රුපියල් තිහකින් කළ හදියක්

සරත් කොතලාවල
අප්‍රේල් 30, 2020

සරත් කොතලාවල කියන්නේ අපට ඉන්න දක්ෂ රංගන ශිල්පීන්ගෙන් එක් අයෙක්. ඔහු ඇතුළු බොහෝ නිර්මාණකරුවන් රැුසක් මේ පවතින කොරෝනා ආපදා තත්ත්වය හමුවේ ඉන්නේ නිවෙසට වෙලා. වේදිකාව, සිනමාව, පුංචි තිරය කියන සෑම කලා අංශයකම සැරිසරන ඔහුට මේ දවස්වල කිසිම දෙයක් කරන්න බැරි වුණත්, පැරැුණි මතක අතර සැරිසරන්න නම් කිසිම අපහසුවක් ඇත්තේ නැහැ. මේ ඉඩහසර වෙන්වන්නේ වේදිකාවේ ඒ අතීත මතක ගෙනහැර පාන්නට. මෙවර අපට මුලින්ම හමුවෙන්නේ ඔහු. සරත් කොතලාවල.


සරත් කලා ක්ෂේත‍්‍රයට එන්න ඉන්න මුල් කාලයේ වැඩ කළේ වීදි නාට්‍යවල. ඔහු සහභාගි වුණේ ජයලාල් රෝහණගේ ප‍්‍රධානත්වයෙන් තිබුණුිදිරිය කැදැල්ල’ වීදි නාට්‍ය කණ්ඩායමට. ඒ කණ්ඩායමේ ජනක රණසිංහ, ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, රුවන් මදනායක ඇතුළු තිහක පිරිසක් සිටියා. ඔවුන් ඒ කාලයේ රට හැමතැනම වීදි නාට්‍ය කළා. ඒ වගේ දවස් කිහිපයක් ඔවුන් කෑගල්ලෙත් ගත කළා. කෑගල්ලේ ඉඳන් රඹුක්කන ප‍්‍රදේශයට ඔවුන් යන්නේ එයට පස්සේ. එහේ නිල්වක්ක කියන ගමේ හිටි දීප්ති දහනකයි ඒ කටයුත්ත සංවිධානය කළේ. හරියටම වීදි නාට්‍ය සංවිධානය කළ දවසේ ඒ ගමේ සල්පිලකුත් තිබුණා. සල්පිල තිබුණ තැන පාරේ ඔවුනුත් වීදි නාට්‍ය පටන් ගත්තා විතරයි එතන සිටි සියල්ලන්ම වගේ වීදි නාට්‍ය කණ්ඩායම වටා එක්රොක් වුණේ ඇසිල්ලකින්. ටිකක් වෙලා ගියාට පස්සේ වහින්න පටන් ගත්තේ මොර සූරන වැස්සක්. ඒත් හැමෝම වීදි නාට්‍ය වටා හිටියේ හෙලවෙන්නේවත් නැතිව. වැස්ස පෑව්වා. ඒ විතරයි ඔන්න එනවුස්මන්ට් එකක් කරන්න පටන් ගත්තා.

”කොළඹින් හොරු කට්ටියක් ඇවිල්ලා. ඒ අයගෙන් පරිස්සම් වෙන්න...”

එහෙම කිව්වට පස්සේ මේ කණ්ඩායමට දැනුණේ බොහොම දුකක්. ඔවුන් අන්තිමට හොර නාමයකුත් අහගෙන එන්න පිටත් වුණේ බොහොම දුකෙන්. ඒ වුණාට එයට පස්සේ මේ කණ්ඩායමට මුහුණ දෙන්න වුණේ නොහිතුව ඇබැද්දියකට. ඒ කියන්නේ ඔවුන් නවාතැන්ගෙන හිටි නවාතැනට එන්න තිබුණේ පොඩි වාහනයක්. ඒ වාහනයෙන් දෙපාරකට, තුන්පාරකට වගෙයි හිටිය අය අරගෙන ආවේ. ඒත් එකපාරක් ගිය වාහනයට නැවත එන්න කොහැකි වුණා. ඒ වාහනය කැඩුණු නිසා. අන්තිමට සැතපුම් හයකටත් වඩා වැඩි දුරක් ඔවුන් ආවේ පා ගමනින්ම. ”නියම කට්ටක්” සරත් ඇතුළු පිරිසට හිතුණේ ඉබේටම.

මෙහෙම වීදි නාට්‍ය කරන කාලේ ”දිරිය කැදැල්ල” කණ්ඩායම ගියේ අම්පාරට. ඒ කාලයේ ඒ පැත්තේ යුද්ධය තිබුණු කාලයේ. එල්.ටී.ටී.ඊ. කරදර එකදිගට. එහෙම වුණත් ඒ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ”දිරිය කැදැල්ල” කණ්ඩායම අම්පාරට ගියා. එහිදි ඔවුන්ට මුහුණ දෙන්න වුණේ නොසිතුව ගැටලූ‍වකට. එතැන හිටියේ තුන්, හාරදහසකටත් එහා සෙනඟක්. අලි ගැහිල්ලත්, වෙඩි තිවිල්ලත් අතර ඔවුන් එදා හැමෝම වට කරගෙන එළිවනතුරුම වීදි නාට්‍ය රඟපෑවා.

මේ සිදු වීම නම් වුණේ 1999 වසරේ. හරියටම සරත්ට නාට්‍ය උණ හැදිලා තිබුණු කාලය. ඒ අනුව ලැබුණු ඔහුගේ පළමු වේදිකා නාට්‍යය. ”සොල්දාදුවා සහ සඳ එළිය”. ඒකේ ප‍්‍රධාන චරිය කළේ සරත්. ඒ වගේම අනෙක් චරිතය කළේ විනධ්‍යා නරසිංහ. සුනිල් පතිරණයි ඒ නාට්‍යය කළේ. සුනිල් පතිරණ කියන්නේ ඒ කාලයේ බංකු බංකු කියලා හැමෝම හැඳින්වුව රංගන ශිල්පියා. මේ වන විට ජීවතුන් අතර නැති වුණත් ඔහු ඒ කාලයේ පේ‍්‍රක්ෂකයා අතර ජනප‍්‍රිය වෙලා හිටියේ ඒ නාමයෙන්. අවිස්සාවේල්ලේ හිටි ඔහු තමන්ගේ නාට්‍යය පුහුණු වීම් කරන්න නැවතිලා හිටියේ සරත්ගේ ගෙදර. සරත් වගේම සුනිලූ‍ත් නාට්‍යය කළාට ආර්ථික අතින් හිටියේ අන්තිම අඩියේ. එදත් නාට්‍ය පුහුණු වීම් තිබුණේ හවස 6.00 ඉඳන් ? 12 වනතුරු. සුනිල්ගේ අතේ තිබුණේ රුපියල් 30ක් විතර. ? වෙලා යන නළු නිළියන්ගේ ගමන් ගාස්තු විතරක් නොවෙයි කෑම පවා ඔවුන්ට දෙන්න ඕන. අතේ තිබුණු රුපියල් තිහෙන් ඒ හැමදේම කරන්නේ කොහොමද කියලා හිතාගෙනයි සුනිල් සරත් එක්ක හෝමාගමට වෙලා කැරකි කැරකි හිටියේ. මේ අතරයි ඔවුන්ට ප‍්‍රවීණ නාට්‍ය වේදියකු වුණු, දැනට ජීවතුන් අතර නැති සුනිල් චන්ද්‍රසිරිව මුණ ගැහෙන්නේ. ඔහු එතකොට රැුකියාව කළේ බැංකුවේ. ඒ වන විටත් වෙලාව හවස හයට ඇති.

”මල්ලි යමන් පොඩි ඩ‍්‍රින්ක් එකක් ගන්න”

සුනිල් අයියා සුනිල්ට කතා කළා. එතකොටයි සුනිල් ඔහු මැදිවෙලා ඉන්න ප‍්‍රශ්නය ගැන කිව්වේ. සුනිල් අයියා කෙළින්ම තමන්ගේ පර්ස් එක ඇදලා අරගෙන සුනිල් අතට පත් කළේ 500 නෝට්ටුවක්.

”හෙට බොනවා”

සුනිල් චන්ද්‍රසිරි කිව්වේ එපමණයි. යන්න ගියා. එදා දවස ඔවුන් යන්තමට පිරිමහ ගත්තේ එහෙම. ඒත් ඒ ප‍්‍රශ්නයම ඊළඟ දවසෙත් ඔවුන්ගේ පස්සෙන් ම පැන්නුවා. වෙනදා වගේ ඔවුන් දෙන්නා හෝමාගම ටවුමට වෙලා කැරැුකි කැරැුකි හිටියා. ඒ ඉන්න අතරෙදියි සරත්ට ගණදෙවි නුවණ පහළ වුණේ. එතැන තිබුණු බුකියට සුනිල්වත් ඇදන් යන සරත් අතේ සන්තකට තිබුණු රුපියල් හැටෙන් රේස් ඇල්ලූ‍වා. රේස් අල්ලන අතරේ සුනිල්ගේ බැණුම් කෝටියක් සරත්ට.

”තියෙන සල්ලි ටිකත් නැති වුණා. බලපන් උඹ කරපු දේ”

සුනිල්, සරත්ට එහෙම කිව්වත් සරත් හදිසියේම ගත්ත තීරණය හරි ගියා. රුපියල් අටසීයයක් හොයා ගන්න ඔවුන්ට පුළුවන් වුණේ ඒ ආකාරයෙන්. එදා නාට්‍යය පුහුණු වීම් සිදු වුණේ ඒ ආකාරයට.

සරත්ගේ කලා ජීවිතයත් මෙහෙම ගත වුණා. දිනක් හදිසියේ ම සිය සඟයකු වුණු හේපති කුලරත්න සරත්ව එක්කගෙන ගියේ පිළියන්දල නාට්‍ය පුහුණු වන ස්ථානයකට. ඒ ප‍්‍රවීණ නාට්‍යකරු ඩග්ලස් සිරිවර්ධනගේ ”සිහළවංශලා” නාට්‍යය පුහුණු වන ස්ථානය. ජගත් බෙනරගම, අජිත් ලොකුගේ වගේ ප‍්‍රවීණ නළු නිළියන් රැුසක් එතැන සිටියා. උදේ නවය වන විට එතැනට ගිය සරත්ව හේපති අනෙක් අයට හඳුන්වලා දුන්නා. ඔහුට එක තැනකින් වාඩි වෙන්න කිව්ව නිසා සරත් එතැනම වාඩි වෙලා හිටියා. පැයක් ගියා. දෙකක් ගියා. පැය පහක් ගියා. ඒත් සරත්ට නොවෙයි කිසිම කෙනකු කතා කළේ. සරත්ට ඒ වන විටත් එතැනින් යන්න හිතිලයි තිබුණේ. ඒත් ඔහු ඉවසීම ප‍්‍රගුණ කළා. හවස 4.30යි. හෝරා යන්ත‍්‍රයේ වෙලාව සටහන් වුණා. ඔන්න එතකොටම ඩග්ලස් සිරිවර්ධන සරත්ට කතා කළා. නම ඇහුවා. සරත් නම කිව්ව ගමන් ඩග්ලස් සිරිවර්ධනයන් ප‍්‍රති උත්තර දුන්නා. එතැනින් නොනැවතුණු ඔහු සරත්ට ක්ෂණික චරිත නිරූපණයක් දුන්නේ සරත්ගේ දක්ෂතා බලන්න හිතාගෙන. සරත් ඒ චරිතය උපරිමයෙන් කළේ ඒ වන කොටත් වීදි නාට්‍ය නිසා ලැබුණු ආභාසයෙන්. ඩග්ලස් සිරිවර්ධනයන්ට සරත්ගේ රඟපෑම සිතට ඇල්ලූ‍වා. ඔහු සරත්ට තවත් චරිතයක් දුන්නා රඟපාන්න. ඒ රඟපෑමත් සරත් හොඳට කළා. ඒ විදියටයි සරත් ”සිහළවංශලා” නාට්‍යයේ රගපෑමට එකතු වෙන්නේ. සරත්ගේ රඟපෑම ගැන කොයිතරම් පැහැදුණා ද කිව්වොත් අවසානයේ ඔහු ඒ නාට්‍යයේ චරිත දෙකක්ම රඟපෑවා. ඔහුගේ රඟපෑම ගැන පැහැදුණු අජිත් ලොකුගේ සරත්ව එක්ක ගෙන ගියේ මනෝරත්නයන් ළඟට. ඒ කාලයේ මනෝරත්න ”මිනිස්සු” නමින් ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් කරමිනුයි හිටියේ. ඔහු සරත්ව ඒ නිර්මාණයත් සහභාගි වුණා. ඒ විතරක් නොවෙයි, ”සිහළවංශලා” නැරැුඹුව ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයකු වුණු බර්ට‍්‍රම් නිහාල් ඔහුගේ ”රාජභවන” ටෙලිනාට්‍යයට සරත්ව සහභාගි කරගන්නේ. මේ ආව ගමන වඩාත් සරත්ට අර්ථවත් වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැතුවුණු කාලයේ. ඔහු එහි තිබුණු නාට්‍ය තුනකටම රඟපෑමෙන් ඉදිරිපත් වුණා. මහේෂ් කුමාරගේිගෙවන්නැත්තන් බම්බු ගහන්න ද?’, සුනිල් චන්ද්‍රසිරිගේ ”සමාවෙන්න වැරැුදීමක්”, රාජිතදිසානායගේ ”වීරයා මැරිලා”. ඒ උලෙළ සරත්ගේ ජීවිතයේ අමතක නොවන මතකයක් සටහන් කළා. ඒ හොඳම නළුවා හා සහය නළුවා විදියට සම්මාන ලැබීම.

මේ මොන දේ ලැබුණත් ඔහු චිත‍්‍රපටවලට සහභාගි වුණු විදියත් කියලයි කතාව නැවැත්තුවේ. ඔහුගේ යහළුවා වුණු ජයන්ත අමරසිංහ ඔහුව එක්කගෙන ගියේ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු ළඟට. ඒත් ඔවුන්ට සරත්ව ඒ චරිතයට හරි ගියේ නැහැ.

”මෙයාට රඟපාන්න බැහැ. මෙයා මේකට හරියන්නේ නැහැ.”

එහෙම කිව්වේ එහි සිටි නිෂ්පාදන කණ්ඩායමේ කිහිපදෙනෙක්. හිතට දුකක් දැනුණත් සරත් ආපසු ගෙදර ඇවිත් ජයන්තට දුරකථන ඇමතුමක් දුන්නා.

” ඕවා ගණන් ගන්න එපා. අන්න පලයන් නුගේගොඩ තියෙනවා චිත‍්‍රපටයක් තෝරන පරීක්ෂණයකට. හරියටම 10 ට එතැන ඉන්න ඕන.”

එයට පස්සේ දවසේ සරත් නුගෝගොඩ ප‍්‍රදේශයට ගියා විතරයි මොරසූරන වැස්සක් වහින්න පටන් ගත්තා. 10 ට තියන්නේ තව විනාඩි 05ක් වගේ කාලයක්. සරත් කිව්ව ස්ථානයට ගියේ වැස්සේම තෙමි තෙමී. එතැන හිටියේ ලින්ටන් සේමගේ.

”මම හෙව්ව චරිතයට නියම මිනිහා උඹ තමයි”

ලින්ටන් සේමගේ කිව්වේ හිනාවෙවී. ඒ විදියටයි සරත් කොතලාවල ”පාදඩයා” චිත‍්‍රපටයේ රඟපාන්නේ. සරත් අද ඉන්න ගමනේ ආරම්භය සැකසුණේ එහෙමයි.