සර් ඩී. බීට කඳුළු ගෙනා ගෞතම ශ්‍රී පාද වඳිම්

ජනවාරි 9, 2020

වර්ෂ 1942 දී පමණ කොළඹ ආනන්ද ශාස්ත්‍රශාලවෙහි පැවැති එක්තරා සම්භාෂණයකදී , එවකට ජනප්‍රියම තරුණ ග්‍රැමෝෆෝන් ගායකයා මෙන්ම සුප්‍රසිද්ධ මැන්ඩලීන් වාදකයෙක් වූ, ඇම්.කේ.වින්සන්ට් මහතා විසින් ගායනා කරන ලද “ගෞතම සිරි පාද වදිම්“ සහ වින්සන්ට් මහතා, ලීලාවතී සහ අනුලාවතී ගායිකාවන් සමගින් ගැයූ “ශ්‍රී සෙත් සාදයි මොක්ෂපුරේ” යන ගීත යුගලය අසා, එම සම්භාෂණයේ මුලසුන දැරූ , එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභික ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතා කඳුළු සලා “වින්සන්ට් ඔබ මා හැඬේව්වා නොවේ ද?” යනුවෙන් පැවසු බවක් වරෙක ඇම්. කේ. වින්සන්ට් ශිල්පියාණන් ඔහුගේ විසින් ගුවන්විදුලි සාකච්ජාවකදී පවසන ලදී . එකී “ගෞතම සිරි පාද වදිම්” නම් වූ අතිශය ජනප්‍රිය වූ ග්‍රැමොෆෝන් ගීතයේ ඉතිහාසය , එම ගීතයට උපයෝගී කරගත් තනුව ආදී කරුණු පිළිබඳ මෙම ලිපියෙන් ගෙනහැර පාන්නෙමි.

 

ගෞතම ශ්‍රී පාද වදිමු සමනළ කන්දේ
අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ
කල්‍යාණ පුරේ නා කැළ සිරි ධර්මෙන පහදා
ආකාස කුසේ වැඩ සිටි මුණී රාජා තෙදිනා

 

බුදු රශ්මි විදා ප්‍රාතිහාර්ය පෑ සඳ පානේ
තුන් ලෝ හිමි මුණි පාද වදිමු පතමින මෝක්ෂේ
අමර සිරිධර මෝක්ෂේ

සිරි ගෞතම ශ්‍රී පාද වදිමු සමනළ කන්දේ
අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ
තුම් ගුණැති සමන් දෙවියන් සිතු සේම තිලෝනා
සිරි පාද තබා ඉඳුනිල්මිණ මුදුනේ එදිනා

ලෝ වාසි ජනන් සාදු නදින පූජා පානා
ත්‍රලෝ හිමි පාද වදිමු නිවන් පතාලා
සිරි නිවන් පතාලා
සිරි ගෞතම ශ්‍රී පාද වදිමු සමනළ කන්දේ
අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ

 

අප තිලෝගුරු සම්මාසම්බුදු රජාණන්වහන්සේ මණි අක්ඛික නාරජුගේ ඇරයුමින් කැළණි පුරවරයට වැඩම කොට එහි වූ නාග කැළ ශ්‍රී සද්ධර්මයෙන් පහදවා , සුමන් සමන් දිව්‍යරාජයාගේ ඇරයුමින් සමන්තකූට පර්වත මස්තකයට වැඩම කොට, එහි සිරිපා සලකුණ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුවත මෙම ගීතයෙන් විස්තර කෙරෙයි. මෙම ගීතය රචනා කළේ, එවකට සුප්‍රකට ගේය පද රචකයෙකු වූ, සී .වීරසේකර මහතා ය. 1939 සිට 1945 දක්වා මෙරට තිබු ප්‍රධාන ග්‍රැමොෆෝන් ගීත තැටි සමාගම් දෙක වූ ඩ්ර්ඍ සහ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ තැටි සමාගම් දෙකෙහිම ගීත ගීත රචකයෙකු ලෙස මෙතුමා කටයුතු කළේ ය. මෙම ගීතය සංගීතවත් කළේ එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ය. 1940 වර්ෂයේ ඩ්ර්ඍ තැටි අංක ව් 13006 අංකය යටතේ මෙම ගීතය තැටිගත කෙරුණි. හින්දුස්ථානි සංගීතයේ බිලාවල් රාගයට අනුව ගැයෙන මෙම ගීතයේ තාල දෙකක් භාවිත කොට ඇත. මුල් කොටස ත්‍රිතාල් තාලයට අයත් වන අතර, අනතුරුව එය 6/8 ඛේම්ටෝ තාලයට විසර්පණය වෙමින් ගායනය සිදු වෙයි.

ගීතය ගායනා කළ ඇම්.කේ.වින්සන්ට් මහතා එවකට (1939-47) ඩ්ර්ඍ සමාගමේ සිටි ජනප්‍රියම තරුණ ගායකයා ය. වාද්‍ය ශිල්පියෙකුද වූ එතුමා රූපසිංහ මාස්ටර් ගේ සහ බී. එඩී ද සිල්වා මාස්ටර් ගේ සංගීත කණ්ඩායම්හි සිටි නිත්‍ය මැන්ඩලීන් වාදකයෙකු ද වූයේ ය. කොළඹ කොම්පඤ්ඤවීදියේ උපත ලද මෙතුමා කොළඹ ශාන්ත ජෝසප්, වෙස්ලි සහ නාලන්දා විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා, එතුමාගේ මස්සිනා වූ, ජී .ඇෆ් කාමන් මහතාගෙන් සර්පිනා වාදනය ප්‍රගුණ කළේ ය. වර්ෂ 1939 දී පළමුවරට ඩ්ර්ඍ සමාගමට බැඳුනු එතුමා, රූපසිංහ මාස්ටර් ගේ සංගීතය ට යුග ගී දෙකක් පර්ල් වාසුදේවී ගායිකාව සමගින් පටිගත කළේ ය. “පෙම් ගී” (ඹ්ර්‍ණඍඡ් ඉර්‍ණව්ට්ඉ) උධෘතය යටතේ ව් 9305 තැටි අංකය යෙන් නිකුත් වුණු මෙම ගීත යුග්මයට (“පිපි කුසුම සේ“ සහ “සිරි ඔබගේ වත”) ලැබුණු ශ්‍රාවකප්‍රසාදය නිසා ම, ඩ්ර්ඍ සමාගම විසින් එතුමාට රුපියල් හයසියයක මූල්‍යමය පරිත්‍යාගයක් ද කෙරුණි. වාසුදේවි-වින්සන්ට් යුවළ විසින් තවත් පෙම් ගී ගොන්නක් ම එම වකවානුවේ ම පටිගත කරන ලදී. “ අඹරේ දිලෙනා”, “පානු ආලේ මාවෙත ප්‍රේමී“, “ ප්‍රේම ලතා වේ සුපිපි මාලා”, “රම්‍ය ශ්‍රීනි කුසුමන් බෝ සුගන්ධා” ඒ අතර වෙත්. වින්සන්ට් මහතා විසින්ම පදරචනා කොට ගායනා කළ “ ශ්‍රී මුනිඳා නමදිමු දැන්” ගීතය එවකට අතිශය ජනප්‍රිය වූ අතර එතුමාගේ ජනප්‍රියභාවය දෙගුණ තෙගුණ කිරීමට සමර්ථ වූ ගීතයක් විය. “තෙදිනි දිනිඳු සේ”, “ ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ” ( ලීලාවතී සහ අනුලාවතී සමග) , “ශ්‍රී රෝහණ පුර“, “අති ජය සිරිමහ බෝධි මණ්ඩලේ”, “තම මිතුරන්ගේ”, “සංසාර සාගරේ දුක් බෝ වේ”, “ ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ” (අනුලාවතී සමග),”ප්‍රේමී මගේ ප්‍රේම හිමි මාගේ” (අනුලාවතී සමග), “ප්‍රේම භරිත නාරී“ (අනුලාවතී සමග), “දළදා ස්වාමි” (අනුලාවතී සමග), “වන්දනාවේ යමු පේවීලා”( නිර්මලා සමග), “ චන්ද්‍රාගේ රැස් වැද ප්‍රබෝධ වෙන්නා” (නිර්මලා සමග), “සුළඟ වැදේ ගිමන නිවේ” යනාදී ගීත පණහකට අධික සංඛ්‍යාවක් ග්‍රැමොෆෝන් ගීත තැටි වෙනුවෙන් වින්සන්ට් මහතා විසින් ගායනා කරන ලදී.

උක්ත “සිරි ගෞතම ශ්‍රී පාද” ගීතයට පාදක වුණු මුල් උර්දු ගීත තනුව පංජාබි ජනගී ඇසුරින් නිර්මාණය කරන ලද්දේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂක මාස්ටර් ඝුලාම් හෛදර් විසිනි. එය “නාත්”(ව්චඟචබ) යන ශෛලීයෙන් ගායනා කරනු ලැබූ ගීතයකි. “නාත්”(ව්චඟචබ) ගායනා යනු, ඉස්ලාම් ආගමේ වක්තෘ මොහොම්මද් නබි නායක තුමන් වෙත ගායනා කරනු ලබන ප්‍රශස්ති කව් ගී විශේෂයකි. උර්දු, බෙංගාලි, පංජාබි හෝ පාර්සි බසින් ගයන මෙම ගීත, ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානයේ ප්‍රසිද්ධ ගායනා විශේෂයකි. මෙම මුල් ගීතය ගායන කරන ලද්දේ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකා ශම්ෂාද් බේගම් විසින් 1935 වසරේ දී ය. බොම්බායේ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකාවක වීමට පෙරාතුව ලාහෝරයේ ජනප්‍රිය ග්‍රැමොෆෝන් සහ ගුවන්විදුලි ගායිකාවක වූ ශම්ෂාද් බේගම් මුලින්ම පටිගත කළ ගීත අතලොස්ස අතුරින් මෙම ගීතය ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම ගීතය නිකුත් වූයේ “බ්ධ්ඡ්ව් -ර්‍ණඣීර්‍ථඩ්ර්‍ණව්ඡ් අඡ්ඛ්ර්‍ණඅච්ඉ” නම් වූ ලාහෝරයේ බ්චදඬඪ ව්චඪථ ම්භථචප ) ඕපධබඩඥපඵ සමාගම විසින් (ඩ්ර්ඍ සමාගම සමගින් සම්බන්ධ වී) නිකුත් කරන ලද විශේෂිත තැටි ලේබලයකිනි. 1935 වසරේ නිකුත් කළ මෙම ගීත තැටිය බ්ර්‍ථ 862 යන අංකයෙන් නිකුත් විය. 1935-42 කාලවකවානුව තුළ ලාහෝරයේ නිෂ්පාදිත බොහොමයක් චිත්‍රපට සහ චිත්‍රපට නොවන ගීත නිකුත් වුයේ මෙම බ්ධ්ඡ්ව් -ර්‍ණඣීර්‍ථඩ්ර්‍ණව්ඡ් ලේබලයෙනි. නූර්න්ජෙහාන්, උම්රාඕ (ල)සියා බේගම්, ශම්ෂාද් බේගම්, (ල)සීනාත් බේගම් ආදී එවකට ජනප්‍රිය ගායිකාවන් ගේ ගීත රැසක් නිකුත් වූයේ මෙම තැටි ලේබලයෙනි.

මෙම ගීත තනුවේ අඩංගු ජනප්‍රිය භාවය නිසාවෙන් ම වර්ෂ 1937 දී පූනාහි “ප්‍රභාත් පික්චර්ස්” වෙනුවෙන් වී.ශාන්තාරාම් අධ්‍යක්ෂණය කළ මරාති සහ හින්දි භාෂා ද්වයෙන්ම වෙන වෙනම නිපදවූ “දුනියා -නා- මානේ“(හින්දි) නොහොත් “කුන්කු” (මරාති) චිත්‍රපට සඳහා මෙම ගීත තනුව ඇතුළත් විය. මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ගත් චිත්‍රපටයකි. ඉන්දියානු සමාජයේ එවකට පැවැති, තරුණ කාන්තාවන්, ධනවත්, වැඩිමහල් කණවැන්දුම් පුරුෂන් වෙත ආවාහ කර දීමේ සිරිත විවේචනයට ලක් කරමින් මෙම චිත්‍රපටය ශාන්තාරාම් විසින් අධ්‍යක්ෂණය කළේ ය. එසේම වැනීසියේ සිනමා උළෙලක් නියෝජනය කළ ඉන්දීය චිත්‍රපටයක වන මෙහි ශාන්තා ආප්ටේ විසින් ගායනා කරන ඩ්ඥදපර එචඤඵඹධපබඩ ඹ්ධදඨටඥතතධඹ කවියාගේ කවියක් වූ, “ඪද බඩඥ ඹධපතඤ'ඵ ඡපධචඤ ටඪඥතඤ ධට ඡචබබතඥ” ගීතය, මුල්වරට ඉන්දියානු චිත්‍රපටයකට අන්තර්ගත වූ ඉංගිරිසි ගීත ය ද වෙයි . කෙසේ වෙතත්, ඉහත දැක්වූ “ගෞතම සිරිපාද වඳීම්“ තනුව රැගත් මෙම හින්දි සහ මරාති ගීත දෙකම මෙම චිත්‍රපටය වෙනුවෙන් ගැයුවේ ළමා නළු -ගායක මාස්ටර් “පර්ශුරාම්” විසිනි. සංගීතය කෙශ්ව්රාඕ භෝලේ විසිනි. ගීත තැටි ඩ්ර්ඍ ලේබලයෙන් ( අංක ව් 15619) නිකුත් වුණි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉතා දිළිඳු පවුලක උපත ලද පර්ශුරාම් ලක්ෂ්මන් සොන්නිස් , සිය ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමටත් මත්තෙන් බොම්බායට පැමිණ පළමුව රන්ජිත් මූවිටෝන් සමාගමට සම්බන්ධ වීමට උත්සාහ දරුව ද එය ව්‍යර්ථ වන්නේ ය. පසුව ඔහුගේ දක්ෂතා හදුනාගත් අධ්‍යක්ෂක ශාන්තාරාම් ඔහු ළමා නළුවෙකු ලෙස මෙම දුනියා-නා -මානේ (1937) චිත්‍රපටය වෙනුවෙන් බඳවා ගන්නේ ය. “මන සාෆ් තෙරා” නම් වූ මෙම ගීතයෙන් ඔහු ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම පැමිණෙන්නේ ය. අනතුරුව, එම සමාගමේ ම ගෝපාල් ක්‍රිෂ්ණා (1938), ආද්මී (1940) චිත්‍රපට වලින් ඔහු ජනප්‍රියත්වයට පත්වන්නේ ය. කෙසේ වෙතත් ඔහුගේ අවසානය ඉතා ඛේදනීය ය. බෝම්බය නගරයේ ම යාචකයෙකු ව ඔහු 1978 වසරේදී දී මිය යන්නේ ය.

“ගෞතම සිරිපාද වදිම්” ගීතයේ තනුවටම තවත් හින්දි ගීතයක් 1937 වර්ෂයේ ඉන්දියාවේ නිෂ්පාදිත අඡ්ට්ඒඹ් නම් ග්‍රැමොෆෝන් තැටි ලේබලයෙන් නිකුත් වන්නේ ය. බ්‍රිතාන්‍යයේ අඡ්ට්ඒඹ් ලේබලයේ ඒජන්තවරුන් සමගින් ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදිත මෙම තැටි ලේබලය 1935-1940 වකවානුවෙහි ප්‍රචලිත වන්නේ ය. අඹ් 309 තැටි අංකය යටතේ දිල්ලි නගරයේ (ල)සකැරියා බායී (ඛඒම්ඒඅධ්ඒ ඕඒධ්) නම් ගායිකාව විසින් ගායනා කරන ලද නාත් ගීතයක් වන මෙහි සංගීත නිර්මාණය හෝ ගීත රචකයා පිළිබඳ කිසිඳු සටහනක් නොමැත. (ල)සකැරියා බායී නමැති ගායිකාව පිළිබඳ තොරතුරු ද අප්‍රකට ය.

නැවතත් මෙම ජනප්‍රිය ගීත තනුව 1939 වසරේ තිරගත වූ දමිළ චිත්‍රපටයක් වූ, (අධිර්ෂ්ටම්) චිත්‍රපටය වෙනුවෙන් තඟුතුරි සුර්යකුමාරි නිළි ගායිකාව විසින් ගායනා කළ ගීතයකි. ගීතයේ සංගීතය ශර්මා සොහොයුරන් විසිනි. නිෂ්පාදනය සහ ගීත රචනය සහ සංගීතය ඇස්.ටී.ඇස් (සුකු) යෝගාර් මාස්ටර් විසිනි. සුර්යකුමාරි එවකට සිටි ජනප්‍රියම දමිළ සහ තෙළගු නිළි ගායිකාවක වූවාය. මෙම ගීතය නිකුත් වූයේ ර්‍ණච්ඡ්ර්‍ණව් තැටි ලේබලයෙනි (අංක ඛ්ඒ 1176). එම තැටි බෙදාහරින්නන් වූයේ මදුරාසියේ සරස්වතී ස්ටෝර්ස් සමාගමය. ලංකාවේ එහි ඒජන්තවරුන් ලෙස කටයුතු කළේ මිලර්ස් සමාගමයි. මෙම දමිළ ගීතය එවකට ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය ගීතයක් වූ බැවින්, හින්දි , මරාති සහ උර්දු ගීත වලට වඩා මෙම දමිළ ගීතයේ ආභාසය සිංහල ගීතයට ලැබුණු බවක් පෙනේ.

සංගීතය විශ්ව භාෂාවකි. එයට ආගම්, ජාති,ගෝත්‍ර භේද නොමැත. ලොව ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයේ ගීතයක් රසවිඳීය හැක්කේ සංගීතයෙහි ඇති විශ්වීය ගුණය නිසාමය. ඉහත ගීත තනුවේ ඇති සර්වකාලීන, විශ්වීය ගුණය නිසාම එයින් නිෂ්පන්න වූ, හින්දි, උර්දු, දමිළ, මරාති සහ සිංහල ගීතයන් එකී භාෂාවන්ගේ ශ්‍රාවක කුලකයන් යුග-යුග සන්තර්පණය කිරීමට සමත් විය. දශක අටකට ආසන්න කාලයක් ගෙවී ඇතත්, එකී ගායනා අදටත්, මතු පරපුරටත්, එක ලෙස රසවිඳීය හැක්කේ එබැවිනි. මෙම ගීතනු නිර්මාපකයන්, සංගීතවේදීන් සහ මුල් ගීත ගායනා කළ සියලුම ගායක ගායිකාවන්ට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තුතිය :

සිංහල ගීත තැටිය මා හට තිළිණ කළ වෛද්‍ය රසිත පෙරේරා මහතා, උර්දු ගීත තැටි ලබාදුන් පකිස්තානු ජාතික මුහම්මද් ඉමිතියාස් මහතා, දමිළ ගීත තැටිය සහ ගීත පොත මා හට ලබාදුන් සුරේෂ් චන්ද්‍රවන්කර් මහතා, සිංහල ගීතයේ රාග තාල පිළිබඳ දැනුම්වත් කළ විශාරද රෝහණ ධර්මකීර්ති මහතා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.