොඳම චිත්‍රපටය: "සුනාමි"- 02 වෙනි පිකාසෝ අයින්ස්ටයින් බෞද්ධ අන්තර්ජාතික සිනමා උලෙළ- ඉන්දියාව- සැප්තැම්බර්

 

(25). හොඳම නිෂ්පාදක: අළුදෙණියේ සුබෝධි හිමි- "විෂම භාග"- "විෂම භාග"- 04 වෙනි අවුට් ඔෆ් ද කැන් අන්තර්ජාතික සිනමා උලෙළ- එංගලන්තය - නොවැම්බර්

 

(26). හොඳම ඉංග්‍රීසි භාෂිත නොවන චිත්‍රපටය උදෙසා වූ දෙවන ස්ථානය: "විෂම භාග"- 04 වෙනි අවුට් ඔෆ් ද කැන් අන්තර්ජාතික සිනමා උලෙළ- එංගලන්තය- නොවැම්බර්

 

(27). අන්තර්ජාතික වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම අධ්‍යක්ෂක: සෝමරත්න දිසානායක- "සුනාමි"- 03 වෙනි මූන්වයිට් ෆිල්ම්ස් අන්තර්ජාතික සිනමා උලෙළ- ඉන්දියාව- නොවැම්බර්